(මනෝප්රිය ගුණසේකර)
කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පාස්කුදා දේව මෙහෙය සිදුකරන අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් සමඟ මුළු දේවස්ථානයම දුමෙන් වැසී ගිය බව පැවසු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දේව මෙහෙය පවත්වමින් සිටි ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා දැඩි හැඟුම්බරවීම හේතූවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි විය.
මෙම සිදුවීමෙන් කීදෙනකු පමණ මියගියා ද යනුවෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා විමසු අවස්ථාවේදී එම සිද්ධිය යළි පියතුමාට මතක් නොකරන ලෙස විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය අමතමින් යම් පුද්ගලයකු අමතක කිරීමට උත්සහ කරන වේදනාත්මක සිද්ධීන් යළි මතක් කිරීමේ තේරුමක් නොමැති බව පෙන්වා දුන්නේය.
කතෝලිකයන්ගේ උතුම් මංගලයක් වන පාස්කුදා කතෝලික දේවස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිසියේ හෝ කිසිම ආරක්ෂක අංශ නිලධාරියකු තමන්ට හෝ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් උතුමාණන්ට දැනුම් නොදුන් බව අවධාරණය කළ ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා මෙම සිද්ධිය වන විට දේවස්ථානය තුළ බැතිිමතුන් 800ත් 1000ත් අතර පිරිසක්ද දේවස්ථානයෙන් පිටත තවත් පිරිසක්ද සිටි බව පැවසීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමාගෙන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘අමතක කළ වේදනාත්මක මතකයක් යළි මතක් කරන්න එපා‘‘- විනිසුරු මඩුල්ල
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 December 2021 03:26 PM
අනේ දෙවියනේ මේ තරම් අමානුෂික ප්‍රහාරයක් කලින් තොරතුරු තිබියදීත් වළකා නොගත් අයට නිසි දඬුවම් ලැබේවා!
Bamunuarachchi Tuesday, 14 December 2021 05:03 PM
ඔය එක එපිසෝඩ් එකක් පමණයි තව අනාගතේ සිද්ද වේවි.
de silva Tuesday, 14 December 2021 05:09 PM
ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල අයට දඩුවම් ලැබිය යුතුයි
ජගත් ලියනගේ Tuesday, 14 December 2021 11:08 PM
මොනතරම් පාපතර ක්‍රියාවක්ද, දෙවියනේ මේ කට්ටිය එකතුවෙලා කරල තියෙන්නේ? බලයට තියන කෑදරකමට...
Bunny Preena Wednesday, 15 December 2021 09:16 AM
ඔය වගකීම් විරහිතව වැඩ කළාය කියන කට්ටියට දඬුවම් දෙන්න