(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්‍ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ.
‘දේශීය ජ්‍යෙෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ඩිල්ෂාන් මුණවීර, රොෂේන් සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අෂාන් ප්‍රියංජන්, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයෝ එම සංචිතයේ සිටිති.
ඉන්දියාවට එරෙහිව මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි කිරීමට මෙසේ සංචිත ගතකරන බව එම ක්‍රීඩකයන්ට පවසා ඇති බව වාර්තා වේ.
මෙම සංචිතයට අමතරව ‘දේශීය කනිෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලේ පුහුණු සැසියකට සහභාගි වී සිටිති.
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි
ජගත් ලියනගේ Friday, 02 July 2021 08:28 AM
ඒක හොඳයි. කවුරු ගැහුවත් එකම ප්‍රතිඵලය නේ. හැබැයි ඔය කට්ටිය අනිවාර්යයෙන් ඕක අත්සන් කරනවා. නිකං දැන ගන්න අහන්නේ. අර තුන් දෙනත් ඕක අත්සන් කරනවාද?
Krishan Friday, 02 July 2021 08:35 AM
පිස්සු වැඩ කරන ක්‍රිඩකයන්ට මොන ගෙවිම්ද ?දක්ෂතා දක්වලා ඉල්ලනන ඔනි
Ruhunu Friday, 02 July 2021 09:53 AM
ඔය එක්කම ක්‍රීඩා ඇමතිත් අයින් කරොත් හොදයි නේද?
කුසුම් දල්පදාදු Friday, 02 July 2021 10:01 AM
ඔන්න ඔහොමයි කොන්දක් ඇතිව වැඩ කරනවා කියන්නේ. රට ගැන, තමන්ගේ වගකීම ගැන නොසිතා සල්ලි ගැන පමණක් සිතා වැඩ කරන ඔළුව උදුම්මවාගෙන අයට පාඩමක් ඉගැන්විය යුතුයි. තරුණ කණ්ඩායමක් එක්ක අපි ටික කාලයක් පැරදුනත් කමක් නැහැ.
මහසෙන් Friday, 02 July 2021 12:09 PM
දැන් නම් කොහොමත් එකයි කවුරු ගැහැවුවත්
Sk Friday, 02 July 2021 12:52 PM
මණ්ඩලේ කචල්... ප්‍රශ්න ගොඩයි.. කවදා ගොඩඒවිද ක්‍රිකට්..?
Lalith m Friday, 02 July 2021 07:44 PM
සෑම අතින්ම ජරාජීර්ණ වූ පරාජයෙන් අවමානයට ලක් වී ඇති කණ්ඩායම ඉදිරියේ දී පරාජයෙන් වළකින්න බෑ. කොහොමත් පැරදුනාට කමක් නැහැ කියලා හිත හදාගෙන ඔය කණ්ඩායම දමලා තරඟ කරලා බලමු.
Prabha Friday, 02 July 2021 09:21 PM
ඉන්දියාව එවන්නෙත් අමතර කණ්ඩායමක් නිසා මේ කණ්ඩායම දාලා ගහන්න තියෙන්නේ