(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මරණ අඩු කර ගැනීම සඳහාත් කොවිඩ් හමුවේ රටේ මතුවී ඇති ආර්ථික පසුබෑම සමනය කර ගැනීම සඳහාත් මධ්‍යසාර සහ දුම්කොළ සඳහා වන බදු මුදල් වහාම වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
එම මහා සභාව මෙම ඉල්ලීම කරන්නේ එහි සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන්ගේ සහ ලේකම් නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියක් මගිනි.
මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන සඳහා අයකරනු ලබන බදු මුදල් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු මෙතෙක් කිසිදු ආකාරයකින් වැඩි කිරීමක් කර නැති බවත් දුම්කොළ හා මද්‍යසාරවල බදු මුදල් අවසන් වරට ඉහළ දමා ඇත්තේ මීට වසර දෙකකට පෙර බවත් එම සංගමය සඳහන් කරයි.
රට මේ මොහොතේ මුහුණ දී ඇති අර්බුද රැසකටම මද්‍යසාර හා දුම් කොළ සඳහා වන බදු මුදල් වැඩි කිරීමෙන් සහනදායි පිළිතුරක් ලැබෙන බව විද්වතුන්ගේ මතය යැයි එම ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව මෙම සත්‍යතාව විද්‍යාත්මක පරීක්ෂණ මඟින්ද සනාථවී ඇතැයි පවසයි.
දුම්කොළ සහ මත්පැන්වලින් ලැබෙන බදු මුදල් ඉහළ දැමීමෙන් රජයේ සමස්ත බදු ආදායම ඉහළ යන අතරම දුම්කොළ සහ මත්පැන්වල මිය ඉහළ යෑමෙන් ඒවා භාවිතයද අඩුවීම නිසා ලොකු ප්‍රතිලාභයක් අත්වන බව එම සංගමය පෙන්වා දෙයි.
මධ්‍යසාර භාවිතය සහ දුම්පානය සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල කරන හෙයින් කොරෝනා ව්‍යාප්තියටද එය ප්‍රබල හේතුවක් බව අමද්‍යප මහ සභාව ප්‍රකාශ කරයි.
මත්පැන් හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදන සඳහා බදු මුදල් ගණනය කිරීම සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බවත් බදු මුදල් අයකර ගැනීමේ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඇරැඹීය යුතු බවත් එම සභාව මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාට වැඩිදුරටත් යෝජනා කරයි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමද්‍යප මහ සභාවෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක්
සරකානි Wednesday, 29 September 2021 03:36 PM
ප්‍රායෝගික වෙන්නේ නැහැ ඔය අදහස්...
Nimal Wednesday, 29 September 2021 03:52 PM
ආර්ථිකය සමනය කරන්නේ කොහොමද ඔය වැඩේ කරලා...? හැම කෙනෙක්ම බලන්නේ පොඩි මිනිහට කෙළින්නනේ.. මේවා අනුවණ අදහස්.. මාධ්‍ය සංදර්ශන එපා කියලා කට්ටියක් කියද්දී මේ ගොල්ලෝ ගණන් වැඩි කරන්නලු. කාටද මේ විහිළු සපයන්නේ...
යෝගා Wednesday, 29 September 2021 05:34 PM
එක එක සංගම් අටවාගෙන හැමෝම රට පාලනය කරන්න හදන එකත් මේ රටට වැදිලා තියෙන හෙනයක්.
Bamunuarachchi Wednesday, 29 September 2021 08:19 PM
මේ යෝජනා කසිප්පු මුදලාලිගෙන් වෙන්න ඇති...!!!
Bamunuarachchi Wednesday, 29 September 2021 08:21 PM
ගණන් වැඩි වුණොත් මම ගෙදර පෙරා ගන්නවා... මොකද ඕක රොකට් සයන්ස් එකක් නොවෙයිනේ.