IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


අමනුෂ්‍ය දෝෂ දුරුකරන්න වේවැලකින් පහරදීමෙන් දැරියක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මීගහවත්ත  කඳුබොඩ ප්‍රදේශයේ  නව හැවිරිදි දැරියකට  සිහිසුන් වනතුරු වේවැලකින් පහර දී මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අසල්වාසී කාන්තාවක්  මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
අමනුස්ස දෝෂයකින් පෙළුණු බව කියන දැරියව ඇයගේ මව විසින්  ප්‍රතිකාර සඳහා  සැකකාර කාන්තාව වෙත රැගෙන ගොස් ඇති අතර ඇය තෙල් සාත්තුවක් කිරීමෙන් පසුව වේවැලකින් දැරියට සිහිසුන් වනතුරු  පහරදී ඇති බව  මූලික විමර්ශනයේ දී හෙළි වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.   

අනතුරුව දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (25)

අමනුෂ්‍ය දෝෂ දුරුකරන්න වේවැලකින් පහරදීමෙන් දැරියක් මරුට

sachith Sunday, 28 February 2021 06:06 AM

මිනිස්සු මෙච්චර මේවා පිළිගන්නවා නම් වෛද්‍ය විද්‍යාලවල උගන්නන්න තියෙන්නේ මේවා..!!!

:       4       56

ගගන Sunday, 28 February 2021 06:41 AM

කරුමෙට ඒ දියණිය මෙවන් මවකට දාව උපත ලබලා.. දැන් ඉතින් අම්මාටත් සිහිසුන් වෙනකම්ම පහර දෙන්නයි තියෙන්නේ..

:       4       57

rocky Sunday, 28 February 2021 06:45 AM

මේ යකදුරු යක්ෂණියවත්, දරුවාගේ දෙමව්පියන්වත් මැරිය යුතුයි...!!! මෙවැනි කාලකණ්ණින් මේ සමාජයෙන් තුරන් කළ යුතුයි...!!! 

:       4       47

fairoos Sunday, 28 February 2021 07:19 AM

පවිත්‍රා නෝනගේ ගෝලයෙක්වත්ද? අනේ පව් අහිංසක ළමයා..

:       35       37

Raveendra Sunday, 28 February 2021 07:23 AM

රටේ නායකයින් මිථ්‍යාව පසුපස දුවමින් එයම සමාජගත කරන කාලෙක මෙහෙම දේවල් නොවුණොත් තමයි පුදුම වෙන්න ඕනේ. කොරෝනා මුට්ටි, කාලි පැණි, රතු නූල්, වශී බෝල මේ වගේ තව ඕනෑතරම් දේවල් කියන්න පුලුවන්...

:       6       94

පිටිගල මිලානෝ Sunday, 28 February 2021 10:38 AM

කාට බැන්නත් කමක් නැහැ... අනුරාධපුර නානා අක්කාට එහෙම බනිනවා නෙවෙයි.

:       5       34

senaSunday, 28 February 2021 02:28 PM

කියලා වැඩක් නැහැ. මේවට මේ රටේ පාලකයින් සහ මිථ්‍යාව වපුරන අය වගකිව යුතුයි.

:       0       4

Rata Perata Sunday, 28 February 2021 08:20 AM

ඥාණා අක්කාගෙන් උපදෙස් ගන්න නායකයෙක් ඉන්න, වශී බෝතල් ගුලිකරගෙන ඉන්න, මුට්ටි මුහුදට දාන, පට්ටපල් මෝඩයින් ඉන්න රටක, මේවා ගැන කවර කතාද? මුලු රටම ගොබ්බයෝ ටිකක් කරලා.. රටත් විකුණන්නයි මේ දේශපාලකයින්ගේ වෑයම...

:       4       59

janabala asamagiMonday, 01 March 2021 05:11 AM

ඔයත් හොරෙන් හොරෙන් මල්, පහන් පුදපූජා කරනවා නේද? මිනිසා සත්‍යයට වඩා විශ්වාසය තහවුරු කරනවා... ‘‘ලෙනින්‘‘ එහෙම කිව්වා.

:       5       0

tikira Sunday, 28 February 2021 09:19 AM

සමහර ටෙලි නාට්‍යවලින් කරන්නෙත් මෙවැනි මිථ්‍යා මත සමාජගත කිරීමයි.

:       5       36

beau Sunday, 28 February 2021 10:48 AM

මේ වගේ අමනුෂ්‍ය මිථ්‍යා විශ්වාස තියෙනවා මුස්ලිම් ජනතාව අතර.. සම්පූර්ණ විස්තර නැහැ වගේ ... කවුද මේ ම්ලේච්ඡ වැඩේ කළේ කියලා...?

:       9       22

Hafeel Monday, 01 March 2021 08:48 AM

මුස්ලිම් ප්‍රජාවේ සේරම මේවා විශ්වාස කරන්නේ නැහැ. අර නිතරම කියන පාරම්පරික මුස්ලීම් කියන අය තමයි මේ වගේ මෝඩ අදහස් පිළිපදින්නේ... ඉස්ලාම් ආගමේ කොතනකවත් කියලා නැහැ මේ මෝඩ වැඩ.

:       2       5

නන්නාදුනන හාදයා Monday, 01 March 2021 10:06 AM

මුස්ලිම් අය වගේම දෙමළ, සිංහල අය අතරේ මිත්‍යා විශ්වාස වැඩියි. ගස්ගල් වලට වඳින, බෝ ගස් වලට සිවුරු ඔතන, වතුරට මුට්ටි දමන, ඇඟේ හැමතැනම මාල, පැළඳගෙන ඉන්න, අනුරාධපුරය ඉස්සරහ දණගහගෙන යන ගෝත්‍රික පාලකයින් ඉන්න දූපතක මොන කතාද?

:       2       0

parakkramaMonday, 01 March 2021 03:31 PM

නන්නාඳුනන හාදයාට තේරුම් ගිහින් නැහැනේ. මේවා බයියන් මුලා කරගන්න කරන බොරු මායම් වැඩ කියලා..

:       1       0

Mohammed Sunday, 28 February 2021 12:48 PM

කණගාටුයි කියන්න මේක වුනේ අපේ ළමයෙකුට? මේක කරේ අසල්වැසි කාන්තාවක්. ඇය දැනට අත්අඩංගුවේ පසුවෙනවා. පුදුමේ කියන්නේ මේකත් දේශපාලනයට බෙදිලා. මේ රටේ ඉන්නේ මිනිස්සු නෙමේ මෝඩකම පෙන්නන වහල්ලු...

:       7       26

KumaraSunday, 28 February 2021 05:27 PM

ඔයාලගේ ළමයෙක්, අපේ ළමයෙක් කියලා දෙයක් නෑ මහත්මයා. මුලින්ම ඒක තේරුම් ගන්න. ළමයෙක් කියන්නේ රටක සම්පතක්. නීතිමය භාරකාරත්වය වුණත් තියෙන්නේ රජයට. ඉතින් ඔබ තේරුම් ගන්න මෙතන තියෙන්නේ මිත්‍යා අන්ධ විශ්වාස ගැන ප්‍රශ්නයක්... දැනුවත් බව ගැන ප්‍රශ්නයක්. ඒකට ලොකු උත්තේජනයක් ලැබෙනවා රටේ නායකයින්ගේ මේ විකාර මිථ්‍යා ඇදහිලි විශ්වාස තුළින්. අනිත් අයගේ කෙසේවෙතත් ඔබගේ සිතේ නම් වහල් බවක් තියෙනවා කියලා පේනවා.

:       0       3

siri Sunday, 28 February 2021 02:21 PM

තවත් හරිම කණගාටුදායක ඛේදවාචකයක්. මුදල් විතරක් බලාගෙන මිථ්‍යාව පතුරුවන මාධ්‍ය ආයතනත් මේවගේ දේවල් වලට වගකියන්නත් ඕනෑ.

:       0       3

කපුරුහාමි Sunday, 28 February 2021 02:26 PM

පව් අහිංසක කෙල්ල... වේවැලකින් ගහන්න ඉඩදීලා බලාගෙන හිටපු මෝඩ දෙමව්පියන් ඔක්කෝටම හපන්. ඒ අයටත් වේවැල කැඩෙනකම් ගහන්නයි වටින්නේ...

:       0       37

banda Sunday, 28 February 2021 03:09 PM

නයි, මුට්ටි, වශී බෝල, රතුනූල්, කාලි පැණි පස්සේ දුවන අපේ රටේ මිනිස්සුන්ට මේවා සාමාන්‍ය දේවල්.

:       1       1

anura Sunday, 28 February 2021 03:54 PM

මරදාන පැත්තේ සිල්ලර බඩු කඩවල කෙළවර ලූපයක් සහිත වේවැල් විකිණීමට බහුලව ඇති අතර සමහර ප්‍රජාවක් මේවා රැගෙන යන බව දැකිය හැක. දරුවන්ට පහර දීම නීතියෙන් තහනම් වුවත් මෙම ක්‍රියාව සිදුවන බව කවුරුත් දනී. අඩුම ගණනේ මෙම උපකරණ විකිණීම තහනම් කරන්නේ නම් එය ළමා ප්‍රජාවට යහපත් වන්නේය.

:       0       2

Praba Sunday, 28 February 2021 04:11 PM

දේශපාලඥයෝයි, මාධ්‍යවේදියොයි රටේ මිනිසුන්ව ගෙනියන්නේ මෙතැනට නේද? ළඟදී සබරගමුවේ හොඳම ව්‍යවසායකයා ලෙස තොවිල් බඩු හා සුර නිෂ්පාදනය කරන කෙනෙක් තේරුණා. අනේ මගේ ධර්මද්වීපය..!

:       0       1

nalin Monday, 01 March 2021 01:53 AM

රටේ වගකිව යුතු මාධ්‍ය සහ රටේ නායකයින් සහ වැදගත් කියන මහාචාර්යවරු පවා තමන්ගෙ ඡන්ද පැවැත්ම උදෙසා මිථ්‍යාව සමාජගත කරනකොට මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන එක අහන්න දෙයක් නෙමෙයි. රජය මගින් කළ යුත්තේ මිනිස්සු අවිද්‍යාවෙන් මුදවාගන්න එක මිසක් අවිද්‍යාවට පෙළඹවීම නෙමෙයි. අපේ රටවල් කවදා ඒ තත්වයට ඒවිද දන්නේ නෑ..

:       1       2

Sarath Monday, 01 March 2021 02:09 AM

අපි තවමත් වනන්තරේ...

:       0       4

Senarath Monday, 01 March 2021 03:38 AM

ඔය යකැදුරන් කියන කට්ටියත් අසනීප වුණාම බෙහෙත් ගන්නවනේ.. ඔවුන් තොවිල් කරන්නේ නැහැනේ.. අපේ මෝඩ මිනිස්සු ඒක ගැන හිතන්නේ නැතිව සල්ලිත් වියදම් කරගෙන තමන්ගේ දරුවත් නැතිකර ගත්තා.

:       0       5

janavar Tuesday, 02 March 2021 05:06 AM

මේ රටේ හැමෝටම අදාළ එක නීතියක් නැහැ. ජනවර්ගවලට අදාළ නීති වෙන වෙනම තියෙනවා. තේසවලාම් නීතිය තියෙනවා. අපිට අදාළ උසාවි තියෙනවා. එය ලබාදුන්නෙත් අපේ දැන් ඉන්න අගමැතිතුමා එය අදාළ නැහැ කියන්නේ කොහොමද අප්පා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1778 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 795 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 820 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 465 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1843 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 581 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 886 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site