IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අම්පිටියේ සුමනරතන නාහිමියන්ට පාර අවහිර කළැයි උණුසුම් තත්ත්වයක්

(නිමල් ජයරත්න)

මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට 19 වෙනිදා මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග ඊට ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන් නාහිමියන් කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.

මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යයන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයට අම්පිටියේ සුමනරතන නාහිමියන්ට යෑමට අවසර ලබානොදෙන ලෙසට කළ ප්‍රකාශයත් සමඟ උන්වහන්සේ එම  ගම්මානයට ඇතුළත්වීමට කටයුතු කිරීමත් සමඟ මෙම උණුසුම් කාරී තත්වය හටගත්තේය.

අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ පිරිසක් දිවුලපතාන ගම්මානයට පිවිසෙන වලමණ්ඩිය යුදහමුදා කදවුර ආසන්නයේ ශ්‍රි ලංකා පොලීසිය සහ යුදහමුදාවෙ 300 ක් පමණ ඒකරාශී වීමෙන් එම ගමට යෑමට ඉඩ නොදීමත් සමග සුමනරතන නාහිමියන් සහ කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතා සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.

පසුව සුමනරතන නාහිමියන් විශාල පරිශ්‍රමයක් යොදා දිවුලපතාන ගම්මානයට ගොස් එම පවුල්වලට ගම්මානයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටියහ.

දිවුලපතාන ගම්වාසීන් විසින් බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශයේ යම් නිලධාරීන් පිරිසක් පළාතේ දෙමල මන්ත්‍රීවරුන්ගේ උවමනාවට සහ රජයේ උවමනාවකට මෙයින් ඉවත් කර ඇති බවට තමා විශ්වාස පළ කරන බවද නාහිමියෝ සඳහන් කළහ.



අදහස් (13)

අම්පිටියේ සුමනරතන නාහිමියන්ට පාර අවහිර කළැයි උණුසුම් තත්ත්වයක්

පැරකුම් Thursday, 19 October 2023 10:05 PM

මොනවද මේ සිද්දවෙන්නෙ. මේ රට අයිති ශ්‍රීලාංකිකයින්ට මිස කිසියම් ජාතියකට ආගමකට නොවන බව කවුරු කවුරුත් තේරුම් ගෙන කටයුතු කලයුතු කාලය පැමිණ ඇත.

:       0       9

Achini Thursday, 19 October 2023 10:22 PM

රටේ සම්පත් විකුණාගෙන යන්නේ ,ඒවාට කතා නැහැ .පිලිමයක් තියාගෙන ජාති වාදය අවුස්සලා ඔය චන්දෙට සපෝට් එකට දෙන්න බලන්නේ අන්තිමට වෙන්නේ ඊශ්‍රායලය පලස්තීනය අල්ල ගත්තා වගේ ,චයිනා ,ඉන්දියා ට අපි මැද වෙලා වහල්ලු වෙන එක විතරයි

:       4       5

Kule Friday, 20 October 2023 12:32 AM

හාමුදුරු කෙනෙකුට ගමකට යන්නත් දෙමල මන්ත්‍රීවරුන්ගෙන් අවසර ගන්න ඕනද ?තව පොලිස් බලතලත් දෙමු නේද ?

:       1       12

nihal Friday, 20 October 2023 03:16 AM

රනියගේ වැඩක්

:       0       6

Bamunuarachchi Friday, 20 October 2023 04:07 AM

අපේ හාමුදුරුවන් සටන අත් හරින්න එපා. ඔය පාදඩ අරගල කාරයින්ගේ කෙරුවාවේ ප්‍රතිපල. ඝෝඨාභය මහතා බලයේ සිටියානම් මඩකලපුව හම්බ රාජධානියක් වෙන්නේ නැහැ.

:       8       11

Hafeel Friday, 20 October 2023 02:57 PM

ශානාක්කියන්ගේ මේ වැඩ කිසිසේත්ම අනුමත කරන්න බැහැ. හැබැයි ඝෝඨාභය බලයේ සිටියානම් මඩකලපුව හම්බ රාජධානියක් වෙන්නේ නැහැ කියල කියනවා නම්, එක ලොකුම මෝඩ අදහස්. ඝෝඨාභයගේ කැරුවාව අපි දෙක්ක. ඔහුට ඔහුවත් ආරක්ෂාකරගන්න බැරිව රටින් පැනල ගියා. අඩුම තරමින් රටේ ගුවන්තොටුපොළ හරහා යන්න බයවුණු චරිතයක් තමයි ඝෝඨාභය කියන්නේ. ඉතින් එයාගෙන් රටේ ආරක්ෂාවක් බලාපොරුත්තු වෙන්න පුලුවන්ද?

:       2       3

Bamunuarachchi Friday, 20 October 2023 09:46 PM

ඝෝඨාභය ගැන හම්බ සෙට්එක අපිට කියලා දෙන්න ඕනේ නැහැ. අපි දන්නවා ඝෝඨාභය කියන්නේ කව්ද කියලා...

:       1       2

අබිලින් Friday, 20 October 2023 06:37 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කෙනෙකුට රටේ ඕනෑ තැනක වාසයට තියෙන හිමිකම් දේශපාලුවන්ගේ අවශ්‍යතාව සඳහා ආරක්ෂක අංශය අහිමි කරලා තියෙනවා කියන්න පුළුවන්ද? නැවතත් ජාති හා ආගම් භේද හදන්න එපා ඒවා නවතන්න...

:       0       11

නිහාල් Friday, 20 October 2023 07:06 AM

සිංහල මෝඩ මිනිස්සු නැගිට්ටවලා සිංහල නායකයකුට ඡන්ද අරන් දෙන්න ගොඩාක් කල් ඉඳලා try කරනවා. වැඩේ හරි යන්නේ නෑ....!

:       1       10

rattu Friday, 20 October 2023 08:28 AM

සුළුජාතික ඡන්දවලට ආගමත්, සිංහලයින්ගේ උරුමයත් පාවාදෙනවා.

:       1       14

චන්දන Friday, 20 October 2023 10:25 AM

යුද්ධයක් නැතිව ඊලාම් පිහිටුවන නවතම ක්‍රමය මේක... අපේ ආරක්ෂක අංශ මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ...

:       2       15

නාරද Friday, 20 October 2023 10:38 AM

ලබන ඡන්දෙන් පරදින නිසා ආයෙත් ජාතිවාදේ අවුස්සලා ගොඩයන්න පුළුවන්ද කියලා බලන්නේ ඔය...? මේ හාමුදුරුවන්ව අවුස්සන්න ආණ්ඩුවෙන් කරපු වැඩක් ඔය බුදුපිළිමේ උස්සපු එක...!

:       6       15

Bamunuarachchi Saturday, 21 October 2023 08:19 AM

අපේ හාමුදුරු කෙනෙක් රට ඇතුලත යන එන තැන් තීරණය කරන්නේ දෙමල්ලුද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 30 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2291 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1829 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 636 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site