IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට

(අංජුල මහික වීරරත්න)

හිටපු කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත  අමාත්‍ය  මහින්ද අමරවීර  මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.

මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක  බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින්  බවද   හිටපු අමාත්‍යවරයා කීය.

ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ  සිරිමාවෝ බන්ඩාරනායක  බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8)දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (14)

අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට

ගමේ එකාලා Tuesday, 08 October 2024 01:21 PM

හිටපු දූෂිත දේසපාලුවන්ට මේ වගේ නිවාස තව ඕන තරම් තියෙනවා. කියන්නේ නම් එන්නේ ජනතාවට සේවය කරන්ඩ කියලා. අන්තිමට මහා පරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම බංකලොත් කෙරුවා.

:       18       118

Banda Tuesday, 08 October 2024 01:26 PM

ආණ්ඩුවෙ නිවාසයක් තමන් බලයේ ඉන්නකල් පාවිච්චි කරලා, තනතුරු නැති වුණාම වෙනත් ආයතනයකට යන ක්‍රමයට අනුමැතියත් අරගෙන, ලැජ්ජ නැතිව නිව්ස් වලටත් දෙනවා. මේ වගේ මජර දේශපාලුවන් තුරන් වූ දවසක මේ රට ගොඩයයි. අවංකව කළා නම් තමන්ගේ දේපළක් පැවරිය යුතුයි. නැත්නම් තමන් නිලය දරන කාලය තුළ භාවිතා කිරීමට පාසලට ලබා දී මට නිල නිවාස හෝ දීමනා අනවශ්‍යයි කියලා කියන්න තිබුණා.

:       21       290

සුදේශ් Tuesday, 08 October 2024 01:28 PM

වදුරු කුණුහරප මතක් වෙන්නේ මට විතරද, බලේ ඉන්නකල් පුළුවන් තරමක් ඉදල, නීතියෙන් යන්ඩ කීවට පස්සේ එයා පැවරුවලු

:       17       245

Janu Tuesday, 08 October 2024 01:30 PM

තනිකරම බොරු. මෙම ඉඩම දිවංගත මංගල සමරවීර මහතා මැදිහත් වී පාසලට පවරා දුන් ඉඩමකි.

:       13       202

ජිල්බු Tuesday, 08 October 2024 01:47 PM

දෙන්න සිද්ධ උනේ නෑ කියල ඉන්ටනෙට් එකේ කෙළවරක තිබුණා. නැත්තං හිරේ යන තැනට වැඩ සිද්ධවෙන්නෙ නෑ කියලත් තිබුණ.

:       7       120

ජගත් ලියනගේ Tuesday, 08 October 2024 02:14 PM

වෙලාවට පැරදුනේ. නැත්තං තාමත් ඒ ගෙදර ඉඳන් අපිට ලොකු ලොකු කතාත් කියවනවා.

:       6       96

සෙනෙවිරත්න Tuesday, 08 October 2024 02:14 PM

මෙච්චර කල් ලැගලා ඉඳලා යන්න උනහම කියනවා දීලා යනවා කියලා. ඕව පිළිගන්න අය නැහැ අමරවීර. ඔච්චරම ආදරේ නම් කලින් යන්න තිබුණනේ.

:       5       90

Randika Tuesday, 08 October 2024 02:57 PM

මොන ආණ්ඩුව ආවත් ඇමති නේද මේ ?පුතාව ඔක්කොම රට ටුවර් එක්ක යන කෙනා නේද මේ ?මාලිමාවෙනුත් ඇමතිකමක් ගන්න ඉඩ තියනවා .වැඩේට හරි දක්ෂයා

:       5       72

සොරිසේන Tuesday, 08 October 2024 03:35 PM

මේවගේ ගොන් පාට් දිහාවත් බලලා තවත් මේ වගේ තක්කඩි දියවන්නාවට නොඑවන්න හම්බන්තොට ජනතාවට බුද්ධිය පහල වේවා.

:       7       94

RS Tuesday, 08 October 2024 03:57 PM

මේවා බලාන තේරුම් ගනිල්ලා මේ වගේ උන් නැවත නොයෙවන්න.

:       5       73

ජගත් ලියනගේ Tuesday, 08 October 2024 04:10 PM

“ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු” කියන්නේ ඔන්න ඔය වැඩ වලට.

:       5       68

රංග ද සිල්වා Tuesday, 08 October 2024 04:14 PM

මෙයා ඇමැති වෙලා තව හිටිය නම් ජීවිතේට ඕක පවරන්නේ නැහැ .අලුත් රජය මේවා පවරගන්න නිසා දැන් පොර ටෝක් දෙනවා.

:       5       78

ලකී Tuesday, 08 October 2024 09:11 PM

මේ මනුස්සයා දැන් අව්රුදු 15 - 20 තිස්සේ තිබ්බ හැම රජයකම ඇමතිකම් දැරුවා. එහෙට මෙහෙට පනින කිසි ප්‍රතිපත්තියක් නැති, අවස්ථාවාදී තුට්ටු දෙකේ දේශපාලඥයෙක්. මෙවැනි පුද්ගලයන්ව දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමිය යුතුයි

:       2       56

Dilshan Weeraperuma Wednesday, 09 October 2024 10:51 AM

ඔක්කොම ගොන් කතා

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 330 0

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 379 0

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 162 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 390 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


රංජන්ගෙන් අලුත් පක්ෂයක්
2024 ඔක්තෝබර් මස 09 1140 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම


ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 596 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39550 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25756 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site