(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂය කුමක් වූවත් චීනය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයෙන් ගොඩඒම සඳහා 2021 වසරේ ජූලි මස සිට 2022 වසරේ ජනවාරි මාසය දක්වා චීනය මෙරටට ඉන්ධන සපයා ඇති බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පැවැසීය. මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000 ක් ලබා දී තිබුණත් මුදල් ගෙවා ඇත්තේ නැව් 7 කට පමණක් බවත් තවත් නැව් 12 ක් සඳහා මුදල් ගෙවීමට තිබෙන බවත් චීන තානාපති චී චෙන්හොන්ග් මහතා වැඩි දුරටත් පැවසීය.
චීනයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.5 ක මුල්‍ය සහාය ලබාදීම පිළිබඳ සාකච්ඡා මන්දගාමී වීමට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා බලපෑ බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැන ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පිළිබඳ විමසිල්ලෙන් සිටින බව චීන තානාපති චී චෙන්හොන්ග් මහතා වැඩි දුරටත් පැවසීය.
චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ඒ අනූව ලබාගත් ඉන්ධන සඳහා තව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 390 ක මුදලක් ගෙවීමට තිබෙන බවයි.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති චී චෙන්ග්හොන්ග් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වැඩිහරියක් සහනදායී ණය බවත් ඉන් බොහොමයක් යටිතල පහසුකම් සංවර්ධනයට සහ පාරිසරික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් සැපයූ ණය බවත්ය.
චීන තානාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ බොහෝ දෙනා කථාකරන "ණය උගුල" මිත්‍යාවක් බවයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා මේ බව කියා සිටියේ චීන තානාපති කාර්යාලයේදී මාධ්‍යවේදීන් පිරිසක් අතර සාකච්ඡාවකදීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.එම්.එෆ් කොන්දේසි ගැන චීනය විමසිල්ලෙන්