IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි එම අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.

 



අදහස් (9)

අයි.එම්.එෆ් දෙවන වාරිකය අනුමතයි

අරවින්ද මොනරවිල Friday, 20 October 2023 09:46 AM

ඩොලර් බිලියන 80 කට ආසන්න මුදලක් ලෝකයටම රට ණය කරලා, තවදුරටත් ලෝකය හතර වටේ හිගා කමින් කීයක් හෝ ඉල්ලා ගෙන ඒක මහ ලොකු ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන්න හදන මුන් නම් පාලකයෝ වෙන්න බැහැ.

:       30       126

JinaFriday, 20 October 2023 11:38 AM

හරි දැන් මොකක්ද කරන්නේ කියලත් කියන්නකෝ ...

:       5       32

ආනන්ද Friday, 20 October 2023 10:45 AM

පළවෙනි එකට වෙච්චි දේ දැනගන්න පුලුවන්ද?

:       13       48

pjFriday, 20 October 2023 02:05 PM

පසුගිය කෙටි කාලය තුළ දී රට වෙනස් වූ අයුරු පෙනුනේ නැතිනම්, රෑට නිදාගන්න පෙර හයියෙන් ටොක්කක් ඇනගෙන නිදාගන්න. හීනෙන් පෙනේවි. පෙනුනේ නැත්නම් පෙනෙනාතුරු දිනපතා නැවත උත්සාහ කරන්න.

:       17       15

ගුනෙFriday, 20 October 2023 07:41 PM

පහුගිය ටික කාලෙට තුන් පාරක් ලයිට් බිල වැඩි වුනා. පෙට්‍රල්, ගෑස්, වතුර බිල වැඩි උනා. බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරුණා. මහ බැංකුව කඩපු එකා රජ උනා. බොරුවට තරහයි වගේ පෙන්නපු යාලුවන්ගෙ හොර අහු උනා. රට බංකොලොත් උනා නෙවෙයි කලා

:       1       0

abaran Friday, 20 October 2023 11:30 AM

අරවින්ද මොනරවිල, උන්නැහේ ඔහේගේ කුහකකම ඔන්න දෝරේ ගලනවා. මෙම ණය මුදල නොලැබෙන කන් බලාගෙන හිටපු කුහක දේශපාලුවන්ට නම් කියන්න දාහක් දේවල් ඇති අයි එම් එෆ් එකෙන් ණය අනුමත කරගැනීම පිළිබඳව ජාතියක් හැටියට සතුටු වියයුතුයි. නමුත් එය පාරවල් දිගේ සමරන්න වගේ මෝඩ චුන් වැඩ නොකරන්න තරම් පරිනත වීමටත් අපි වගබලාගතයුතුයි. අපි දැන් ඉන්නේ වලක නිසා වලට ඇදලා දාපු අයට බැන බැන ඉන්නවාද මේකෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් හදනවාද කියන කරුණු දෙකෙන් මේ වෙලාවේ වැදගත් වෙන්නේ මොකක්ද කියා පක්ෂවලට කඩේ නොයන අය තේරුම් ගනීවි.

:       24       24

සමන්තFriday, 20 October 2023 07:31 PM

අබරන්ලා අය දැක්කම හිතෙන්නෙ මෝඩයොත් වයසට යනවා කියලා තමයි. තමුන්ගේ හාම්පුතා තමුන්ගෙ බිරිද දුව බඩ කලත් කවුද කලේ හොයන්නෙ නැතුව හම්බවෙන දරුවට නම දෙන්නෙ ඔය වගෙ අය තමයි.

:       0       1

Rohan Friday, 20 October 2023 11:37 AM

ඇත්තටම මේ ලෝකේ එවුන්ට පිස්සුද .මේ තරම් ණය දෙන්න .නැත්නම් උන්ගේ කපටි කම සහ අපේ දෙස පාලුවන්ගේ පෙරේත කමයි හිඟන ගතියයි ,කම්මැලි කමයි එකතු වෙලා එන පටිපාටියක්ද මේක

:       17       73

Rata Perata Friday, 20 October 2023 12:15 PM

එකක් මතක තියාගන්න .අයි.එම්.එෆ් කියන්නේ චීන පොලී කාරයාගේ මල්ලි වගේ .ඒක හදපු දවසේ ඉඳලා ණය දීලා දියුණු උන කිසිම රටක් නෑ ලෝකේ .මොකද සියලු තත්ත්ව පරීක්ෂා කරන්නේ නැතුව ණය දෙනවා

:       10       48

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 735 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 318 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1102 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4339 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2080 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1130 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site