(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන සමාලෝචනයට අදාල සාකච්ඡාවක් අද සාර්ථකව පැවති බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡා මෙහිදී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.
එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත් (Sanjaya Panth), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන පීටර් බෘවර් (Peter Breuer), ඊවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහත්වරු ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු මීට එක්ව සිටියහ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති
de silva Monday, 07 April 2025 08:12 PM
ලංකාවේ අවශ්‍ය ප්‍රමනෙට වැඩියෙන් සිටින 3 ගුණයක් පමණ වෙන අකාර්යක්ෂම මිනිස්සු රස්තියාදු කරන රජයේ සේවකයන්ගේ බර සහ ශ්‍රී ලන්කන් වැනි රජය සතු දිගින්දිගටම පාඩු ලබන ව්‍යාපාර වර බර තවදුරත් දරන්න පුරවැසියෝ වන අපට බැහැ , බලන්නකෝ අපට ගහන තීරු බදු සහ වෙනත් බදු වල තරම , මෙහෙම බදු ගැහුවොත් තරුණ පරපුර රට අතැරලා යාවි , කරුණාකර IMF එකට හෝ බැරිද මේවා අපේ පාලකයන්ට තේරුම් කරලා දෙන්න ?
Jamal Monday, 07 April 2025 11:13 PM
නියමයි! අනුර උන්ට හොඳට සැරටම අමතලා ."ඔය නය ගන්නේ ඔයාගේ කොන්දේසි වලට කියලා මේසෙට ගහලා IMF එකත් එක්ක පොරබඳන්න අපේ සුභ පැතුම්