IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අයි.එම්.එෆ් වාරිකය අහිමිවීම මූල්‍ය පාඩුවට එහාගිය අවාසියක්

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) දීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය ලැබෙන දිනයක් පිළිබඳව ඉඟියක් හෝ නොමැතිව කල්දැමීම මෙරටට ලැබූ ද්විත්ව ආකාරයේ මහා පාරමාණයේ අවාසියක් බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.

නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍යහමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

මෙම කල්දැමමීමත් සමඟ රටට අතිවිශාල මූල්‍ය පාඩුවක් සමඟ එයටත් වඩා අතිවිශාල පාඩුවක් වන බවත් එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයක සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමත් සමඟ ගොඩනැගී තිබූ විශ්වාසය බිඳවැටීම රටට අති විශාල පාඩුවක් බවත් ඒ මහතා කීය.

දෙවැනි වාරිකය ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 330 ක් අහිවීම මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ස්ථිර ගිවිසමක් අස්සන් කර එය ක්‍රියාත්මක වීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගොඩනැගෙන විශ්වාසය අහිමිවීම මූල්‍ය පාඩුවටත් වඩා බරපතල බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ මෙරටට ආයෝජකයන් පැමිණීමේදී අයි.එම්.එෆ්. ගිවිසමක් තිබීම වඩාත් වැඳගත් බව ද සඳහන් කළේය.

බංකොළොත් රටට යැයි තෙවැනි පාර්ශවයක් නොව අපේ රටේම මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා පිළිගත් තත්වයක් තුළ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ගැනීමට අයි.එම්.එෆ්. ගිවිසම ඉහත් ශක්තියක්ව තිබූ බවත් ආයෝජකයන් අපේ රටට එනවාද නැද්ද යන තීරණය කිරීමේ එවැනි ජාත්‍යන්තර ගිවිසුමක් තිබීම ලොකු රුකුලක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.



අදහස් (8)

අයි.එම්.එෆ් වාරිකය අහිමිවීම මූල්‍ය පාඩුවට එහාගිය අවාසියක්

කිරිපුතා Monday, 02 October 2023 04:46 PM

මෙතුමා නම් ඒක ලැබුණත් මොකක් හරි කියනවා. අනේ මන්දා රටේ උගතුන්....!

:       3       12

suminda Monday, 02 October 2023 05:26 PM

ඔය අයියලා බෙදාගන කාපුවා තමයි. පුරවැසියෝ ගෙවන්නේ...

:       2       18

saman Monday, 02 October 2023 05:40 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පමණක් නොවෙයි වෙනත් රටවලින් පවා ලැබීමට තිබු ආධාර ලබාගැනීමට නොහැකිවූයේ රට සහ රටේ පුරවැසියන් පිළිබද නොසිතන බලය සහ තනතුරු ගැන පමණක් කතා කරන දෙවරක් පියා අගමැති බවත් ජනාධිපති වූ බවත් කියාගන්න විපක්ෂ නායකවරයෙක් සහ ඔහුටම ගැලපෙන විපක්ෂයක් සිටින රටක, රට වෙනුවෙන් පක්ෂ විපක්ෂ එක්ව කටයුතු කිරීමට තිබූ අවස්ථාවන් මගහැර මොනවා කිවත් කිසිවකු පිළිගන්නේ නැත...

:       4       15

Roshan Monday, 02 October 2023 05:43 PM

මෙයත් දැන් වයර් ෂෝට් වුණු පරණ රේඩියෝ එකක් වගේ දාන චැනල් එක නෙමෙයි වැඩ කරන්නේ. මේ සේරටම තියෙන්නේ ඇට නැති දිව ඕන පැත්තකට හරවන්න පුළුවන් වගේ එකඑක වෙලාවට එක එක දේවල් කියන්නේ...

:       1       17

..M.A.U.Fernando Monday, 02 October 2023 06:54 PM

මේ තියෙන්නේ පොහොට්ටු ආන්ඩුවක්, මෙයත් පොහොට්ටුවෙන් ආපු එක්කෙනෙක්...!

:       1       9

Kala Monday, 02 October 2023 09:27 PM

කිසිම වැඩකට නැහැ...

:       0       0

Abaran Tuesday, 03 October 2023 01:00 AM

මෙයත් දැන් ඇවිදින මළමිනියක් වගෙයි. ඔහේ කියවනවා. මිනිහාට මතක නැහැ මේ ඊයේ පෙරේදා වෙනකන් මිනිහා හිටියේ කොහේද කියලා... මේ වගේ වයසක ආතලා ඔක්කෝම ඊළඟ ඡන්දෙදී ගෙදර තියන්න ඕනෑ..!

:       0       0

Bamunuarachchi Tuesday, 03 October 2023 05:58 AM

ලොක්කා මේකත් හරියට චක්කරේ පාඩම් දෙනකන් ලොසින්ජර් දෙන්නේ නැහැ කිව්වා වගේ වැඩක්... ඕවා අපිට පුංචි කාලේ ඉඳලාම පුරුදුයි. බදු ගහලා රාජ්‍ය ආදායම වැඩිකර ගත්තාම IMF වාරික ලැබෙයි ලොක්කා... පක්ෂ අරමුදල්වලට වැඩියෙන් බදු ගහන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1590 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 475 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 173 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 261 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 127 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 84 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39988 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site