IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අයි.එම්.එෆ් - සජිත් හමුවක්

( නිමල කොඩිතුවක්කු)

ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නියෝජිතයින් සමග කොළඹදී අද (20) පැවති හමුවකදී ප්‍රකාශ කළේය.

මේ සඳහා පවතින දුප්පත්කම තුරන් කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් නොවන බැවින් ජනසවිය වැඩසටහනේ ආකෘතිය ගත් නව සමාජ ආරක්ෂණ වැඩසටහනක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ නියෝජිතයින් අතර හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී පැවැත්විණ.

එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, චන්දිම වීරක්කොඩි, වේලුකුමාර, හර්ෂණ රාජකරුණ, ආචාර්ය නාලක ගොඩහේවායන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (4)

අයි.එම්.එෆ් - සජිත් හමුවක්

රාලහාමි Wednesday, 20 March 2024 11:15 PM

බ්රුවර් මහත්තයෝ, ඔය ඇවිල්ලා ඉන්නෙත් පට්ටම පට්ට හොරු වගයක්. ලොක්කගේ තාත්තා තමයි මරුමෝස් ප්‍රේමදාස කියන්නේ,මිනිහා මැරෙනකොට ගෙදර රුපියල් ලක්ෂ 100 ක ගෝනියක් තිබුනා. පුතයි දුවයි මදි නොකියන්න හොරසල්ලි ගහලා බැංකුවට දැම්මා.එකපාරක් අහුවුනා,එත් නාකි මයිනා උන්ව බේරාගත්තා.ඔතන තව එකෙක් ඉන්නවා විනිමය වන්චාකරලා අහුවුන. ඉතිරි එවුන්ගෙන් වැඩි හරියක් රස්තියාදු කාරයෝ.

:       9       14

Saththaya Thursday, 21 March 2024 08:25 AM

මෙයින් පිරිසක් රට බංකොලොත් කරන්න උදව් කරපු අය. මහමොලකරුට රට බාර අරගෙන කරන්න ආරාධනා කරපු වෙලාවේ අරගෙන කරන්නේ නැතුව පැනල දිව්වා . දැන් චන්ද බලාගෙන බොරුවට දගලනවා . අර අමාරු අවස්ථාවේ පාන් පිටි ටිකක් වත් ළදරුවන්ට, මව් වරුන්ට තිබුනේ නැහැ . මේකට කියන්නේ සම්යක්ප්‍රයෝගය කියල . රට ගොඩ නගමු, පක්ෂ ඔක්කම එකයි .

:       5       18

අරවින්ද මොනරවිල Thursday, 21 March 2024 10:31 AM

අයියෝ සාමි ! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ම්සො වෙලාවේ සාකච්ඡා කරන්න ඕනා රට දැන් වැටි තිබෙන තත්වයෙන් ගොඩ ගන්න යලි රට නගා සිටුවන්න අවශ්‍ය කරන වැඩ පිලිවෙලක් ගැන මිසක, ගැබිනි මවට පෝෂණ මල්ලක් දෙන හැටි, පාසල් සිසුන්ට දිවා ආහාරය දෙන හැටි, වැඩිහිටි දීමනාව දෙන හැටී හෝ දිලිදු සහන දෙන ආකාරය නොවෙයි කියලා සජිත්ට කොහොම වෙතත් එයා වටේ ඉන්න ආචාර්ය මහාචාර්ය වරුන්ට හරි නොතේරෙන එකයි පුදුමේ.

:       1       2

Chandana Thursday, 21 March 2024 05:48 PM

දෙයියෝ දනී, අපි නොදනී... මොකක් හරි කඩාකප්පල් වැඩකට තමයි මේ, ආයෙත් පෝලිම්වල යන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 748 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 558 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 795 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 594 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 321 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site