IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අයි.එස් ප්‍රහාර මාලාවක් වළක්වා ගනී

ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාවකට සූදානම් වූ, අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්ත සාමාජිකයන් අට දෙනකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී  ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි.

මුම්බායි සහ නවදිල්ලි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර 19 ක මෙම මෙහෙයුම් සිදුවිය. සැකකරුවන් සන්තකයේ තිබුණු ආයුධ, ඩිජිටල් උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය පොලිසියට හමුවිය.



අදහස් (6)

අයි.එස් ප්‍රහාර මාලාවක් වළක්වා ගනී

Charith Tuesday, 19 December 2023 11:15 AM

එහෙම වෙන්නෙ කොහොමද? එයාල හරිම අහිංසකයි ............

:       2       3

sachith Tuesday, 19 December 2023 11:34 AM

එහෙනම් චන්ද ලංවෙනකොට මේවගේ නාට්‍ය .ඒකට මෙහෙ බෝම්බ පුපුරවලා තමා චන්ද ගන්නේ

:       2       7

Ariyathilaka Tuesday, 19 December 2023 03:52 PM

ආගම් ඇතුලෙහි ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතී ද එය ගරුකරන අනුගාමිකයෝ “ත්‍රස්තවාදය ආගම” කර ගනිත්. කණ්ඩායම් ත්‍රස්තවාදී අරමුණු විවිධ වෙත්... ඒ අතර 1. රටක දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් ත්‍රස්ත කණ්ඩායම් 2. ආගමික අරමුණු ඉලක්ක කරගත් ත්‍රස්ත කණ්ඩායම් ප්‍රධාන වෙත්. මෙම කණ්ඩායම්වල අරමුණු බරපතල ලෙස පැතිරී ඇත. එයින් ද ආගමික අරමුණ මූලික කරගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණු, දේශපාලනය ඉලක්ක කරගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණුවලට වඩා බලවත්ය. සැම අතින් ම ඒකාබද්ධ බව සහ සාමූහික බවින් ද අතිශයින්ම බලවත් ය. දේශපාලන අරමුණු ඉලක්ක කරගත් කණ්ඩායම් යම් රටකට, භූමියකට, ලඝු වී ඇත. උදාහණ ලෙස එල්ටීටීඊ සංවිධානය, අයර්ලන්තයේ අයි. ආර්. ඒ (IRA) අයිරිෂ් ගරිල්ලා සංවිධානය සැළකිය හැක. දේශපාලනය ඉලක්ක කර ගත්, සෑම ත්‍රස්තවාදී සංවිධානවල ඇත්තේ රටක භූමියේ පාලනය බෙදී වෙන් වීමේ අරමුණයි. ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ඊට වඩා වෙනස් වන්නේ ඔවුන්ගේ අරමුණ භූමියන්හි රාජ්‍ය පාලනය පමණක්ම නොවේ. පාලනය ඉලක්ක කරගත් භූමිය ඇතුළත එකම ආගමක් ව්‍යාප්ත කිරීමයි. අනෙක් ආගම් අදහන්නන් සම්පූර්ණයෙන්ම අහෝසි කරන තැනට, අහෝසි වන තැනට කටයුතු කිරීමය...

:       0       0

Ariyathilaka Tuesday, 19 December 2023 03:55 PM

ජීවත්වන ජාතිකත්වයට පමණක් අදාල නැත. පෘථිව ගෝලයෙහි සෑම රටක්ම ඔවුන්ගේ ආගමට නතු කිරීමට ක්‍රියා කිරීම ය. එහි මූලික පියවර නම් භූමිය ඇතුලත දේශපාලන බලය ඇල්ලීම ය. දෙවනුව අල්ලා ගත් භූමිය එම ත්‍රස්ත කණඩායම ගරු කරන ආගම පමණක අදහන තැනට පත් කිරීම ය. ඒ ආගමික සංකල්පයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික , අවයව සහ පද්ධති පමණක් ව්‍යාප්ත කිරීමය. අන් සියලු දේශපාලන, සමාජීය සංස්කෘතික අවයව පද්ධති සියල්ල මුලිනුපුටා දැමීමට කටයුතු කරත්. ආගමික අන්තවාදී ලෝක භූ දේශපාලනය අධ්‍යනය කර බැලීමෙදී මෙය වටහා ගත හැක. ක්‍රි ව: 1930න් පසු ආසියා සහ අප්‍රිකානු භූ දේශපානයේ ව්‍යාප්තිය අධ්‍යනය කිරීමෙන් ආගමික වශයෙන් රාජ්‍ය පාලනය කිරීමෙන්, ආගමිග අන්තවාදය ව්‍යාප්තිය කොපමණද යන්න තේරුම් ගත හැක. ත්‍රස්තවාදය උගන්වන ආගම් පවතින තාක් මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතිනවා ඇත. ආගම සමඟ බැදී ඇති ත්‍රස්තවාදය අති බිහිසුණු ලෙසින් ලෝකයේ වේගයෙන් පැතිරෙනවා ඇත. භූමිය, රට විවිධ වුවත්, ජන වර්ගය, භාෂාව, විවිධ වුවත් එකම ආගම්කින් බැදී, ආගමික ඉගැන්වීම මත, තම අදහන ආගම පැතිර වීම සහ ආගම වෙනුවෙන් භූමි පාලනය අපේක්ෂා කරන පිරිස් විසින් තම අරමුණ උදෙසා ආගමික

:       0       0

Ariyathilaka Tuesday, 19 December 2023 03:57 PM

ත්‍රස්තවාදය ඉතා ආදරයෙන් වැළද ගනිත්. ක්‍රියා කරත්. ප්‍රචන්ඩත්වය අති බිහිසුණ ලෙස ව්‍යාප්ත කරත්. මෙහි ප්‍රතිපල අතිශයින් බියකරු වන්නේ, ඉහත දැක්වූ ආගමික අන්තවාදී මත ගරුක රාජ්‍යයන් විසින් ඔවුන්ගේ මුදල්, රාජ්‍ය මට්ටමෙන් යුද්ධෝපකරණ, සම්පත් දායකත්ව, පිරිස් බලය යෙදවීම, යුධ පුහුණුව ලබා දීම, ඒ ත්‍රස්ත ක්‍රියා තම ආගම අනුව හරියැයි තම අනුගාමිකයන්ට ඉගැන්වීම, හේතුවෙනි. එයට කාලය සහ අවකාශය, අදාල නැත. (ස්ථානය අදාල නැත.) එකම අරමුණ නොයෙක් නම් වලින් පෙනී සිටිමින් සාමුහික ප්‍රයත්නයක නියැලේ. ත්‍රස්තවාදය ආගම බවට පත් කර ගත්විට එය අතිශයින් බිහිසුණු ය. ඒ ඒ කාලය සහ අවකාශය ද ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් වෙනවා ඇත. ශරීරයේ රුධිරය ශරීරයෙහි පැතිරී ඇතිවා මෙන් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ද විවිධ නම් වලින් භාවිතා වුව ද විවිධ භූමිවල ක්‍රියාත්මක වුව ද එකම අරමුණින් මානව සංහතියය ම වෙලා ගන්නවා ඇත. එයට ඉඩ නොදී මානව සංහතිය ආරක්ෂා කර ගැනීමට, ආගමික ත්‍රස්ත විරෝධී ලෝක දේශපාලන් බල කඳවුර ශක්තිමත් කළ යුතු ය. එය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අවිහිංසාවාදී මානව පැවත්ම බිහිසුණු ආගමික අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුක්ත කර සුරක්ෂිත කිරීම

:       0       0

Ariyathilaka Tuesday, 19 December 2023 03:59 PM

සඳහා සියලු ලෝක රාජ්‍ය නායකයන්ගේ වගකීම ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 205 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1349 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 23 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1128 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 617 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site