IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


’’අය වැය පොරොන්දු 25 කින් 17ක තොරතුරු නෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

2023 වසරේ අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබූ වියදම් පොරොන්දු 25 ක් අතරින් 17 ක ප්‍රගතිය ඇගයීමට ලක් කිරීමට හැකියාවක් නොලැබුණු බවත් අදාළ අමාත්‍යංශ එම පොරොන්දු පිළිබඳව ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු මාර්ගගතව ප්‍රසිද්ධ කර නොතිබීම එයට හේතු වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

මෙම අයවැය පොරොන්දුවල මුළු වටිනාකම රුපියල් බිලියන 49.5 ක් බවත් ඉන් ප්‍රගතිය ඇගයීමට ලක් කළ නොහැකි පොරොන්දු 17 මුළු වටිනාකම රුපියල් බිලියන 47.7 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.එම මුදල මුළු වටිනාකමින් සියයට 97 ක් බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

එම පොරොන්දු 25 න් පොරොන්දු දෙකක ප්‍රගතිය සතුටුදායක බවත් තවත් පොරොන්දු 6 ක් මන්දගාමී ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම බාරව තිබෙන අමාත්‍යංශ 15 න් ප්‍රසිද්ධ කළයුතු තොරතුරු මාර්ගගතව ප්‍රසිද්ධ කර ඇත්තේ එක් අමාත්‍යංශයක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.

ප්‍රගතිය හෙළි කිරීමට රජය දක්වන මැලිකම 2017-2021 වසරට සාපේක්ෂව 2022-2023 වසරේදී සියයට 45 සිට සියයට 70 දක්වා වැඩි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.ජාතික අයවැය දෙපාර්තමේන්තුව අයවැය සැකසීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා වගකීම දැරුවත් 2023 අයවැය පොරොන්දු ඉටුකිරීම සඳහා වගකිවයුතු නියෝජිතායතනය නිවැරදි ලෙස හඳුනාගැනීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වූ අවස්ථා තිබූ බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 44 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.තවත් ප්‍රධාන ගැටළුවක් නම් එකම පොරොන්දු නැවත නැවත ඉදිරිපත් කරමින් ඒවා ඉටු කිරීමට දිගින් දිගටම අසමත් වීම බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

මෙම ගැටලු මෙම වසරේ පමණක් මතු වූ ඒවා නොවන බවත් සෑම වසරකම මෙම ගැටලු මතු වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.

 



අදහස් (0)

’’අය වැය පොරොන්දු 25 කින් 17ක තොරතුරු නෑ’’

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 171 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 359 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1758 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 246 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3325 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39688 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site