(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු ඇපල් කිලෝ 24,000ක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දෙහිවල සත්වෝද්‍යානයට අද බාර දෙනු ලැබීය.
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙම ඇපල් තොගයට ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ.
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ කාලයක් තිස්සේ රඳවනු ලැබ තිබූ මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේදී චීනයෙන් මෙරටට ආනයනය කරනු ලැබූවකි.
ඇපල් කන්ටේනරය ආනයනකරුවන් බාර නොගැනීම නිසා ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී පර්යන්තයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සත්වෝද්‍යානයට බාරදීමට පියවර ගත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
වරායේ මෙලෙස රඳවාගෙන ඇති ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය විනාශ වීමට ඉඩ නොතබා කිසියම් ඵලදායි කාර්යයකට යොදා ගැනීමට පියවර ගත යුතු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ඇපල් තොගය දෙහිවල සත්වෝද්‍යානයට ප්‍රවාහනය කරදීමටද සීඅයිසීටී සමාගම සහ වරාය අධිකාරිය එකඟවී ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න උප සභාපති ගයාන් අලගියවත්තගේ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ යන මහත්වරු සහ රේගු නිලධාරීහුද සහභාගිවූහ.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයිතිකරුවන් බාර නොගත් ඇපල් තොගයක් සතුන් වත්තට
රකිත Friday, 10 June 2022 03:54 PM
හොද නම් බලලා මන්දපෝෂණයෙන් ඉන්න දරුවන්ට දෙන්න තිබුණා සත්තුන්ටත් ටිකක් දීලා. කන්න නැතුව හිගා කන ලමයි ඉන්නවා ගොඩක්