IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අයවැය ගැන ශ්‍රීලනිප මතය ශාන් කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දුප්පත් මිනිස්සුන් පිළිබඳ  අබමල් රේණුවකවත් සැලකිල්ලක් අයවැයේ නැතැයි පොදුජන පෙරමුණේ  ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිගරැට්ටුවක් බොන්න පුළුවන් මිනිහා බීඩියක්  බොන්නේ නැතැයි ද  ආර්ථික වශයෙන් පහළ මට්ටමක ඉන්න දුප්පත් මිනිහා බොන බීඩියට පවා බද්දක් ගහන්න අය වැය යෝජනා කර තිබෙන බව ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.



අදහස් (8)

අයවැය ගැන ශ්‍රීලනිප මතය ශාන් කියයි

Ariyathilaka Wednesday, 16 November 2022 05:08 PM

අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති "තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යයි කීම තවත් එවැනි ප්‍රවාදයකි." යන පාඨය අය වැය කථාවට ඇතුළත් කිරීම, අයවැය කථාවේ 3.20 වගන්තියේ " අසාර්ථකතාවයන් නිවැරදි කිරීම සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා" යනුවෙන් ද, 3.21 "සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්" ලෙස අර්ථ දක්වන්න මම කැමති යි." යනුවෙන් දක්වා ඇති අදහස් සමඟ ප්‍රතිවිරෝධීව පවතින බව කිවයුතුයි. රාජ්‍ය පාලකයා සහ රාජ්‍ය පාලනය ලෝකයේ ආරම්භ වන්නේ ඇතැමෙක් හොරකම් කිරීම, බාහුබලය පා බලහත්කාරයෙන් සම්පත් ඩැහැ ගැනීම සහ බොරුව යන හේතු තුළින් ජනතාවට වන පීඩා නවත්වා ජනතාව ආරක්ෂා කිරීමේ මුඛ්‍යාර්ථය පිණිසයි. ඒ බව තථාගත බුදුරදුහු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සහ මිනිසා සම්පත් සෙවීම, ලබා ගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහා දඬුමුගුරු ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට යන බව දීඝ නිකායේ මහා නිධාන...

:       0       5

Ariyathilaka Wednesday, 16 November 2022 05:10 PM

දීඝ නිකායේ මහා නිදාන සූත්‍රයේ මැනවින් වදාළහ. රාජ්‍ය බිහි වන්නේ හොරකම, වංචාව, ප්‍රචන්ඩත්වය, දූෂණය, විෂමාචාරය නිසාවෙනි. "තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයින් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යයි කීම තවත් එවැනි ප්‍රවාදයකි." යන වදනක් රජයේ අයවැය කථාවට රාජ්‍ය නායකයා විසින් ගෙනඒමෙන්, රාජ්‍යයේ, දූෂණය හා නාස්තියට එරෙහි නොවීම හෝ එසේ එරෙහි වීම රාජ්‍ය පාලනයේ වගකීම ලෙස සැලකීම, බරපතල කරුණක් නොවේ යන්න ජන විඥාණය තුළ සාධාරණ කිරීමට උත්සාහ කිරීමක් ලෙස දැක්විය හැක. එය රාජ්‍යයක මුඛ්‍යාර්ථය අයාලේ යැවීමකි. ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන ගැරහීමකි. එසේම "එවැනි දෙයක් ඔබලා බලාපොරොත්තු නොවිය යුතුයි" කියන්නාක් මෙනි... පසුගිය කාලයේ මෙරට බලයට පත්වූ එක් නායකයෙක් ජනතාව විසින් " මහරජාණෙනි" කියනවිට ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ " මම මහ රජෙක් නොවේ" යනුවෙනි. ඒ කියන්නේ "මගෙන් නුඹලා මහ රජෙකුගේ යුතුකම් බලාපොරොත්තු නොවිය යුතුයි" කියා නොවේද? පසුව ඔහු ඒ බව ජනතාවට ඔප්පු කර පෙන්වූ බව අපගේ අදහසයි.

:       0       5

Ariyathilaka Wednesday, 16 November 2022 05:14 PM

"5.1 විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතුයි" යනුවෙන් දැක්වූ කරුණ පිළිබඳව සහ විවිධ ආයතන කීපයක් සහ කොමිෂන් සභා කීපයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මේ සියලු ආයතන වලට හා කොමිෂන් සභාවලට පත් කරන ඉහල නිලධාරීන්, දූෂණයෙන් සහ වංචාවෙන් තොර නොවූ නිලධාරින් නොවුණ හොත් ඇති කිරීමට යෝජිත ආයතන සහ කොමිෂන් සභා තුළින් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව නම් ඒකාන්තයි. "ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම" යන වැකියේ තෛලෝක විජය පත්‍ර භෝගය අරුත් ගන්වා නැත.

:       0       5

fairoos Wednesday, 16 November 2022 05:38 PM

පාර්ලිමේන්තුවේ ඉන්න කටුකන සෙට් එක කොහොමත් පක්ෂව තමයි ඡන්දෙ දෙන්නේ...! 

:       3       8

Ariyathilaka Wednesday, 16 November 2022 06:18 PM

"ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම" යන වැකියේ ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අරුත් ගන්වා නැත. කොළේ වසා ගැසීමකි. "පිහියෙන් ඇන්නේ නැත. පිහිය බැස්සුවා පමණයි."

:       0       6

de silva Wednesday, 16 November 2022 10:04 PM

බල්ලා මැරෙනවට මැක්කෝ කැමතිද.?

:       0       0

sanjeewa Wednesday, 16 November 2022 10:10 PM

පක්ෂ පාට නොබලා දුෂිත පුද්ගලයෝ එලවා දමන්න කැමති දකුණු පළාතේ ජනතාව මේකට ලයික් කරන්න.

:       1       0

de silva Thursday, 17 November 2022 08:48 AM

බල්ල මරෙනවට මක්කො කැමති නැහැ , අන්තිමට චන්දෙ දෙවි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 1 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1056 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2252 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1833 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1835 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2994 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1920 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site