IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද   93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ  සම්මත විය.

විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි.

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ  කළහ.

ඡන්ද විමසීම ආරම්භ වූයේ පස්වරු පහට පමණය. මැතිසබයේ  ඉලෙක්ට්‍රෝනික ඡන්ද ගණනය කිරීමේ පද්ධතිය ඔස්සේ  මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සිදු කෙරිණ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  පසුගිය 12 වැනිදා සිකුරාදා  ඉදිරිපත් කරනු ලැබීය.

ඉන්පසු   අයවැය  දෙවැනි වර  කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට  ආරම්භ කෙරිණ.

මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන  7කි.

දෙවැනි වර කියවීමේ විවාදය අවසන් වීමෙන් පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය
අද( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා  දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.

අයවැය  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස
10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. 



අදහස් (8)

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

Surupi Monday, 22 November 2021 05:44 PM

කෝ අර ආණ්ඩුව විවේචනය කරකර එළියට යන්න තර්ජනය කරපු කට්ටිය...? අර රට, ජාතිය වෙනුවෙන් පුදුමාකාර වේදනාවකින් කෑ ගහපු අය... නගුට බාගෙන හරි අපුරුවට ඡන්දේ දීලා නේද?

:       5       29

Hafeel Tuesday, 23 November 2021 07:17 AM

ඒ කට්ටියට වෙන විකල්පයක් නැහැ. මොකද්ද ඔවුන් තාම ඔවුන්ගේ නඩුවලින් නිදොස්කොට නිදහස් කරලා නැහැ. ඒ නඩු නිසා ඔවුන් ප්‍රාණ ඇපයට ලක් වෙලා.

:       0       0

අගුපිලගේ Monday, 22 November 2021 06:00 PM

විජේදාස ආණ්ඩුව පතුරු ගැහුවා. ගීතා ආච්චි ඇමතිකමක් නැතුව ඇඬුවා. අන්තිමේ ඔක්කොම එකවල්ලෙ පොල්. මෙහෙම වෙන්නෙ පක්ෂ ක්‍රමයේදී පවතින සත්‍ය යටකර බොරුව මතුවෙන්න මොළ වෙනස්කරන නිසා. මේ රට සැමදා සංවර්ධනය වෙමින් පවතින රටක් වේවි...!

:       2       18

සෙනවි Monday, 22 November 2021 07:38 PM

මේකට අත නොඉස්සුවා නම් 153න් වැඩිහරියක් අනාථ වෙනු ඇත. මෙලෝ රහක් නැති අයවැයක් යැයි කෑගැසූ විජේදාස මන්ත්‍රීද අත්දෙකම ඔසවා ඇත.!!!.

:       2       21

K Perera Tuesday, 23 November 2021 12:32 AM

ජය වේවා... මේ අයට ඡන්දය දුන්නු 69 ලක්ෂයටම... !!! 

:       0       0

de silva Tuesday, 23 November 2021 06:44 AM

දැන්වත් මේ බොරු දේශප්‍රේමයක් මවාගෙන ආණ්ඩුවේ සිටිමින්, ආණ්ඩුවට විරුද්ධව කතාකර අන්තිමේදී හැම එකකටම පක්ෂව අත උස්සන හොරු ප්‍රතික්ෂේප කිරීමට ජනතාව සහ මාධ්‍යවේදීන් ක්‍රියාකළ යුතුය. මොවුන්ගේ රැස්වීම් වර්ජනය කළ යුතුය.

:       0       0

Hafeel Tuesday, 23 November 2021 07:24 AM

මේ 153 ට හකීම් රිෂාර්ඩ්ලාගේ ඡන්ද හතකුත් එකතු වෙලා. හැබැයි හකීම් රිෂාර්ඩ් විරුද්ධව ඡන්ද දීල රඟ පාල තියන්නේ. තවද විමල්, එස් බී, මහින්දානන්දල කිසිසේත්ම මේ හලාල් ඡන්ද ගන්න නැහැ කියල, ඒගොල්ලත් රඟ පාල. එළියේ මිනුස්සු කොටාගන්නවා. දැන්වත් තේරුම් ගත්තුත් හොඳයි.

:       0       0

sharm warn Tuesday, 23 November 2021 09:14 AM

මේ තකතීරු අය වැයට පක්ෂව ඇත උස්සපු උන්ව පත් කර ගත හරකුනි.දැන් ඔබට සතුටුයිද ?සැපයිද ? කිරි බත් උයනවද 10 වෙනිදට ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 5 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 198 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 200 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 427 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 521 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 71 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26344 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site