IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එම පොරොන්දු 25න් 18 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු තිබුණත් ඒ සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදනවල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් බවත් එය සමස්ත මුදලින් සියයට 11 වැනි සුළු ප්‍රතිශතයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

පොරොන්දු 25න් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු හතරක් පමණක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 16 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගෙවුණු වසර දෙකක කාලයකදී අයවැය තුළින් වැඩිම මුදලක් වෙන්කළ සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා 2022 වසරේදී රුපියල් බිලියන 26.8 ක්ද 2023 වසරේදී රුපියල් බිලියන 43ක්ද වෙන්කර තිබූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එසේ විශාල මුදලක් වෙන් කර තිබුණත් එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට වසර දෙකේදීම රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘

Perera Thursday, 13 June 2024 08:51 AM

ඔය කවුරු මොනවා කිව්වත් අයිඑම්එෆ් එකෙන් මදි නොකියන්න තව ඩොලර් මිලියන 1 කට ආසන්න මුදලක් ණය අනුමත කරලා

:       2       4

robert Thursday, 13 June 2024 09:07 AM

ඕකට හේතුව පුරන් අප්පු කැරලි ගහපු එක . ඒ කාලේ කරත්ත ගිනි තියලා, කෙත්වතු පාලු කරලා,වැව් විනාශ කරලා, බලකොටු විනාශ කරලා කරපු පාඩුව තමයි තාම පූර්ණය කරගන්න බැරිවෙලා තියෙන්නේ

:       0       23

තොත්ත බබා Thursday, 13 June 2024 11:59 AM

අයවැය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරල හරියාකාරව සාකච්ඡා නොකර සම්මත කරනවා .අයවැය අනුමත කරලා ඔක්කොටම පාටියක් දීලා සන්තෝසෙන් විසිර යනවා. අවුරුදු උත්සවය වෙසක් පොසොන් පිංකම් හා දළදා පෙරහැර හා දේවාල පෙරහැර අවසන් වෙලා බලනකොට වෙන්කල මුදල් එහෙමම තියෙනවා. කඩිමුඩියේ එහේට මෙහේට මුදල් බෙදීම කර වැඩක් කරන්න කාලය මදිවෙනවා. ප්‍රගතියක් බලන්න කාලයක් ඉතිරි වෙන්නෙ නැහැ .මොකද ඒවා කරද්දී ඊළඟ අයවැය සම්මත කරන්න තියෙනවා. ඊළඟට වර්ෂයේ ගිනුම් පියවීම දෙසැම්බර් මාසයේ අන්තිම වැඩ කරන දිනයේ කරන්න තියෙනවා .මෙහෙම වෙන්නෙ අයවැය සම්මත කලත් ක්‍රියාත්මක කරන්න කාලයක් වෙන්කර නැහැ. දෙසැම්බර් ගිණුම් පියවීම කියන්නෙ තනිකරම හොර වැඩ පමණයි .සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම පා වර්ෂය තුල කිසිම පසුවිපරමක් නැහැ විගණන කටයුතු කරන්නෙ වසරක් දෙකක් ගතවුනාට පස්සෙ තමයි

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 838 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 387 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 256 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 789 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 695 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site