IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වර්ෂය සඳහාවන  අයවැය  විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තුවට අද (7) පෙරවරුවේ  ඉදිරිපත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පතට අනුව  ලබන වසර සඳහා වන රජයේ මුළු වියදම රුපියල් කෝටි දෙලක්ෂ  පනස් දහස් පන් සියයකි.

එය මෙම වසරේ රජයේ වියදමට සාපේක්ෂව රුපියල් කෝටි 3300 ක පමණ අඩුවීමකි.

ඇස්තමේන්තුගත රජයේ මුළු වියදමෙන් රුපියල් එක් ලක්ෂ හැත්තෑ හත්දහස් හයසියයක්  පුනරාවර්තන වියදම් ලෙස දැක්වේ.

පොදු  සේවාවන් සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් කෝටි 1200කි.

ඊට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතනවල වියදම්ද ඇතුළත් වෙයි.

ලබන වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි  200 කට අධිකය .

මේ අනුව මෙම වසරට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ වියදම රුපියල් කෝටි 600 කින් පමණ  අඩු වනු ඇත.

විසර්ජන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි . ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල්  කෝටි තිස් පන් සියයකි.

මෙම වසරට සාපේක්ෂව එය රුපියල් කෝටි 1800 ක පමණ වැඩි වීමකි.

ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩිම වැය ශීර්ෂයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි.

එම අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි විසි අටදහස් හය සියයකි.

ඉන් වැඩිම ප්‍රමාණයක්  වෙන්කර ඇත්තේ
පුනරාවර්තන වියදම් සඳහාය.

විසර්ජන පනත් කෙටුම්පතෙන්  මහා මාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි විසි පන්දහසක් වෙන්කර ඇත.

මෙම වසරට සාපේක්ෂව අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් කෝටි සීයකින් පමණ  ඉහළ නංවා ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට ලබන වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි දොළොස් දහස් හත් සියයකි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා ලබන වසරට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 15,300 කි.

එය මෙම වසරට සාපේක්ෂව  රුපියල් කෝටි 600 ක පමණ අඩුවීමකි.

ලබන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ලෙස රුපියල් කෝටි දහඅට දහස් පන්සියයකට වැඩි මුදලක් වෙන් කරනු ලැබ ඇත . එය මෙම වසරට සාපේක්ෂව රුපියල් කෝටි 2800 ක පමණ වැඩි වීමකි.



අදහස් (0)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට

ඔබේ අදහස් එවන්න

දියත

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 56 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 80 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 145 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2541 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1787 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 132 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site