(ඩයනා උදයංගනී)
අතුරු අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩු ගණනාවක් ද පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නිසි වැඩපිලිවෙලක් එම අයවැයේ නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම පක්ෂ කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය යොදාගෙන සේවා ආර්ථිකය දියුණු කිරීම, සුවිශේෂී ආර්ථික කලාපය සහ මහද්වීපික තටාගය සතු සම්පත් උකහා ගැනීමට විදේශීය සහය ලබා ගැනීම වැනි විදේශ විනිමය අර්බූදයෙන් මිදීමට අතිශයින්ම වැදගත් පියවර ගැන මෙන්ම රාජ්‍ය ආදායමේ සෘජු බදු දායකත්වය වැඩි කිරීම සඳහා කිසිම යෝජනාවක් අයවැයේ නැතැයි ද මන්ත්‍රීවරයා කීවේය.
භාණ්ඩ මිල සියයට 47 කින් හා ආහාර මිල සියයට 83කින් ඉහළ ගොස් තිබිය දී වැට්බද්ද සියයට 12 සිට 15 දක්වා වැඩි කර ජීවන වියදමෙන් මිරිකෙන ජනතාවට තවත් බරක් පැටවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
අලාභ ලබන උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවන ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමෙන් මෙන්ම ලාභ ලබන රාජ්‍ය ආයතනවලින් සියයට 25ක කොටස් කොටස් වෙළඳපොලේ විකිණීමෙන් මුදල් අච්චු ගසා උද්දමනය වැඩි කරමින් ආදායම් උපයනවා වෙනුවට කාටවත් බරක් නොවී ආණ්ඩුවට ආදායමක් උපයාගත හැකි බව ද ගම්මන්පිල මහතා පැවසීය.
එම ආයතන වසර විස්සක් වැනි කාලයකට පෞද්ගලික අංශයට භාර දුන් විට ඔවුන් එය වර්ධනය කර ඇත්නම් එම කාලයෙන් පසු මිලදී ගැනීමට ආණ්ඩුව සතුව මුදල් තිබිය යුතු නිසා සෑම වසරකම අයවැයෙන් යම් මුදලක් වෙන් කරමින් “උපාය මාර්ගික රාජ්‍ය ව්‍යාවසාය මුදවා ගැනීමේ අරමුදලක්” බිහි කිරීම අවශ්‍ය බවද හෙතෙම කීවේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩුත් තියෙනවා’’
Bamunuarachchi Wednesday, 31 August 2022 04:12 PM
අඩුපාඩු නැති අයවැයක් කවදා කවුද ඉදිරිපත් කළේ?