IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අයවැය හෙද සේවයට කුඩම්මාගේ සැලකිලි දක්වලා

 

(අංජුල මහික වීරරත්න)

අයවැය යෝජනා වලින් හෙද සේවාවට බරපතල අසාධාරණයක් වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගෙන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය මෙසේද පවසයි.

2025  අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 දින ප්‍රකාශයට පත් කළ අතර හෙද සේවයට එහිදී බරපතල අසාධාරණයක් සිදු වී ඇත.

මේ වන තෙක් හෙද සේවාවට ගෙවනු ලැබූ අතිකාල අනුපාතිකය එනම් පැයට ගෙවන මුදල මාසික වැටුපෙන් 1/160 ට 1/200 දක්වා පහළ දමා ඇත.

හෙද හිඟය හේතුවෙන් හෙද නිලධාරීන් 3 දෙනකු විසින් කළ යුතු කාර්යයන් එක් හෙද නිළධාරියකු විසින් සිදු කරන තත්ත්වයක් තුළ පැය 24 ක අඛණ්ඩ සේවාවන් සපයන හෙද සේවාවේ අතිකාල ගෙවීම අනුපාතය පහළ දැමීම නිසා ආරම්භක ශ්‍රේණියේ හෙද නිළධාරියෙකු හට මසකට රු. 6500 ක් පමණ අහිමි වේ. ශ්‍රේණීන් වල ඉහළට යාමේදී මෙම කප්පාදුව තවත් වැඩි වන අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරියකුගේ (Matron) අහිමි වන මුදල රු. 11,500ක් පමණ වේ.

එසේම රජයේ නිවාඩු දිනයක වැඩ කිරීම වෙනුවෙන් ගෙවන මුදල මාසික වැටුපෙන් 1/20 සිට 1/30 දක්වා අඩුකර ඇත.

හෙද සේවාව යනු පැය 24 ම රාජකාරිය සිදු කරමින් අවුරුද්ද පුරාම අඛණ්ඩ සේවයක් සැපයිය යුතු සේවාවක් වේ. අනෙකුත් රාජ්‍ය සේවකයන් බහුතරයක් නිවාඩු ලබාගන්නා රජයේ නිවාඩු දින, ඉරිදා දිනයන් හිදීද හෙද නිළධාරීන් සේවාවේ නිරත වේ. ඒ වෙනුවෙන් හෙද නිලධාරීන්ට මේ වන විට මූලික වැටුපෙන් 1/20 ක් ගෙවනු ලබන අතර පසුගිය දා ඉදිරිපත් කළ අයවැයෙන් එය 1/30 දක්වා අඩුකර ඇත.එම කප්පාදුව තුළ රජයේ නිවාඩු දිනවල හා ඉරිදා දින වල සේවය කරන හෙද නිලධාරියෙකුට අහිමි වන මුදල රු. 6000 ක් පමණ වේ.

තවද මෙවර අයවැයෙන් හෙද නිලධාරීන් සඳහා අසාධාරණ උපස්විම් ක්‍රම වේදයක් හඳුන්වා දී ඇත.

මේ වන විට පළමු උපස්විම් වසර 05 න් ක්‍රියාත්මක වන අතර එය අයවැය යෝජනා තුළින් වසර 10 දක්වා දීර්ඝ ඇත. දෙවන උසස්වීම වසර 7 න් ලබාදුන් අතර එය වසර 11 දක්වා දීර්ඝ කර ඇත. එසේම මුල් පත්වීමේ සිට වසර 22 න් ලබාදුන් අධිශ්‍රේණිය වසර 31 දක්වා දීර්ඝ කර ඇත.

ඉහත සියළු කාරණා නිසා මෙම අයවැය යෝජනා 2025/04/01 ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමෙන් පසු අතිකාල / නිවාඩු දින දිමනා අසාධාරණය හේතුවෙන් එක් හෙද නිළධාරියෙකු හට ශ්‍රේණිවලට අදාළව රු. 12,500 සිට රු. 20,000 දක්වා මුදල්මය අවාසියක් වාර්ෂිකව සිදුවේ.

එබැවින් මෙම කරුණු පිළිබඳ හෙද සේවාවේ බලවත් අවධානය යොමුව ඇති අතර එම යෝජනා ඉදිරි අයවැය කියවීම් වලදී සංශෝධනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙයි.

 



අදහස් (3)

අයවැය හෙද සේවයට කුඩම්මාගේ සැලකිලි දක්වලා

Kamal Koyrala Thursday, 20 February 2025 11:45 AM

ආරක්ෂක, ප්‍රවාහන, සෞඛ්‍යය 24 පැය සේවාවන් වේ. වැටුපට අමතරව ලැබෙන දීමනාත් සඳහන් කරන්න මාසිකව ලැබෙන පූර්ණ වැටුප...

:       0       1

Hacc Hettiarachchi Thursday, 20 February 2025 01:55 PM

විශ්වාසය කඩකළා. සිනහ බොඳකළා. හරිම දුකයි.

:       1       5

Samitha Thursday, 20 February 2025 02:15 PM

ඉස්සෙල්ලා ලෙඩ්ඩුන්ට කරුණාවෙන් සලකන්න ඉගෙන ගන්න. අපි නොදන්න නර්ස්ලා.

:       9       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 35 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 35 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 450 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 115 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 218 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 729 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site