(අංජුල මහික වීරරත්න)
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.
ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි .
පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමේ ආකාරයද, පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද මේ සාකච්ඡාවේදී සලකා බැලිණි.
පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බවත්, එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදා ගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්විය.
වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබා දෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීමටත්, එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී සඳහන් කළේය.
දැනට පවතින සහනාධාර ලබා දෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින් සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කර ගැනීමේ හා එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශ ලේකම්, මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයවැය හදන හැටි ජනපති කියයි
පම්පෝරි ජනක Tuesday, 21 January 2025 06:11 PM
මොනවද ඉතින් සුපුරුදු පරිදි දුම්වැටි ,මාද්‍ය සාර ,රථවාහන වලට බද්ද වැඩිකරලා අයවැය පරතරය පියවගන්න බලනව ඇති
සුභාෂ් Wednesday, 22 January 2025 12:03 AM
සමාජවාදයෙන් දේශපාලනය ආරම්භ කරමින්, ධනවාදයේ උපරිමය තම ආර්ථික ප්‍රතිපත්තිය බවට මෙතුමා සිරසේ සටනේ දී මැනවින් ප්‍රදර්ශනය කරා. කිසිම වැඩපිලිවෙලක් නැහැ, බදු බදු බදු වෙන කිසිම වැඩ පිලිවෙලක් නැහැ...පුළුවන් එකෙක්ට මෙක කරන්න දීලා තඔුත්තේගමට ගිහින් ඉන්න මැතිතුමනි.
Nishan Wednesday, 22 January 2025 06:29 AM
තවත් එක කයිවාරුවක් තමයි.