අයිවරි කොස්ට් හි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ රෝහලකදී මියගිය බව එරට රජය නිවේදනය කර තිබේ. හමෙඩ් බකයෝකෝ මහතා මියයන විට පිළිකා රෝගයට ප්‍රථිකාර ලබමින් සිටියේය. සිය 56 වන උපන්දිනය සැමරීමට දින කිහිපයක් තිබියදී ඔහු අභාවප්‍රාප්ත විය.
මීට පෙර අයිවරි කෝස්ට් හි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමදු ගොන් කුලිබාලිගේ හදිසි අභාවයෙන් පසු පසුගිය වසරේ ජුනි මාසයේ බකයෝකෝ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙබරවාරි මාසයේ දී බකයොකෝ මහතා ප්‍රංශයට ගෙනයන ලද අතර පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ජර්මනියට මාරු කරන ලදී.
මාධ්‍ය ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ හෙතෙම පසුව දේශපාලනට පිවිසි අතර අග්‍රාමාත්‍ය ලෙස පත්වීමෙන් අනතුරුව අයිවරි කෝස්ට් හි සිවිල් යුද්ධයේ ප්‍රමුඛ මැදිහත්වීමේ කාර්යභාරයක් ඉටු කළේය.
"බකයොකෝ, දේශපාලන ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයෙක් සහ ප්‍රතිසංවිධානයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකි. එසේම ශ්‍රේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රකයෙක් සහ පක්ෂපාතී මිනිසෙකු ලෙස සැමට ආදර්ශයක් වෙමින් ජීවත් වූ මිනිසෙකි." යනුවෙන් අයිවරි කෝස්ටි හි ජනපති ඇලසෙන් ඔවාටාරා මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව හැරුණු විට රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද බකයොකෝ මහතා කටයුතු කළේය.
බකයොකෝ මහතාගේ අභාවයෙන් පසු අයිවරි කෝස්ට් හි අතුරු අග්‍රාමාත්‍යවරයකු පත්කර ඇති අතර ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා අතුරු ආරක්ෂක ඇමැති ලෙස නම්කර තිබේ.
අයිවරි කෝස්ට්, අප්‍රිකාවේ බටහිර වෙරළ ආසන්නයේ පිහිටා ඇති රටකි.
(බීබීසී ඇසුරිණි - 085)
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එම කැමරතයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත ක
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී සමුගනී
Pieris L.G. Thursday, 11 March 2021 05:10 AM
අපේ කවද්ද කියන්නත් බැහැ. නිවන් සුව ලැබේවා..!!!