(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 159 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂවත් සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු අයවැයට විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කළහ.
රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධවද කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂවද ඡන්දය ප්‍රකාශ කළහ.
ජනාධිපතිවරයා අයවැය ලේඛනය( අයවැය කතාව) පාර්ලිමේන්තුවට පෙබරවාරි මස 17 ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාද දින විසි හයක් පුරා පැවැත්විණ.
අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පෙබරවාරි මස 18 සිට පෙබරවාරි මස මස 25 දක්වාද අයවැය කාරක සභා අවස්ථාවේ විවාද පෙබරවාරි 27 වැනිදා සිට අද (21) දක්වාද පැවැත්විණ.
අද (21) පැවැත්වුණේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයයි.
පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්
කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්
ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
Asela Friday, 21 March 2025 08:49 PM
මේ රටේ ජනාධිපති විදිහට තේරී පත් වුණු වැඩකට නැති කෙනෙක්. ඔහු මෛත්‍රීට හෝ ගෝඨාභයට නොදෙවෙනියි. ගෝඨාභය අඩුම තරමේ කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. කිසිම ප්‍රගතියක් නැතුව අවුරුදු පහක් ගෙවිලා යයි.
පුරවැසියා Friday, 21 March 2025 10:17 PM
අසේල ඔයාලාටත් අයවැයනේ මුදල් වෙන් කරලා තියෙන්නේ...!
Jagath Leanage Friday, 21 March 2025 08:54 PM
අනුර ඇතුලු ජා.ජ.වේගයට ජයවේවා! මෙය සැබවින්ම ජනතාවාදි අය-වැයකි.
Sabhri Friday, 21 March 2025 09:30 PM
අසේලගේ කුහකකම පේනවා...
Gamini Friday, 21 March 2025 10:35 PM
පේනවනේ ටොම්පච අතඇරලා ජෙබයියෝ රැවැට්ටුවා කියලා දාන හිනාව...
චන්දරෙ Friday, 21 March 2025 10:43 PM
අද අන්දරේත් පාර්ලිමේන්තු ඇවිත් සභාවම හිනැස්සුවා...
ගමේ එකාලා Friday, 21 March 2025 10:55 PM
ඉස්සර හිටපු නායකයෝ ජනතාව රැවට්ටුවේ ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා.. අන්තිමට රටම හොරාකාලා කාබාසිනියා කරපු එකයි කෙරුවේ...
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Saturday, 22 March 2025 07:47 AM
සමහරු විශ්‍රාම වැටුප් දෙක දෙක අරං තියෙන බව ඔබ කිව්වා. ඒ අය විතරක් නොවෙයි දකුණු පළාත් රාජ්‍ය ස්වා කමිෂන් සභාවේ හිටියා.. එවක ආණ්ඩුකාර වරයාගේ එකම උපදේශකත් සාමාජිකයෙක් විදියට එයා වැටුප් හතරක් ගත්තා මම තමයි විගණනයට ලිව්වේ. ඒ වගේම තව ඉන්නවා එකවිට වැටුප් තුන හතර ගන්නා අය. ඒ වගේම දීමනා ආදිය. ඉන්ධන සහ නිල වාහන දීමලා කියලා ලක්ෂ එකහමාරක් අරං තවත් වාහන දීමනා කියලා තවත් මුදල් ගත්තු අය ඉන්නවා දකුණු පළාතේ. මම තමයි විගණනයට ලිව්වේ. ඒවා ගැන තවමත් නිසි විගණනයක් නැහැ. අනික දකුණු පළාතේ මේ ආණ්ඩුකාරයා ඉන්න කම් කිසිම වෙනසක් වෙන්නෙත් නැහැ. දේශපාලන අධිකාරියටත් ඒවා සොයලා බලන්න ඕනෑකමක් නැහැ වගෙයි පෙනෙන්නේ. ක්ලින් ශ්‍රී ලංකා කිමට මෙව්ව කිසිවක් ක්ලීන් වෙලා නැහැ. මම කැඳවන්න ජනාධිපති ලේකම් කාර්යාලකයට මම එන්නම් ලිපිලේඛන ඔක්කොම අරංගෙන. අර කවුද කියලා තිබුණා වගේ දකුණේ ආණ්ඩුකාර කමට මෙයාට වඩා හොඳයි.. රමේෂ්, කාංචන, නාමල් හෝ චානක. මෙයා ඩබල් ගේම් කාරයෙක්. සත පහකට වැඩක් ඇති පුද්ගලයෙක් නොවෙයි...
Aslam Saturday, 22 March 2025 09:20 AM
මේ අයවැයෙන් සාමාන්‍ය බහුතර ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් නැහැ. එසේ නම් ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. සියලුම රජයන් එකම දේ කළේ මහජනතාව රවටා ගැනීම පමණයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පහළ මධ්‍යම පාන්තික අහිංසක ජනතාව.