IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අරගලකරුවෝ ගාලු මුවදොර අරගලභූමියෙන් ඉවත් වෙති

(ඩයනා උදයංගනී)

ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්වීමට එම අරගලකරුවෝ ඊයේ (9) රාත්‍රියේ ඒකාබද්ධව තීරණය කළහ.

ඒ අනුව ඔවුන් මේ වන විට අරගලභූමියෙන් ඉවත්ව ඇත.

 අරගල භූමියෙන් ඉවත් වූ නමුත් අරගලය අවසන් වී නොමැති බවත් ඉදිරියේදී නව ජවයකින් යුතුව සමස්ත ලාංකීය ජනතාව සමඟ නව මුහුණුවරකින් පෙරට එන බවත් අරගලකරුවෝ පවසති.

 මේ අතර අරගලයේ දී දිවි දුන් පිරිස් සැමරීමේ වැඩසටහනක් ද ගාලු මුවදොර අරගල භූමියේදී ඊයේ (9) රාත්‍රියේ පැවැත්විණි. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (21)

අරගලකරුවෝ ගාලු මුවදොර අරගලභූමියෙන් ඉවත් වෙති

මහේෂා Wednesday, 10 August 2022 12:22 PM

අරගල වෙනුවෙන් දිවි දුන්න කිව්වෙ වෙන රටවල් වල වෙන්න ඇති. මෙහෙ නං මලේ බවුසර් ගිනිතියන්න මිනී මරන්න ගිහින්නෙ. හැබැයි කෝටුපාර කාල බ්වබුදු අමඅම්මෝ ගහන්නෙපෝ කියල දුවපු අයනං ස්ටේට්ස් දාල තිබ්බ උන්ඩෙ ඔලුවට වැදිලා මැරෙන්න බලාගෙන එන්නෙ කියල

:       33       41

sharm warn Wednesday, 10 August 2022 12:25 PM

අරගලය ලොකු සටනක් කරල රටෙ ඉන්න එල හරකුන්ට පෙන්නුව පඹය පඹයෙක් කියල. .. එකෙන් වෙන්න ගිය ලොකු විනශයක් නවතුනා.. නමුත් අපි රටක් හැටියට වටිල ඉන්න වලෙන් තවම ගොඩ අවෙ නැහැ.. දැන් තියෙන පාලනයත් අපිට ඔන වෙච්ච වෙනස නෙමෙයි. හැබැයි අරගලය මුවවෙන් රනිල්ට කඩෙ ගිය කොටසක් ඉදල තියෙනව කියලත් තෙරුන. සහෝදර සහෝදරියනි.. අපි පොඩි විවේකයක් ගම්මු.. අයෙමත් අපිව ඔන වෙයි එයලගෙ ගින්න නිවන්න.. එතකොට අපි අයෙමත් එකතු වෙමු.. අරගලයට ජය වේවා.. ඔබල ජතික විරයො.. මොකා මොනව කිව්වත්..

:       31       26

anura Wednesday, 10 August 2022 12:29 PM

දැන් ඉතින් නගරසභා සේවකයන්ට ඉතිරි වැඩ ටික කරන්න වෙයි.

:       20       32

යෝගා Wednesday, 10 August 2022 12:40 PM

දාගෙන හිටපු වෙස් මුහුණු ගැලවිලා අරගලකරුවන් කවුද? ඒ අය කාගේ අතකොලුද කියලා දැන්රටම දන්නවා. ඒ නිසා දැන් හරිහමන් රස්සාවක් හොයා ගත්තොත් හොඳයි නේද?

:       20       46

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 August 2022 12:42 PM

ඔබ සියලුදෙනා පරාජය වූයේ නැහැ. ඔබ සැමගේ සියලු කැපවීම නිසා මේ රට බංකොලොත් කිරීමට මුල්වූ ජනපති කෙනෙකු, අගමැති කෙනෙකු, මොල හතක් ඇතැයි කියන මුදල් ඇමති කෙනෙකු බලයෙන් පහ කිරීමට හැකිවුණා. ඒ වගේම මේ රටේ දූෂිත පාලනයන් හා දේශපාලනඥයින් ජනතා බලයේ ඇති අසීමිත බලය ගැන හොඳ දැනුමක් හා අවබෝධයක් ලබා ගත්තා. සියල්ල සම්පූර්ණ වුණේ නැති වුණත්, බොහෝ වෙනසක්, ජීවයක් ඇතිවුණා. මිනිසුන්ගේ ඇස් යම් තරමකට හෝ අවදි වුණා. රටේ යහපත වෙනුවෙන් දිවි හා දිරිදුන් සැමට අපේ ප්‍රණාමය... සාමකාමී උද්ඝෝෂණයට අරලියගහ මැදුරේ සිට සිදුකළ ප්‍රහාරය නිසා එය වෙනත් දිශාවකට යොමු වුණා. එසේ නොවන්නට අරගලය මීට වඩා වෙනස් ප්‍රථිඵල ලබන්නට ඉඩ තිබුණා. දේශපාලන බලය ජනතා මතයට යටකළ ඔබ සැමට යහපතක්ම වේවා. බුදු සරණයි. දෙවි පිහිටයි...

:       29       31

I. Pankumburage Wednesday, 10 August 2022 12:46 PM

අරගල කළේ රනිල් ජනාධිපති කරන්නද කියලත් හිතෙනවා...!

:       15       38

fairoos Wednesday, 10 August 2022 01:02 PM

අරගලයෙන් ජාතිවාදී නන්දසේන තොලෙන්චිවෙලා ගිය එකනම් හොදයි. ඒත් පොහට්ටුවෙ අය ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ.

:       41       32

"කාලය පොලී කල අරගලය" Wednesday, 10 August 2022 01:07 PM

සුද්දා රට බාරදීලා අවුරුදු 70 ගෙවිලා ගියා... ඉන්පසු අපේ බලයට පත්වූ හැම රජයක්ම කලේ සුද්දා ගිය දවසේ ඉඳලා රට උගස් කරලා හැත්තෑ අවුරුදු එකතු වෙච්ච පොළියක් එක්ක රට ගෙනියපු එක! හැබැයි පාර්ලිමේන්තුවේ හිටපු හෝ දෑන් ඉන්න කිසිම මැති ඇමති කෙනෙක්ට පොළියක් ගෙවන්න සිද්ධවෙලා තියෙනවද..? නැහැ..! ඇත්ත රට දිළිඳු වෙලා..!!. ඒත් පාර්ලිමේන්තුවේ හිටපු හෝ ඉන්න දැන් එක මැති ඇමති කෙනෙක්වත් දිළිඳු වෙලාද.? ඒක ගෙවන්න වෙලා තියෙන්නේ මතු පරපුරට..! හැබැයි ඔවුනුත් හරිම උදාසීනයි.... දෙනකම්ම ලැබෙනකම්ම බලාගෙන ඉන්නවා.. මොබයිල් එකේ කොට කොට..!! අරගලය දින 100 ඉක්මවලා කලා... ලැබුනු ප්‍රතිඵලය මාධ්‍ය ප්‍රචාරය පමණයි. අරගලයෙන් රටේ ආර්ථිකය 1% කින් වත් ඉහල ගියාද ..?? තරුණ ජවය මේ විදියට නාස්ති කරනවා නම් රටේ අනාගතය ඉතා භයානකය. ""කාලය රත්තරන් හා සමානය"" කියලා දැන දැනත් ලංකාවේ තරුණයෝ කාලය උකසට තියනවා පොළී වෙනකම්ම. හැබැයි පිටරටකට යන්න ඔතන ඉන්න බොහෝ තරුණයෝ සිහින මවනවා නේද..? ඒ රටවල ගියොත් ඕවා කරලා කාලය නාස්ති කරන්න පුලුවනිද? පිටරටක කාලය රත්තරන් වලටත් වඩා වටිනවා.. එනම් " අත වැඩකලොත් තමයි බඩ පිරෙන්නම කට වැඩ කරන්නෙ.."

:       8       15

SUNIL MILANO Wednesday, 10 August 2022 01:42 PM

මේ ෆයිරූස් කියන අය... රටේ ඉන්නකන්... අපේ මව්බිමට අබසරණ තමයි. අපේ රටට අලුත් ඉරක් පායන්නේ මොවුන් තොලොංචි වෙලා ගිය දවසට.

:       19       38

fairoosWednesday, 10 August 2022 02:45 PM

නන්දසේනට බනිනකොට රිදෙනවා නේද? ජාතිවාදය තමයි රට මේ තත්වයට පත්කළේ... මෙච්චර වෙලත් අනුවණයින් වගේ අදහස් ලියනවා...

:       24       14

BamunuarachchiThursday, 11 August 2022 04:43 PM

අපෙ ළඟ ජාතිවාදය ලේවල දුවනවා... අපේ ජාතිවාදය මෙරට සිංහල කරන්නේ නොවේ.. හම්බයින්ගෙන් දෙමළුන්ගෙන් සිංහල රට රැකගන්න. මේ රටට හම්බයින් ඕනේ නැත.

:       1       2

ChinthakaWednesday, 10 August 2022 03:12 PM

ඇත්ත, ජාතිවාදියා කවුද කියලා ඒ ප්‍රතිචාරයෙන්ම පේනවා. මේ වගේ අය තමයි රටින් පන්නන්න ඕනේ..!!! 

:       9       19

yamuna Wednesday, 10 August 2022 02:20 PM

යුග මෙහෙවරක් කල ඔබට අපගේ ප්‍රණාමය

:       27       17

wasala Wednesday, 10 August 2022 03:05 PM

ඔය අරගල කරපු කාටවත් මේ රට හදන්න වුවමනාවක් නෑ. ඔතන කී දෙනෙක් ඉන්නවාද රටේ පුරන් වෙච්චි කුඹුරු ටික වගා කරන්න ඉල්ලපු. කී දෙනෙක් ඉන්නවද තමන්ගේ ව්‍යාපෘතියක් කරන්න ඉල්ලපු. රට හදන්න ඉල්ලන අන්තරේ කැඳවුම්කරු අවුරුදු කීයක් කැම්පස් එකේද? තමන්ගේ උපාධිය හරියට කරගන්න බැරි කෙනාද රට හදන්න ඉල්ලන්නේ...? වෘත්තීය සමීති ව්‍යාපාරය. ඇත්තටම බිස්නස් එකක් තමයි. එකේ නමේ අගට තියෙන්නෙත් ව්‍යාපාරය කියලා. දුම්රිය අය ස්ට්‍රයික් කරනකොට ඔය රට හදන්න කෑ ගහන අය කොහේද හිටියේ...? මේකට ඔළුව තියෙන බුද්ධිමත් නිර්දේශපාලනික පිරිසක් ඕනෑ... අරගල කරපු අය එකඑක්කෙනාගේ කොන්ත්‍රාත් කරපු අය. ඔවුන් කියන දේ හරි නම්, ඔවුන් හරි දේ කරනවා නම් පහුගිය ඡන්දේදී දිනන්න ඕන අනුර. කයිය ගහන්න ලේසියි. වැඩ කරන්නයි අමාරු... එක එක්කෙනාට ඕනෑ විදියට රට කරන්න බෑ. රටේ නීතියක් තියෙනවා. අපි දැක්කා ඔය රට හදන්න ආව හාදයා සබන් ගාලා පූල්වල නානවා. මෙට්ට පූල් එකට දාලා ඒකේ බුදිය ගන්නවා. හෝ ගාලා ෆොටෝ ගන්නවා. සෙල්ෆි ගහනවා. හිතන්න පුළුවන්ද රට හදන්න එන අයගේ මානසික තත්වය...? ඉස්සල්ලා ඔය සෙට් එක සෙට්වෙලා රට දියුණු කරන්න වැඩක් පටන් ගන්න. අඩුම ගානේ කුඹුරක් කරපල්ලා. ඒක රැල්ලක් කරපල්ලා. චිත්‍ර වගේ...!

:       12       22

dm Wednesday, 10 August 2022 03:33 PM

අරගලේ අසාර්ථකයි කියන්නේ මෝඩයෝ. අරගලේ සාර්ථකයි. දූෂිත රාජපක්ෂලා එලෙව්වා. මිස්ටර් ක්ලීන් ජනාධිපති කළා. ඒක තමා අරගලේ යටි අරමුණ වුනේ. දැන් ටැමිල් ඩයස්පෝරා එකටවත් එන් ජී ඕ අයටවත් මුස්ලිම් බිස්නස් කාරයින්ටවත් ජවිපෙටවත් අරගල ඕන නැහැනේ.

:       18       7

sharm warnWednesday, 10 August 2022 05:28 PM

මෝඩයෝ නෙමෙයි, ඒ තමයි උපන් ගෙයි වහල්ලු. තමන් දුක් විඳින ගමන් අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් දුකට පත් කරලා.

:       2       0

Amarasingha Wednesday, 10 August 2022 03:37 PM

කවුරු කොහොම මොනවා කිව්වත් මේ අරගලය නිසා රටේ ජනතාව ජයග්‍රහණ ගොඩක් ලබාගත්තා. එක එක පක්ෂ වලට කඩේ යන අයට ඕනේ දෙයක් කියන්න පුළුවන්. නමුත් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක් පෙරලීමට සමත් වුනු අරගලයක් මේ. දේශපාලකයින්ට ජනතාවගේ බලපෑම දැනෙන්න පටන් ගත්තේ මේක නිසා. කවුරු කවුරුත් අඩියක් පස්සට අරන් ආපහු හිතන්න පටන් ගත්තේ මේ නිසා. අඩුපාඩුත් වෙන්න ඇති. නමුත් පාලකයෝ කරලා තියන දේවල් වල හැටියට ඒවා මහා දේවල් නෙවෙයි. රටට විශාල බලපෑමක් කල, ජනතාව අවදි කල, ඔබ සැමට සුබ පැතුම්. රටට ජය.

:       19       11

sunimal Wednesday, 10 August 2022 04:22 PM

පූස් පැටව් වගේ අරගලයෙන් ඉවත්වන අරගල නායකයින්ගේ හැසිරීම සැක සහිතයි. සාක්කු පිරුණාද? අත්අඩංගුවට ගන්නේ කොලේ වහන්නද?

:       0       0

SUNIL MILANO Wednesday, 10 August 2022 06:24 PM

මුලදී බුරියානි, ෆ්‍රයිඩ්රයිස් සහ ලැබුණු සැප දැන් නැති නිසා. මේ අරගලකරුවන් එලවලා දානවා. දමිතා ඇතුළු ලොකු නඩ හෝටෙල්වල සැප අරගෙන රු. කෝටි ගණන් සොයා ගත්තා. මේ අයගේ වත්කම් තමයි සොයා බලන්න ඕන.

:       4       5

Kumara Wednesday, 10 August 2022 07:41 PM

අරගලයට සදා ජයම වේවා...!

:       0       0

soma Wednesday, 10 August 2022 07:54 PM

මේ ලෝකෙ වටේ රවුම් ගහන්නෙ තවම අපේ සල්ලි වලින් නේද? ඔහොම රවුම් ගහල අන්තිමට ලංකාවට ඇවිත් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවටත් රිංග ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 1863 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 280 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 743 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 935 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2586 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3349 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site