(අංජුල මහික වීරරත්න)
අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දැන් තිබෙන අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්රජාතන්ත්රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’අරගලකරුවන් ආර්ථික අරගලය ජයගන්න එක්කාසු කරගන්නවා’’
විනිවිද Friday, 05 August 2022 07:32 PM
අරගල කරුවන් සහ තරුණ පරපුර සමග විනිවිද භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිබේ. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට සහ ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ "විසඳුම් ලබාදීමට" කොටස් කරුවන් වීමට අවස්ථාවක් ලබාදෙන්න. එසේ කළහැකි වන්නේ අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් හට ලංකාවේ පවතින "රජයේ ඉඩම් වගාවන්" සඳහා ලබාදීම වේ. ඔවුන්ට "අවශ්‍ය පොහොර සහ කෘෂිරසයන රජයෙන් ලබාදී" රටේ ආර්ථික ජයග්‍රහණය සහ කෘෂි ආහාර නිෂ්පාදනය සඳහා සෑම අයුරකින්ම දායක කරගැනීම යෝජනා කරමි. ඔවුන්ට මෙම අදහස ඉදිරි පත්කර ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්ද කියා විමසා බැලිය යුතුවේ. එසේ ඉදිරිපත්වන කණ්ඩායම් සඳහා කෘෂි නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මූලික මුදල් අවශ්‍ය තත්වයන් සපුරා සාර්ථකව කෘෂි වගාවන් සහ වී වගාව කරන්නේ නම් ඒ සඳහා අනාගතයේදී සාධනීය වැඩපිළිවෙලක් සකස් කළ හැකියි....
සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 August 2022 07:37 PM
ජනපති තුමනි, රාජපක්ෂවරුන් රට බංකොළොත් කළනිසා රටේ ජනතාව ඊට එරෙහිව පාට, පක්ෂ භේදයකින් තොරව පාරට බැස්සා. අරගලයත් එහි එක් අංගයක්... මේ අරගලය හා ජනතාව පාරට නොබසින්නට තවමත් ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ තවමත් බලයේ... අරගලකරුවන් මෙසේ ක්‍රියා නොකළේ නම්,ඔබතුමා තවමත් මන්ත්‍රී වරයෙකු පමණයි.එසේම රට බංකොලොත් වීම ගැන උරණ වූ රටේ බොහෝදෙනා පාරට බැසීම වරදක් නොවෙයි. එවන් විටෙකදී, අරලිය ගහ මැදුරේ සිට සිදුකළ ප්‍රහාරය නිසා ජනතාව කළබල වුණා. මේ සියලු දේ වගකීම මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම බාරගත යුතුයි. ඒ නිසා වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එසේම, සෑම සියලු අතින්ම පීඩනයට පත් ජනතාව හා අරගලකරුවන් හිංසාවට ලක් නොකොට ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට කටයුතු කරන්න...!
සුරංග Saturday, 06 August 2022 09:35 AM
සමිත මහතා නිවැරදියි මෙතරම් සාර්ථක නොවුනත් අසූගණන්වල තරුණ නැගිටීමක් තිබුනා එහි ප්‍රතිඵලයක් ලෙසට කොමිසමක් පත්කර ජනාධිපති ප්‍රේමදාස ඇගලුම් කම්හල් (සුද්දන්ට ජංගි මහනවා කියලා එකල විපක්ෂයේ ප්‍රභලයො කිව්වා ) ඇතිකලා.ඒවාත් නැත්නම් අපි කොහේද .ඒ අතරෙ රජයේ රැකියා දීමේදී සුදුසුකම් වලට දෙන්න කටයුතු කලා පස්සෙ ආපු එවුන් ඒකත් ආසන සංවිධායක ලැයිස්තු සමත්වෙන්න සැලසුම් කල නිසා දැනට නැතුව ගිහිල්ලා .පත්වීම් උසස්වීම් ඔක්කොම දේශපාලන හිතවතුන්ට ලැබෙන ක්‍රමයක් දැන් තියෙන්නෙ .මේවැනි දූෂණ නිසා තමා තරුණයෝ අරගල කරන්නෙ ..එම සාමකාමි අරගල ඉතාමත් සාධාරණයි එනිසා තරුණයෝ ඉල්ලන සාධාරණය දෙන්න වෘත්තීය සමිති අරගල කරන්නෙ තරුණ අරගල හරහා පුද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ උත්සාහයක් .
අමා Friday, 05 August 2022 08:08 PM
ගෝඨාභය එන්න කිව්වාම පඬිටෝක් දුන්නා, රනිල් එන්න කිව්වා විතරයි... දෙකට නැමිලා ගියා. ඔය තරමට බය තිබුණාම ඇති...!
daham Friday, 05 August 2022 08:10 PM
නියමයි. අරගලේ අය, අපියි ලොක්කෝ කියලා හිතන්නේ නැතුව රනිලුත් මමයි ලොක්කා කියලා නොහිතා රට වෙනුවෙන් කවුරුත් හිටගන්න.. හැබැයි ඕකට අරගලෙන් යැපුණු එන්.ජී.ඕ සෙට් එකයි තමන් ගොඩයන්න හීන දැක්ක ජේවීපී පෙරටු සෙට් එකයි නම් විරුද්ධ ඇති...!
Ruwan Friday, 05 August 2022 08:59 PM
ඔය ගොල්ලො නෙවෙයි ඕකට මුලින්ම සම්බන්ධ අය එක්ක සාකච්ඡා කරන්න.
ධනාත්මක දැක්ම Friday, 05 August 2022 09:14 PM
මෙය ඉතා හොදයි. නැතිනම් දේශපාලන වාසි බලාගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කල්ලිය යලි බලයට එන්න රනිල් මිනි මරනවා කියන අදහසක් වක්‍රාකාරව දෙන්න තමා බලන්නෙ .
randilSaturday, 06 August 2022 11:04 AM
දවල් මිගෙල්, රෑ දැනියෙල්...!
Akila Friday, 05 August 2022 09:55 PM
රට බංකොළොත් කරපු, පොහොට්ටුවන් ටිකට අපහු ඇමතිකම් දීලා තමයි මෙයා ආණ්ඩුව කරගෙන යන්නේ, ඒක හින්දා ඔය දෙන පොරොන්දු කිසි දෙයක් විශ්වාස කරන්න එපා... පුළුවන් නම් රට බංකොළොත් වුණු එක ගැන පාර්ලිමේන්තු විවාදයක් තියන්න කියන්න.. කරයිද බලන්න..
වර්ණකුලසූරිය Friday, 05 August 2022 10:29 PM
"ප්රජාතන්ත්රවාදි නොවන දේශපාලනයට තමන් විරුද්ධ යි...." මෙතුමාගේ පත්වීම කොතරම් ප්රජාතන්ත්රවාදී දැයි අපට නොතේරේ. එය ජනතා කැමැත්තද? නැතිනම් හොරුන් ආරක්ෂාවීමේ කැමැත්තක්ද?
kamal Saturday, 06 August 2022 02:13 PM
තක්කඩි 143 එක්ක එක ගෙයි කන ජනවරමක් නැති ජනාධිපතිගේ සංදර්ශනවලට රැවටෙන්න නම් අපිත් බත් කෑම අතහැරලා පුන්නක්කු වලට බහින්න වෙයි...
BamunuarachchiSaturday, 06 August 2022 07:13 PM
රනිල්ට තිබෙන ජනමතය අනුරට තිබෙනවාද කියන්න බලන්න? රනිල්ට වඩා අනුර ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 196523යි. රනිල් රටේ 5 වතාවක් අගමැති උන් කෙනෙක් අනුර නිකම්ම නිකන් අනුර.රනිල් ලෝකය දන්නේ ප්රජාතන්ත්රවාදී නායකයෙක් හැටියට. අනුරව දන්නේ ත්‍රස්තවාදී පක්ෂයක නායකයෙක් හැටියට. ඉන්න මිනිස්සු අතරින් රනිල් රට ගෙනියන්න සුදුසුයි නේද ආයුබෝවන්?
swene Sunday, 07 August 2022 09:50 AM
අරගලය කලේ ආර්ථික සටන සඳහා පමණක්ම නොවෙයි. සැමට සාධාරණය, යුක්තිය සහ සොරුන්ගේ වත්කම් නැවත රජයට ලබාගන්න බව අමතක නොකරන්න.
Bamunuarachchi Sunday, 07 August 2022 06:52 PM
පුරන් කුඹුරු අස්වද්දන්න භාරදෙමු. එතැනින් පටන් ගමු. නැතුව මේගොල්ලන්ගේ උපදෙස් ගන්නයැ