IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලකරුවන්ට නතු වූ මන්දිරවල පැරණි බඩු උස්සලා

(සුජිත් හේවාජුලිගේ )

අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඒ භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණයවී ඇත

මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ.

විනාශවූ සහ අස්ථානගත වූ පුරාවස්තු පිළිබඳව නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් ලබාගැනීම මේ හේතුවෙන් දුෂ්කර වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ජනාධිපති මන්දිරය කාලයක් තිස්සේ අධි ආරක්ෂිත විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබූ හෙයින් එම ස්ථානයට පැමිණ තොරතුරු එක්රැස් ගැනීමේ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එවැනි තොරතුරු එක්රැස් කිරීමක් සිදුවී නැතැයි දැනගන්නට ඇත.

එහෙත් ජනාධිපති මන්දිරයේ පෞරාණික වටිනාකම් සහිත භාණ්ඩ රැසක් තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පිළිගනිති.

ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරයේ ඇතුළු ස්ථානවලට අරගලකරුවන් මුවාවෙන් විවිධ සංවිධානාත්මක පිරිස්ද ( කුඩුකාරයන්) රිංගා ඇති බවත් මේ සොරකම් වැඩි වශයෙන් කර ඇත්තේ එම පිරිස් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

මේ අතර අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.

 



අදහස් (18)

අරගලකරුවන්ට නතු වූ මන්දිරවල පැරණි බඩු උස්සලා

Toni Saturday, 23 July 2022 11:09 AM

මේක තමයි අරගලය කියන්නෙ. කැම්පස් එකෙන් එනකල් කරෙත් ඔයවගෙ වැඩ තමයි. ඝහල පන්නල දාන්ඩ

:       13       200

Asanka Saturday, 23 July 2022 11:09 AM

කවුතුකාගාරයේ කඩුවට ඇඩුව අනුර කෝ

:       9       137

BTSaturday, 23 July 2022 12:06 PM

කෞතුකාගාරයෙන් සොරකම් කළ කඩුවලද ඡායාරූපයක්වත් අදාළ ආයතනවල නොතිබුණි. එමනිසා එම භාණ්ඩ සොයාගැනීමට මහජන සහාය ලබාගැනීමට ජන මාධ්‍යය මගින් ප්‍රචාරය කිරීමට නොහැකි විය. නමුත්, කුමක්දෝ වාසනාවකට එම භාණ්ඩවල ඡායාරූප මා සතුව පැවතුණි. ඒ, මා කෞතුකාගාරයේ වෙනත් භාණ්ඩ සමූහයක ඡායාරූපගැනීමට ගිය අවස්ථාවේ ගත් ඒවායි. එම ඡායාරූප පිළිබඳව රජයේ මාධ්‍ය ආයතනයක නියෝජ්‍ය කතුවරයකු සමඟ නොසිතූ ලෙස ඇති වූ සම්මුඛ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, කඩුවල ඡායාරූපයක් පළ කිරීමට එතුමා වහා ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලය වූයේ කඩුවල කොටස් සන්තකයේ තබාගෙන සිටි අය ඒවා ත්‍රිරෝධ රථයකින් ගෙන ගොස් බොල්ගොඩ වැවට විසි කිරීමට කටයුතු කිරීමයි. ත්‍රිරෝධ රථයේ රියදුරා ලබා දුන් ඔත්තුව මඟින් සොරකමට සම්බන්ධ අය අත්අඩංගුවට ගනු ලැබුණි.

:       0       0

ravin Saturday, 23 July 2022 11:28 AM

ඔන්න සබා අරගල කරුවන්ට හොද අවස්තාවක්. තමන්ගෙ නමින් ඇතුලට රිංගලා හොරාගත්තු ‌‌අයිතිහාසික භාන්ඩ ටික හොයාගන්න. ඔබලාගෙ පරම බලාපොරොත්තුව වු ඔබලාට හා අනාගත දූදරුවන්ට ලංකාවෙ අතිතය නැවත ලබාදෙන්න.

:       0       0

ganegpda Saturday, 23 July 2022 11:43 AM

රටක ජනතාව දුගී දුප්පත් කරන අයගෙ දේවල් කඩා වඩා ගෙන හරි මනුස්සයො ජවත් වෙන්න ඔනෙ.

:       0       0

ලුම්බිණි Saturday, 23 July 2022 11:43 AM

හිටපු ජනාධ්පති පවුල් වල අයත් පරාද උනාට පස්සේ ඔතන තිබුන සමහර දේවල් අරගෙන ගිය බවක් ඒ කාලේ පත්තර වල තිබුන. ඒ ගැනත් හොයල බලන්න.

:       0       0

Prasad Saturday, 23 July 2022 11:55 AM

ලැයිස්තුවක් නැත්නම් නැති වෙලා කියන්නෙ මොන පදනමකින්ද??නැතිවෙලා තියෙන්නෙ අරගලකරුවන් අත්පත් කරගැනීමට පෙර නම් එය එසේ නොමැති බව කියන්න පුළුවන් සාක්ෂි මොනවාද?මේ රටේම මිනිසුන් දන්නා පරිදි අරගලකරුවන් පැමිණීමට පෙර ඒවායේ උන්නේ හොරකමට දූෂණයට ඉතා ප්‍රසිද්ධ අය බව නොරහසක්...

:       0       0

Ruhunu Saturday, 23 July 2022 12:09 PM

වෙන්න පුළුවන්... මොකද තෙල් පෝලිම්වල ඉඳගෙන අපේ මිනිස්සු දෙන ගේම් දිහා බැලුවාම මෙහෙම නොකරයි කියලා හිතන්න බෑ...!

:       0       0

ප්‍රබාකරන් Saturday, 23 July 2022 12:12 PM

ඔය අරගල කරුවන්ට ඔච්චර බලයක් ආවේ කොහොමද..? මේ අයට මල්මාලා දාලා පිළිගත් අනුර, සජිත්, වැනි අය නිසා රටට වුණු සෙත තමයි. අනේ එදා යුද්ධය කාලේ කොටි අරගලයටත් ඔය විදියට සහයෝගයක් දුන්නා නම් අද මුලුරටම දියුණු වෙලා. ප්‍රභාකරන් ජනාධිපතිත් කරලා..!

:       0       0

soma Saturday, 23 July 2022 12:34 PM

මේ හැම මන්දිරයකම ඉන්වෙන්ටරි පොත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

:       0       13

Bamunuarachchi Saturday, 23 July 2022 12:57 PM

කොහොමද මේ ගොයියෝ ගැන කතාව යන්නේ අරගල කරුවන්ගේ අවිහිංසා අරගලය කියලා... මංකොල්ල කෑම්, හොරකම් ගැන වචනයක් නැහැ. අපි දන්නවනේ මිනිස්සු කවුද කියලා... මොවුන්ට පාලනය ගියොත් මුළුරටම හොරා කාලා අනුරගේ ගෙදර ගොඩගහයි.

:       4       21

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 July 2022 02:24 PM

රජවූ මහලු දේශපාලකයින් පන්නා හොඳ පාලනයක් ඇති කරන්නට දඟලන අයගේ වැඩ මෙහෙමද කියා හිතෙන කොට සිතට ඇතිවන්නේ දුකක්. වයස යනු අංකයක් පමණයි. ජෝ බයිඩන් ගේ වයස බුද්ධිමත් ඇමෙරිකානුවන් තඹයකට මායිම් කළේ නැහැ. ඒත්, අපේ වයස්ගත දේශපාලනඥයින් ගැන ගැටළු ඇති. ඒ වුණත්, වැරැද්ද වයසේ නොවෙයි. කවදා හෝ දිනෙක අපත් ඔය වයසට ළඟාවෙනවා. වයස කුමක් වුවත්, හොඳ නොහොඳ ගැනයි සිතිය යුතු වන්නේ. මේ රටේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බේ බොහෝවිට තරුණ කොටස්. එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට රටේ මුදලින් ගෙවල් ලබා දෙනවා. එසේ නම්, විනාශ කොට ඇත්තේ අපේම මුදල් නොවේද? වයස අවු. 99 ක් වෙන මහල්ලෙකු වුවද ඔහුගේ තරුණ ලක්ෂණ ඇත්තේ නම්, ඔහු තරුණයෙකි. යන්න ලොව තරුණයන් මැනීම සඳහා භාවිතා කරන මිනුම් දණ්ඩකි. අත්දැකීම් බහුල වයස්ගත පුද්ගලයන්ගෙන් දියුණු රටවල් දියුණුව කරා ගියද, මේ රටේ ජනතාව ඒ වැනි දේ ගැන නිසියාකාරව කරුණු නොදනිති. ගෝඨාභය යැව්වද, ඔහුගේ ඇඳුම් පෙන්නා වීඩියෝ නිකුත් කිරීමට තරම් මේ රටේ තරුණයන් ශිෂ්ඨ වී තිබීම අගනේය. මේ රටේ බොහෝ තරුණයින් ගැන තවත් කුමන කතාද?

:       3       27

BTSunday, 24 July 2022 01:18 PM

ඔබ දක්වා ඇති මූලික අදහසට යමක් එක් කිරීමට කැමැත්තෙමි. වියපත් අයට තිබෙන දැනුම ඔවුන් ලබා ඇත්තේ අධ්‍යාපනයෙන් පමණක් නොව, ජීවත්වීමෙන් ලත් අත්දැකීම් තුළිනි. එය යම්තාක් දුරට හෝ තරුණ අයට ලබා ගත හැක්කේ වියපත් අය ඇසුරු කිරීමෙනි. එසේත් නැතිනම් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කෙරෙන පතපොත කියවීමෙනි. වියපත් අයගේ දැනුමෙහි අගය කියාපාන කදිම කතාවක් අරාබි නිසොල්ලාසයේ තිබේ. නමුත්, සමාජ මාධ්‍ය සිය විශ්වය කරගත් මෙරට තරුණ ප්‍රජාව පෙළපොත් හැර වෙනත් පොත් කියවීමක් කරන්නේද යයි විමසා බැලීම වටී...!

:       0       0

Lelwala Saturday, 23 July 2022 04:04 PM

මෙහි වගකීම නායකයින් බාරගත යුතුයි. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි...

:       5       31

BT Saturday, 23 July 2022 08:16 PM

"එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ." කොළඹ කෞතුකාගාරයේ "කඩු සොරකම" සිදු වූ අවස්ථාවේද එම භාණ්ඩවල ඡායාරූපමය වාර්තාවක් අදාළ ආයතනවල නොතිබුණි‍. එබැවින් එම භාණ්ඩ සොයාගැනීමට මහජන සහාය ලබාගැනීමට ජනමාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමට නොහැකි වුණි. ප්‍රමාද වී හෝ ඡායාරූපයක් පළ කිරීමට එක්තරා පුවත්පතකට හැකි වූයේ එම කඩුවල ඡායාරූපයක් මා සතුව තිබුණු බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුවදාම සොරකමට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට හැකි විය. නමුත්, එයින්වත් බලධාරීන් පාඩමක් ඉගෙනගෙන නැති බව වත්මන් පුවතින් තහවුරු වේ. අදාළ නිලධාරින්ට නිසි දඬුවම් ලබාදිය යුතුමය‍ි.

:       0       0

Kumara Sunday, 24 July 2022 01:21 AM

අවුරුදු 74ක් හොරාකාපු සල්ලිවලට වඩා මේ බඩු වටිනවද?

:       0       0

dm Sunday, 24 July 2022 09:35 AM

අරගලයේ මතක සටහන් විදිහට ගෙනියන්න ඇති. පස්සේ ගානක් ගන්න පුළුවන් වෙබ් සයිට් දාලා විකුණලා. ඊගාවට 225 ටම බනින්නත් පුළුවන්. ඇතුලේ තිබ්බ බඩු ගැන මොන කතාද? ජනාධිපති ලේකම් කාර්යාලේ යකඩ වැටත් කපාගෙන ගෙනිහින්.

:       0       0

BT Sunday, 24 July 2022 04:02 PM

ඉන්වෙන්ටරි පමණක් ප්‍රමාණවත් නොවේ. ඡායාරූප ද තිබිය යුතුයි. "කඩු සොරකම" සිදු වූ අවස්ථාවේද එම භාණ්ඩවල ඡායාරූපමය වාර්තාවක් අදාළ ආයතනවල නොතිබුණි‍. එබැවින් එම භාණ්ඩ සොයාගැනීමට මහජන සහාය ලබාගැනීමට ජනමාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමට නොහැකි වුණි. එම සිද්ධියෙන්වත් බලධාරීන් පාඩමක් ඉගෙනගෙන නැති බව වත්මන් පුවතින් තහවුරු වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1616 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 320 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 641 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4121 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 566 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3098 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site