IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය  දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ  තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6)  පැවසීය.

දේපළ  හානිය වෙනුවෙන් වැඩිම මන්දි මුදල ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව පවසන අමාත්‍යවරයා ඔහු නවකෝටි පනස් නව ලක්ෂයක මුදලක් ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.

සමහරුන් මේ වන්දි ලබාගෙන ඇත්තේ රජයේ නිලධාරීන්ටද බලපෑම් කරමින් බව  ඔහු කීවේය.

සාමාන්‍ය ජනතාව වගා හානියකට ගං වතුරින් කැඩුණු ගේකට වන්දියක් ගැනීමට කොපමණ වෙහෙසක් දරනවාදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ජාතික ජන බලවේගය බලයට ආවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බවද ප්‍රකාශ කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන් අරගල සමයේ දේපළ හානි වෙනුවෙන් ලබාගත් වන්දි පිළිබඳව තොරතුරු අනාවරණය කරමිනි.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

බලය අතේ තියෙන අය දේපළ හානි සිදුවූ බව පවසමින්   ගත්තු   වන්දි   ප්‍රමාණ බලන්න.

කපිල අතුකෝරළ මහතා පන්ලක්ෂ හාර දහසක්ද , විමල වීර දිසානායක මහතා රුපියල් පන් ලක්ෂ පනස් දහසක්ද ගීතා කුමාරසිංහ මහත්මිය රුපියල් නවලක්ෂ හැත්තෑ දෙදහසක්ද ජනක  තිස්සකුට්ටිආරච්චි එකොළොස් ලක්ෂ හතළිස්  තුන්දහසක්ද ගුණපාල රත්නසේකර මහතා දාහතර ලක්ෂ දොළොස් දහස් හත්සිය අසූවක්ද  ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ලක්ෂ 23ක්ද ප්‍රියංකර ජයරත්න මහතා විසිතුන් ලක්ෂ හතළිස් අට දහසක්ද සම්පත් අතු කෝරළ මහතා විසිපන් ලක්ෂ හතළිස් හය දහස් හයසිය  දහයක්ද  ජයන්ත කැටගොඩ මහතා විසි අට ලක්ෂ දහ හතර දහස් අට සීයක්ද විමල් වීරවංශ මහතා 2954000ක්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා 3334000ක්ද අකිල එල්ලාවල මහතා 3554550ක්ද චමල් රාජපක්ෂ මහතා 6539374ක්ද චන්දිම වීරක්කොඩි මහතා 6948800 ක්ද අශෝක ප්‍රියන්ත මහතා 7295000ක්ද  සමන් ප්‍රිය හේරත් මහතා ලක්ෂ 105ක්ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  ලක්ෂ එකසිය පහක්ද ලබාගෙන තිබෙනවා.

මෙයට අමතරව  රෝහිත අබේගුණවර්ධන මහතා ලක්ෂ 116.4 ක්ද  විශේෂඥ වෛද්‍ය සීතා අරබෙපොල මහත්මිය ලක්ෂ 137.8ක්ද  සහන් ප්‍රදීප් මහතා ලක්ෂ 171.3ක්ද සෙහාන් සේමසිංහ මහතා ලක්ෂ  185.1 ක්ද  ඉන්දික අනුරුද්ධ මහතා ලක්ෂ 195.5ක්ද  මිලාන් ජයතිලක මහතා ලක්ෂ 223ක්ද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලක්ෂ දෙසිය අසූ එකක්ද දුමින්ද දිසානායක මහතා ලක්ෂ 288ක්ද කනක හේරත් මහතා ලක්ෂ දෙසිය අනූ දෙකක්ද ඩීබී හේරත් මහතා ලක්ෂ 321ක්ද ප්‍රසන්න රණවීර මහතා ලක්ෂ 327ක්ද  ඩබ්ලිව් ඩී වීරසිංහ මහතා  ලක්ෂ 372ක්ද ශාන්ත බණ්ඩාර මහතාලක්ෂ 391ක්ද එස් එම් චන්ද්‍රසේන මහතා  ලක්ෂ 438ක්ද සනත් නිශාන්ත මහතා ලක්ෂ 427ක්ද සිරිපාල ගම්ලත් මහතා ලක්ෂ 509ක්ද අරුන්දික ප්‍රනාන්දු මහතා ලක්ෂ 552ක්ද සුමිත් උඩුකුඹුර මහතා ලක්ෂ 559ක්ද ප්‍රසන්න රණතුංග මහතා ලක්ෂ 561ක්ද කෝකිලා ගුණවර්ධන මහත්මිය  ලක්ෂ පන්සිය අසූහතක්ද මොහාන් පී ද සිල්වා මහතා ලක්ෂ 601  ක්ද  නිමල් ලන්සා මහතා  ලක්ෂ 692ක්ද අලිසබ්‍රි රහීම්  මහතා ලක්ෂ 709ක්ද ගාමිණී ලොකුගේ මහතා  ලක්ෂ 749ක්ද  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 934ක්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල්  ලක්ෂ 959ක්ද ලබාගෙන තිබෙනවා.

මේ සියලු දෙනා අරගෙන තිබෙනවා එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක්. බලය පාවිච්චි කරලා මේ අය වන්දි ලබා ගත්ත ආකාරය තමයි මේ.ගොවියෙකුට වගාවකට හානියක් වුණොත් ගංවතුරට ගිය අහුවෙලා කෑල්ලක් කැඩිලා ගියොත් වන්දියක් ගන්න කොච්චර අමාරුද. මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා ගත්තු වන්දි ප්‍රමාණය දැක්කනේ. මේක තමයි අපේ රටේ තිබුණු දේශපාලනය. මේවා තමයි අපි හරවාගෙන යන්නේ.



අදහස් (48)

අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා

Kazi Shajahan Thursday, 06 February 2025 04:39 PM

කොහොමද බෙදාගැනිල්ල, මොවුන්ව පාරෙදි දැක්කාම තවත් ගහන්න තියෙන්නේ... ජනතාවගේ ධනය හොරාකාලා...

:       1509       1806

KasunThursday, 06 February 2025 06:09 PM

හොරාකෑවා නම් නඩු දාලා නීති මාර්ගෙන් යන්න තිබ්බා නේද ගොබිලෝ...? උඹලා ගිනි තියලා ඉවර වෙලා ඔවුන්ටත් දේපල නැති කරලා මදිවාට තව ගත්තු වන්දියේ තරම කියවන්න එනවා. ඔබලා ඔය කරන දේවල්වල හැටියට ජනතාව ඔබලාට කොහොම සලකයිද දන්නේ නෑ හොඳේ...!

:       1086       1289

KasunFriday, 07 February 2025 06:17 AM

මේ ඉරිසියාකාර, තුප්පැහි, කාලකන්නි ජෙප්පොන්ට රෙද්දෙ රෙවිල ඉන්නේ මිනිස්සු දැන් දැන් ඇත්ත තේරුම් ගන්න නිසා. කුණුහරුප කිව්ව කියල වැඩක් නෑ දැන්. මිනිස්සුන්ට තේරෙනවා උඹලා මුන්ගේ ගෙවල් ගිනි තිබ්බේ දේශපාලන ඉරිසියාවටයි කුහක කමටයි කියලා. නැත්තන් දැන් උඹල කියපු විදියට රටේ හොරකමයි, නාස්තියයි පැය 24න් ඉවර වෙලා, උගන්ඩාවට හොරකම් කරල ගෙනිච්ච සල්ලි ගෙනැල්ලා මේ වෙනකොටත් රටේ මිනිස්සුන්ගේ බදු බර අයින් කරලා සුරපුරයක් වෙන්න පටන් අරන් තියෙන්න එපැයි. හොරකම් කරල තියෙනව නම් රටක නීතියක් තියෙනව ඒව විසඳන්න. එහෙම හොරකම් කරල නෑ, ඒ කාලේ අවබෝධෙන් බොරු කිව්වෙ කියලා අනුර මහත්තය වගේම නිලන්ති මැතිනියත් කිව්වා. රටක වැඩක් කරලා බලයක් ගත්තු මිනිස්සුන්ට ඉරිසියාවෙන් බොරු ගොතලා, ඒවා සමාජගත කරලා ගත්තු බලය සාපලත් බලයක්. ඒවට උදව් දුන්න අයට, ගෙවල් ගිනි තියපු අයට වෙන්නෙ මොකද්ද කියල බලන් ඉන්නකො. කර්ම විපාක විතරක් නෙමේ දේව සාපයත් බලා ගන්න පුලුවන් ලඟදිම.

:       19       51

චතුරිThursday, 06 February 2025 07:35 PM

කසුන් වගේ හොරුන්ට කඩේ. මීහරක්ට මේ කියන්නේ... පක්ශ භේදයකින් තොරව. සේරම ටික හොදාගන ගියා නේද? ගෝ ගෝටා ගෝ කියන්න. දැන්... ආණ්ඩු පක්ෂයට දොස් කියන්නේ. මොවුන්ගේ පවුලේ කෙනෙක් ඇති. ගිනි තියලා වන්දි මුදල් ගත්තු. මේ කාලකණ්ණි තවමත් රට ගැන නෙමේ හිතන්නේ. බඩට කුණු දා ගන්නේ. කොහොමද කියන එක.... ලබන ආත්මේ අපා දුක් විඳිනවා. මේවාට වචනෙන් හරි උදවු කරන අය. ඊට වැඩිය දුක් විඳිනවා..

:       1337       850

අරවින්ද මොනරවිල Thursday, 06 February 2025 08:06 PM

රාජපක්ෂලා වික්‍රමසිංහ කල්ලියේ සුනක ධාතුවෙන් ඉපදුන එවුන්ට හොදටම රිදිලා තියෙන බව අපි දන්නවා, ඒ නිසා වැඩියෙන් බුරනවා. ඕවා තව ටික කාලයයි තියෙන්නේ කියලා විතරක් මතක තියා ගත්තොත් හොදායි........

:       1208       80

hashithaFriday, 07 February 2025 09:11 AM

ඔබටත් කොටසක් ලැබිලා තියෙන බව හොඳටම පැහැදිලි වෙනවා. ලැජ්ජයි

:       77       19

JayasekaraFriday, 07 February 2025 09:26 AM

ඔවුන්ගේ ගෙවල් ආයෙමත් ගිනි තියන්න ඕනෑ... හදා ගන්න බැරිවෙන්න

:       68       11

මැක්ස් Thursday, 06 February 2025 04:56 PM

මෙම ගිනි තැබීම්වල මූලිකත්වය ගත් පෙරෙට්ටන් සහ ජවිපාවුන්ගේ අරමුදල්වලින් ඒවා පියවා ගත්තා නම් වඩාත් සුදුසුයි...

:       1072       1395

බත්කන හරකා Thursday, 06 February 2025 04:58 PM

අපිට මාලිමා ආණ්ඩුවෙන් රතුහාල්, පොල්, ලුණු, බිත්තර අඩුවටම දීපල්ලා. ඒවා මාස තුනට හැදෙන්නේ නැති කතා වැඩක් නෑ. අනික රටට කෙළවුණේ කොහොමද කියලා හොයලා වැඩක් නෑ. මොකද හිටපු දේශපාලකයින්, කොටසක් රාජ්‍ය නිලධාරීන් රටට කළාට වඩා වැඩි හානියක්, අපි වගේ බත්කන ගවයින්, ඔවුන්ට කඩේ ගිහිල්ලා රටට කළා.

:       207       153

Pissu hadenawa Thursday, 06 February 2025 05:04 PM

දෙවියනේ මොවුන් සමහරකගේ දේපල වලට අරගලය නිසා කිසිඳු හානියක් වුනෙත් නම් නැහැ. පට්ට හොරු. කොහොම හරි වන්ගුම ගහලා...

:       1221       904

Akila Thursday, 06 February 2025 05:04 PM

රනිල් කියන තක්කඩියාව පොහොට්ටුවේ උන් පත්කරගත්තේ ඕකට තමයි. ඔවුන්ගේ වැඩ හින්දා ඇතිවෙච්චි තෙල් පෝලිම් වල ඉඳලා මැරුණු කිහිප දෙනෙකුත් හිටියා. හැබැයි වන්දි තියා ඒ මිනිස්සුන්ගේ ගෙයකට අඩියක් වත් තිබ්බේ නැහැ...!

:       1206       245

ජයරත්න Thursday, 06 February 2025 05:14 PM

නඩුුත්, බඩුත් හාමුදුරුවන්ගේ කීවාලු නේද?

:       1175       66

G ajith Thursday, 06 February 2025 05:17 PM

ඔයගොල්ලෝ බලය ලබාගන්න මිනිස්සු උසිගන්වලා ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් විනාශ කරපු නිසා තමයි... ඒ මිනිස්සු වන්දි අරගෙන තියෙන්නේ ඔයගොල්ලෝ බලය ලබාගන්න... ඒ පහත් වැඩේ නොකළා නම් ඔය කෝටි ගාණම ඉතුරු වෙනවා නේද? දැන් ගත්තු මිනිහාට දොස් කියලා වැඩක් නෑ. ඒ ගන්න පාර කපපු මිනිස්සු තමන්ම හිතන්න ඕනෑ. අපි නේද මේ අපරාධය කළේ කියලා...?

:       1778       1224

JayasekaraFriday, 07 February 2025 09:26 AM

අරගලයක් වුණ නිසා තමා මාලිමාව රජයක් බලයට ආවේ එහෙම නොවුනා නම් තාමත් පට්ට හොරු ටික අපේ බඩු ගජරාමෙට ගසා කනවා කාලකන්නියෝ

:       52       10

රම්බොඩ Thursday, 06 February 2025 05:32 PM

අරගලයෙන් වුණේ කරපු අයගෙත් බලයේ හිටි අයගෙත් කරල් පැහිච්චි එක තමයි. මෙලෝ හසරක් නැතිව දඟළපු කොටසක් ඉන්න ඇති අන්තිමට ගෙදර ගිය...

:       1107       84

ගුණරත්න Thursday, 06 February 2025 05:38 PM

හරි නම් ඔය පුච්චපු උන්ම ඒවා වල වන්දිය ගෙවන්න ඕනෑ. මොකක් ගන්නද දේපළ විනාශ කළේ? ජෙප්පෝ නම් ඉතින් ඔය විනාශ කිරිල්ල නුපුරුදු කට්ටියක් නෙවෙයි, බස්, තැපැල්, කන්තෝරු, වී ගබඩා, කෘෂිකර්ම කාර්යාල, බස් කෙළවරක් නැති දේපළ විනාශ කළා. මොකක්ද ඒවායින් රටට ලැබුණු සේවය...?

:       819       1209

පිටරටවැසියා Thursday, 06 February 2025 05:45 PM

සාමාන්‍ය මිනිසකුට නිවසක් සෑදීමට රජයෙන් අනුමත කරන්නේ උපරිමය ලක්ෂ 25යි. කෝ මේ දශක හතක සුපිරිසිඳු, සෞභාග්‍යමත්, ආශ්චර්යයමත් පාලනයට ආවඩන, පක්ෂ-පාට කරේ තියන් ඉන්න කට්ටිය...?

:       1149       959

Hasith Thursday, 06 February 2025 05:47 PM

මේ විදිහට වන්දි මුදල් දෙන්න පුළුවන්ද? කාගේ සල්ලිද? කැරැළි කෝලාහල වුණොත් සාමාන්‍ය මනුස්සයෙක්ට මේ විදිහට වන්දි දෙනවද? කෙහෙළියට, ජොන්ස්ටන්ට ලක්ෂ 900ට වඩා වන්දි ගෙවන්නේ කොහොමද? කෙහෙළියලා බාල බෙහෙත් ගෙනත් මැරුණා. ඇස් අන්ධ වුණු මිනිස්සුන්ටත් ගෙව්වේ ලක්ෂ 20යි. පරිප්පු ඇටේටත් බදුපිට බදු ගහලා අපෙන් හූරාකාලා, මොවුන් හොරාකෑවා මදිවට වන්දි කියලාත් සල්ලි ගසාකාලා.

:       1153       1011

Lilasena Thursday, 06 February 2025 06:05 PM

අසමජ්ජාති, අවලම් වැඩ කරලා, මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියලා මදිවට තව ලැජ්ජා නැතුව ගත්තු වන්දි ගැන කියවනවා. ගිනි තියන්නේ නැතුව හිටියා නම් ඔය කෝටි ගාණම රටට ඉතුරුයි නේද? තව ජනාධිපති මන්දිරෙයි, අරලියගහ මන්දිරෙයි නැති වෙච්චි, හොරකම් කරපු බඩු වල, පින්තූරවල වටිනාකම කීයද කියලත් කියන්න ඔය එක්කම.

:       951       1149

පම්පෝරි ජනක Thursday, 06 February 2025 06:43 PM

ලයිසනයෝ, ඕක ගිහින් නාකි මයිනාටයි, ගෝඨා ගෝ ගමටයි, මයිනා ගෝ ගමටයි ගහන්න ආපු පොහොට්ටුවේ බත් බැලයින්ට කියන්න.. සාමකාමීව මාස ගණනක් තිබ්බ අරගලයට මදාවියෝ ගෙනැල්ලා ගස්සවන්න ගිහින් රටේ මිනිස්සු කුලප්පු කරවලා තමයි ඕක වුනේ... අනික ඔය හැම වන්දි මුදලක්ම අනුමත කරලා දීලා තියෙන්න කිසිම තක්සේරුවක් වත් නැතිව...

:       1121       845

Sediris Thursday, 06 February 2025 06:06 PM

ඔය ජවිපයේ මෑතකදී ගිනි තියපුවා. ඔය පොඩ්ඩයි. ඒ කාලේ බස් ගිනි තියපුවා, ට්‍රාන්ස්ෆෝර්ම ගිනි තියපුවා, මිනී මරපුවාගේ වටිනාකම කීයද? අදටත් ඒ මිනිස්සු ඉතුරු වෙලා හිටියා නම් මේ වගේ හාල්පාරුවන් කවදාවත් බලය ගන්නේ නෑ...!

:       1038       1152

JayasekaraFriday, 07 February 2025 09:24 AM

ඒ කියන්නේ දැන් ගසාකාපුවා හරි කියලාද?

:       36       4

රුවන් Thursday, 06 February 2025 08:14 PM

මෙතන කමෙන්ට් කරන බහුතරයක් දුෂිත දේශපාලුවගේ නෑයෝ, නැත්තං ගෝලයෝ. අපි දන්න හින්දා දන්නවා ලන්සා කියන්නේ කව්ද කියලා.

:       1123       990

,ජයන්ත Thursday, 06 February 2025 09:34 PM

ගාල්ලේ රමේෂ් ගෙ ගෙදර තට්ටු 3කට හදලා.. ලක්ෂ 280 පාඩු වුනේ කොහොමද.. දැන් මාළිගාවක් හදල... තාත්තාට තිබුණේ පැරණි ගෙයක් .. ඕන නම් ලක්ෂ 50 උපරිම වැඩිත් එක්ක. සාමාන්‍ය මිනිසුන් කී දෙනකුගෙ ගෙවල් කැඩුනද පහුගිය වැහි කාලේ. ලක්ෂ 10 ගන්න බැරි වුණා . මෙහෙම හදපු ගෙවල්වල වැසි දවස්වල ඉන්න එපා.. හෙන ගහයි.

:       1113       1141

අරුණි Thursday, 06 February 2025 09:50 PM

සහෝදරවරුනී කියාගෙන ඇවිල්ලා ගෙවල් ගිනිතියලා විතරක් රටට කරලා කරලා තියෙන හානිය සුළුපටු නෑ. පැලවත්තට ලැබෙන එන්.ජී.ඕ අරමුදල් වලින් රජයට මේ මුදල් ලැබිය යුතුයි.

:       913       1127

Kamal Thursday, 06 February 2025 11:07 PM

ජෙබයියෝ මිනිස්සු අවුස්සලා ගිනි තියලා බොරු විඳලා බලය ලබාගෙන දැන් එනවා කේළම් කියන්ඩ. රටේ මිනිස්සු දුක් විඳිනවා.

:       736       1126

Jagath Thursday, 06 February 2025 11:50 PM

රට බංකොලොත් කරපු මහින්ද රාජපක්ෂගේ ගේ අලුත් වැඩියාවට විතරක් ලක්ෂ 800ක් මුන් මේ වන්දි ඔක්කොම අරගෙන තියෙන්නේ රට බංකොලොත් වෙලා තියෙද්දිනෙ

:       60       7

Rasika Thursday, 06 February 2025 11:58 PM

ලයික් දාන කමෙන්ට් දාන එවුන්ට ගෙවන්න පැලවත්තෙන් සල්ලි ටිකක් පාස්වෙලා වගේ

:       7       52

nihal Friday, 07 February 2025 02:45 AM

අවජාතකයෝ ගොඩායි... එනම්... කමල්... අරුණි... සෙදිරිස්... ලිලසේන... ගුණරත්න... ජී. අජිත්... කසුන්...

:       38       4

Rasi Friday, 07 February 2025 04:03 AM

කෙහෙළිය හැම වෙලේම ඉහලම කෙනා

:       25       5

Udith Friday, 07 February 2025 06:21 AM

සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු මුදලින් මේ වන්දි ගෙවීම පිලිගන්න බෑ. දැන් ගෙවපු එක කිසිම ප්‍රශ්ණයක් නෑ. වහාම ගෙවල් ගිනි තියපු අය අත් අඩංගුවට අරන් උන්ගේ පෞද්ගලික දේපල රාජසන්තක කරලා, වෙන්දේසි කරලා මේ වියදම් වෙච්ච මුදල රජයට උපයා ගත යුතුයි. මෙම ම්ලේච්ඡ ගිනි තැබීම් සඳහා මිනිසුන් උසිගැන්වූ ජවිපෙන් සහ අගරදගුරුගේ පල්ලියෙනුත් කොටසක් අය කරගත යුතුයි.

:       4       50

වෑල්ඩින් ආචාර්ය Friday, 07 February 2025 06:27 AM

ගිනි තියපු ජවිපෙ පක්ශ අරමුදලෙන් මෙම මුදල වහා පියවනු. රනිල් ඒ වන්දි ගෙවපු දවස් වලම මේ ගැන කිව්වා. හැබැයි රනිල් කිව්වේ කෝටි 141ක් කියලා. උඹලට කොහොමද කෝටි 122ක් වුනේ? ඒ බොරු හරි යන්නෙ නෑ. කෝටි 141 පක්ශ අරමුදලෙන් ගෙවනවා. හාල් වලින්ම කෝටි බර ගානක් ගැහුවනේ. 220ට විකුණන්න ගෙනාපු හාල් 280ට විකුණුවාම එක කිලෝ එකකින් රුපියල් 60ක් හොයලනේ. ටොන් 70000ක් කියන්නේ 70,0000 x 1000 x 60 =කෝටි 420. අන්න එහෙමයි එක පෑන් පාරෙන් ගොඩ ගියේ. 420 - 141 = 279. ඒත් අවුලක් නෑ නෙ.

:       6       44

Nishan Friday, 07 February 2025 06:41 AM

ඒකෙ කිසිම වරදක් නෑ. ඒකට වග කියන්න ඕනේ අරගලේ ඇතුලේ දේපළ ගිනි තියපු අයයි ඔවුන්ව මෙහෙයවපු ඔහේලයි.

:       5       35

ලීලාරත්න Friday, 07 February 2025 06:42 AM

ඔහොම වැඩකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ගේ පාරම්පරික උරුමයක් කියන්නත් පුළුවන් මම උදාහරණයක් හැටියට මීට අවුරුදු 50 කට පෙර අංක 211 ග්‍රාම නිළධාරි වසමේ පොඩි අප්පුහාමි කියලා ගම්සභා නියෝජිතයෙක් හිටියා. මිනිස්සු ඔහුට කිව්වෙ මැම්බර් පොඩිමහත්තෙයා කියලා ඒ මනුස්සයාට තිබුනේ කටුමැටි බිත්ති ගෙයක්ලු... ඉතින් එක්තරා වැහි කාලයක තද වැසි දිනක මිනිහා ගෙයි බිත්ති වැස්සට පෙරළුණු ආකාරයට කඩාදැම්මා. ඉන් පස්සේ ඒජීඒ ඔෆිස් එකට ඉල්ලීමක් කර මුදල් අරගෙන ගෙය හදාගත්තයි කියලා ගමේ ජනතාව කිව්වා (සත්‍යම සිද්ධියක්)

:       26       3

කෘතීම ජනප්‍රියතාව Friday, 07 February 2025 08:07 AM

ජනතා ප්‍රසාදය විනාශ වෙච්ච ජවිපෙ, කෘතීමව ජනප්‍රියතාව පෙන්නන්න හොරාට ලයික් ප්‍රමාණය වැඩි කරගෙන. ෆේස් බුක් එකේ දැන් නම් උන්ට ලයික් වැටෙන්නෙ අර විලි ලැජ්ජාවට වෙන පක්ෂයට එකපාර හැරෙන්න බැරි පුන්නක්කු කන සෙට් එකයි, ෆේක් අකවුන්ට් සෙට් එකෙනුයි විතරයි. තවම මාස 3යි හොඳේ. අපි බලමුකො. ගිනි තිබ්බෙත් වෛර පිරිමහන්න කියල දැන් ඔප්පු වෙලානෙ තියෙන්නෙ.

:       6       37

saman Friday, 07 February 2025 08:16 AM

ගෙවල් ගිනි තියපු අය සහ සමාජමාධ්‍ය වලින් ගිනි තැබීමට පොළඹවපු අයගෙන් මේ වියදම් අයකර ගන්න.

:       4       30

lalani perera Friday, 07 February 2025 08:38 AM

ඔබලා ගිනි තියන්නේ නැත්තම් මේ සල්ලි මහජනයාගේ සුභසිද්ධියටනේ ගන්නේ. දැන් වැඩේ කරලා බයිලා ගහලා වැඩක් නැහැ.

:       4       29

Jayasekara Friday, 07 February 2025 09:23 AM

අම්මෝ... මුන් පට්ට හොරු රැලක් බව නොතේරෙන ගොන් මීහරක් තාමත් ඉන්නවානේ... මුන් මාර ගසා කෑමක්නෙ පහුගිය කාලේ කරලා තියෙන්නේ... අපේ බඩු වලින් අපේම රීරි මාංශේ උරා බීලා... මුන් ඔක්කොගේම ගෙවල් ආයේ ගිනි තියන්න ඕනේ... රජයට අම්බානක වන්දි අරගෙන, තමන්ගේ පුද්ගලික රක්ෂණ වලින්වත් සල්ලි ගන්නෙත් නෑ... තවත් හොර වංචා අසුවේවා... මාලිමා රජයටත් මහජනතාවත් දිනේවා

:       25       8

andro Friday, 07 February 2025 09:38 AM

අම්මෝ එක

:       5       1

Ranjith Friday, 07 February 2025 09:45 AM

දැරීමට සිදුවන වියදම් දැරීමට නියමිතව ඇත්තේ වත්කම්වලට හානි කිරීමට සම්බන්ධ ජවිපෙ සහ අනෙකුත් විරෝධතාකරුවන් විසිනි. හානිදායක තක්සේරු කිසිසේත්ම නිවැරදි නොවේ. මෙම අරමුදල් ජනතාවට අයත් වන අතර පසුගිය වසර 55 තුළ එකතු වූ හානි නියෝජනය කරයි. මෙම ප්‍රත්‍යක්ෂ වියදම් මගින් සිදු වූ හානියේ තරම පිළිබිඹු වන බව පැහැදිලි වන අතර, 1971, 1988 සහ 1989 සිදුවීම් වලදී පුද්ගල මූල්‍යවලට සිදු වූ පාඩු තවමත් නොදන්නා කරුණකි. මගේ අවබෝධය අනුව මේ වියදම් සඳහා විපතට පත් වූවන්ට වන්දි ලබාදීම රජයේ වගකීමක්.

:       5       35

wije Friday, 07 February 2025 10:06 AM

අසරණ පිළිකා රෝගින්ට, තවත් අසරණ රෝගින්ට විෂ බෙහෙත් ගෙනත් දීපු අමන තක්කඩි කැහැළිය හොරා, තවත් කොච්චර හොරා කන්න ඇතිද? මේවාට සාප වෙන්න ඕනේ. අපරාද! අමන තක්කඩි හොර හාමුළට බණිද්දී, කටු කාපු බල්ලොන්ට හරිම අමාරුයි

:       21       8

chinthaka Friday, 07 February 2025 10:17 AM

ලැබෙන වන්දි මුදල වගේ සිය දහස් ගුණයක් අරගෙන , මේවා රටට හෙළි කිරීම වැරදිද ? රටේ ජනතාව පෝලිම් වල මැරී වැටෙද්දී මුන් මොන තරම් හොර කාලද ? එදා අරගලයට පහර දෙන්න රනිල්, රාජපක්ෂ හවුල මැරයෝ යෙදෙව්වේ නැතිනම් මෙහෙම අලාබ වෙලා මේ හොර තක්කඩියන්ට වන්දි මුදලිනුත් හොර කන්න වෙයිද? මේ හොර නඩයේ කටු ලෙව කන සුනකයින් දෙතුන් දෙනෙකුට හොදටම රිදිලා බවනම් පේනවා

:       21       10

lakmal Friday, 07 February 2025 12:03 PM

රාජපක්ෂලාගේ, රනිල්ලාගේ, සජිත්ලාගේ අසූචි කළාම පුරුදු කසුන් වගේ අය ගැන කතා කරලා වැඩක් නෑ. ඔවුන් බයවෙලා ඉන්නේ රටට වින කරපු අයට කෙළ වෙයි කියලා. කසුන් වගේ අය ඇත්තටම පොළවටත් බරක්...

:       5       5

Nilantha Friday, 07 February 2025 12:38 PM

ජෙප්පෝ 1971 දීත්, ඉන්පසුව 1988-89 කාලයේත් විනාශකළ දේපළ වෙනුවෙන් කොපමණ වන්දියක් ගෙවන්න ඇද්ද? ඊළඟට ජෙප්පෝ පෙරෙට්ටෝ කරපු වර්ජන වෙනුවෙන් ජනතා ධනය කොපමණ නාස්තියක්ද වෙන්න ඇද්ද? එම මුදල් හා විනාශ කිරීම් බැලුවොත් ඔය ප්‍රකාශකයා කියනවා වගේ දස දහස් ගුණයක් පසුගිය අවුරුදු 76 දී නාස්තිවෙලා... ඇති ඇයි මුන්දැලා කරපුවා කවුරුවත්ම නොකියන්නේ.. ජෙප්පෝ නාස්තිකළ මුදල් වලින් හා සම්පත් වලින්ම මෙරට සුරපුරයක් කරන්න තිබුණා.. මොවුන්ට තමන්ගේ ඇහේ තියෙන පරාලය පේන්නේ නැහැ.. ඒත් අනෙක් අයගේ ඇහේ තියෙන අබමල් රේණුව මහමේරුවටත් වඩා ලොකුවට පේනවා...!

:       3       8

charith Friday, 07 February 2025 01:26 PM

තාමත් වහල්ලු ජීවත් වෙනව නේද බලන් යද්දි

:       4       3

සෙනෙවිරත්න Friday, 07 February 2025 02:06 PM

සේරටම කලින් මුන්ට මෙ පමණ වටින දේපලක් තිබුණු බවට වත්කම් ප්‍රකාශන වල සඳහන්කර තිබේදැයි බලන්න.එහෙම නැත්නම් වන්දිය හොරට අරගෙන තියෙන්නෙ. හරිම ලේසියි එහෙම කලාම මුන්ට අසත්‍ය ප්‍රකාශ වලට දඬුවම් කරන්න පුළුවන් .

:       3       3

Lakmal Friday, 07 February 2025 04:07 PM

රටට කෙළවපු අයට වචනයක් කියන්න බැහැ.

:       2       1

Asanga Sunday, 09 February 2025 10:41 AM

මේ සේරම ජෙප්පන්ගෙන් අය කරගන්න ඕනෑ. රටේ විනාශකාරයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා
2025 අප්‍රේල් මස 18 20 0

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම


පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 18 76 0

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ


නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා
2025 අප්‍රේල් මස 18 33 0

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.


ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි
2025 අප්‍රේල් මස 18 92 0

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා


ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්
2025 අප්‍රේල් මස 18 825 2

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍


ඔන්ලයින් පනත විසි කරන නව පනත ගැසට්ටුවට
2025 අප්‍රේල් මස 18 334 0

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 27 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 214 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site