IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අර්චුනා ගැන පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව  කතානායක  අශෝක රන්වල මහතා පැවැසීය.

ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල පරීක්ෂා කර ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් කරන බවද ඔහු සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තුවේ හැසිරීම් සම්බන්ධයෙන් රාමනාදන් මහතා සමග  සාකච්ඡා කරන බවද කතානායකවරයා කීය.

අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු සමාරම්භක රැස්වීමේදී විපක්ෂ නායකවරයාගේ ආසනයේ අසුන් ගැනීමෙන්ආ න්දෝලනාත්මක තත්වයක් ඇතිවිය.

මෙයට අමතරව ඔහු ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශ කිහිපයකට  එරෙහිවද  සමාජයෙන් විරෝධයක් මතුවිය.

අර්චුනා  රාමනාදන්  මහතා පසුගිය මහමැතිවරණයේදී යාපනයේ ස්වාධීන කණ්ඩායමකින්  පාර්ලිමේන්තුවට තේරී පත්විය



අදහස් (6)

අර්චුනා ගැන පරීක්ෂණයක්

sukitha Monday, 25 November 2024 03:20 PM

රන්ජන් ගේ ජානවලට ටිකක් සමාන ජාන තියෙන කෙනෙක්. වැඩිය අවුස්සන්නේ නැතිව ඉන්න එක තමයි විසඳුම. ටිකක් කරුණාව දක්වන්නත් ඕනෑ.

:       11       79

Malin Monday, 25 November 2024 03:37 PM

හොඳ තීරණයක්. ඔහුගේ ප්‍රකාශ බොහොමයක් ජාතිවාදය අවුළුවන ඒවා. මුලදිම එය නැවැත්විය යුතුයි. නැත්නම් පසුවට තවත් අය මේ විදිහටම කටයුතු කරයි. වැනි වැනී ඉන්නේ නැතුව කෙලින් තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරමු.

:       2       106

රම්බොඩ Monday, 25 November 2024 03:49 PM

විකෘති මානසික තත්ත්ව තියෙන මිනිසුන්. ඉගෙන ගත්තාට වැඩක් නෑ. ප්‍රජානනය පිළිබඳ ගැටළු තියෙනවා. දඬුවමින් හෝ මානසික උපදේශනයෙන් හදාගන්න බලන්න ඕන. නැත්නම් දිගටම විකාර කරයි.

:       1       75

chinthaka Monday, 25 November 2024 04:37 PM

තනිකරම ජාතිවාදියෙක්, බොහොම සූක්ෂම විදිහට නැවතත් 2009 ට කලින් තිබුණු තැනට රට ගෙනියන්න හදන කෙනෙක්. වහාම මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුමයි.

:       1       106

ravin Monday, 25 November 2024 05:11 PM

මෝඩ චූන් කාරයෙක්... උගත්කම යනු ස්ථානෝචිතව වැඩකිරීම මිස උපාධි පට්ටම් ලැබුණු පමණින් වාචාලවීම නොවේ. මෝඩයි කියලා මොනවා කරන්නද? ඔන්න ඔහේ පාන් කෑල්ලක් දීලා තියාගන්න. පත්කළ ජනතාව විසින්ම එළවීමත් කරාවි. මෑත ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ අපි සැවොම අත්වින්දා නේද?

:       0       52

Ruwan De Silva Monday, 25 November 2024 06:20 PM

මේ පාර මහ මැතිවරණය උතුරේ නැගෙනහිර බහුතරයක් ජාතිවාදී ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේ වගේ ජාතිවාදී පැල ඉක්මනින්ම ඉවත් කරන්න ඕනේ. නැත්තං වෙන්නේ චෙන්නායි වල ඉඳන් ආව බණ්ඩාරනායක පරම්පරාව වගේ ලංකාව ජාතිවාදී, ආගම්වාදී ගැටුම්වලින් රට සෝමාලියාවක් කරලා තමයි පස්ස බලන්නේ.

:       1       36

ඔබේ අදහස් එවන්න

දියත

ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 74 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 265 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 158 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 559 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1634 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 505 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site