IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අර්ථසාධක ගිණුම් තොරතුරු එස්.එම්.එස් මගින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සේවක අර්ථසාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණය භාවිතයෙන්  කිරීමටත්   සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගතවී ඇති ආකාරය ජංගම දුරකතන කෙටි පණිවිඩ සේවාව ඔස්සේ (SMS) ලබා දීමටත්  කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

මීට අවශ්‍ය නීතිමය  ප්‍රතිපාදන සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා (07) සම්මත කර ගැනීමට කරගැනීමට නියමිතය.

මේ අතර සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සඳහා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟතාව පළ විය.

එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී වැඩිදුරටත් එකගත්වය පළවිය.

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (04) රැස්විය. මෙම කාරණාවලට එකඟත්වය පළවී ඇත්තේ එම රැස්වීමේදීය.

තවද 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ ගැසට් කර ඇති උපද්‍රවකාරී රැකියා ලැයිස්තු නියෝග සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන්  කාරක සභාව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ඩබ්ලිව් ඩී ජේ  සෙනෙවිරත්න සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (0)

අර්ථසාධක ගිණුම් තොරතුරු එස්.එම්.එස් මගින්

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 142 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 192 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 20 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2782 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 676 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1353 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1731 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site