IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අර්බුදය ගැන මහින්ද කතා කරයි

(ෂේන් සෙනෙවිරත්න)

රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

හිටපු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව අවධාරණය කළේය .

අයුක්තියට විරුද්ධව ජනතාව මේ අවස්ථාවේදි අවංකව නැගී සිටිය යුතු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කළ හැකි ඕනෑම රජයකට ඉදිරියේදී තම සහාය ලබාදෙන බව ද පැවසීය .

ජනතාව මේ අවස්ථාවේදී එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යා යුතුව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (20)

අර්බුදය ගැන මහින්ද කතා කරයි

පිටිගල මිලානෝ Friday, 28 April 2023 05:42 PM

හොරාකාලා රට ජනජීවිත විනාශ කළාට නුඹලා සියල්ලම හිරේ දැමිය යුතුයි...

:       13       46

දාස Friday, 28 April 2023 06:34 PM

මේකයි, මේකගේ පවුලයි මඩි ගහපු සල්ලි හොයාගත්තොත් රටම ගොඩ..., ඒත් 134 අධිපති මොවුන්ගේ අලුත්ම ආරක්ෂකයානේ...

:       16       29

අප්පුහාමි Friday, 28 April 2023 06:54 PM

අනාගත මැතිවරණයකින් කුමන රජයක් පත්වුණත් මේ රටේ ජනතා මුදල් වංචා කළ යටිමඩි ගැසූ හොරාකෑම සහ විදේශීය ණය මුදල් ගසාකෑමට කටයුතු කිරීම හා විදෙස් ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලීම කිරීම් සංචාරකයින් අපහසුතාවට පත්කිරීම, මරාදැමීම ආදී සියලු දේවල් සෙවීමට සුදුසු දූෂණ හා වංචා සෙවීමට අමාත්‍යාංශයක් ඇතිකළ යුතුයි. ඒ වගේම රජයක් පැරදී නව රජයක් පත්වූවිට ඉවත්වූ ඇමැති හා රාජ්‍ය, නියෝජ්‍ය නැත්නම් පළාත් ඇමැතියෙක් වුණත් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා අවසන් නොකළ ආදී ප්‍රගතියද ඇතුළත් විස්තර ඇතුළත්ව සියලු ලිපිගොනු ආදී ලියවිලි බාරදීම අනිවාර්ය නීතියක් කරන්න ඕන ජනාධිපති වුණත් එහෙම කළොත් දූෂණ, වංචා අඩුකරන්න නොහැකි යැයි කියන්න පුළුවන් කාටද?

:       4       31

ANURA ROME Friday, 28 April 2023 06:59 PM

හොරාකනවා ඇස් දෙකෙන් දැක්කද?

:       45       14

ChinFriday, 28 April 2023 07:51 PM

ඇස් දෙකෙන් දකින්න ඕන නෑ... මොලයක් තියෙනවා නම් රටට වෙලා තියෙන වින්නැහියෙන් හිතාගත හැකියි...

:       8       43

MHFriday, 28 April 2023 08:36 PM

අපි ඇස් දෙකෙන් දැක්කා 1989 සහ 2022 ජවිප කාරයින් මේ රටට කළ වින්නැහිය... ඒවා තමයි විඳවන්නේ...

:       34       19

LakmalSaturday, 29 April 2023 11:00 AM

රාජපක්ෂලාගේ කෙනෙක්...

:       1       16

ATHULA Friday, 28 April 2023 07:24 PM

කවුද රට මේ තත්වයට පත් කළේ? අපිද..? රටම විකුණලා, මංකොල්ල කාලා හත්මුතු පරම්පරාවම එකතුවෙලා දැන් බබා හුකුම්..

:       9       46

MH Friday, 28 April 2023 08:29 PM

කට වාචාලකමට තිබුණාට මිනිස්සුන්ට නිකරුණේ අපහාස කරන්න හොඳ නෑ...

:       35       12

විපරමා Saturday, 29 April 2023 03:50 AM

බලයේ ඉන්න කාලේ පවුලේ ඔක්කොම කිට්ටු කරගෙන මහා පරිමාණ හොරකම්, වංචා දූෂණ නාස්තිය කරලා රටම වළපල්ලට ඇදලා දැම්මා. ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලයි ජනතාව රවට්ටලා බලයට ආවේ. සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් ගසාකෑවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා. දැන් සුද්දවන්තයින් වෙන්න හදනවා .

:       3       14

හිටංහුටං Saturday, 29 April 2023 05:20 AM

ඒ තරමටම නෙවෙයි මමත් හම්බ කරා. මෝඩ විදියට කරපුවා හොඳට බැලුවාම අහුවෙනවා. ඒත් ලොකු ඒවාට නම් ගිය ජාවාරම් කාරයෝ තමයි හැම දෙයක්ම කළේ. ඒවා නම් මේ සම්මක් ජාතියටම අහුවෙනවා කියලා. මගේ කොටසක් ඒ අය ගාව. ඒකෙන් දැන් කොටි 10ක් අඩු වෙනවා. එච්චර ගාණක් දෙයිද දන්නේ නෑ එකපාරටම...

:       1       2

Jayalath Saturday, 29 April 2023 05:35 AM

රට කාලා දැන් කිඹුල් කඳුළු හලනවා.

:       2       12

City Saturday, 29 April 2023 06:14 AM

මේ අර්බුදයට මහින්දට විතරක් මම බනින්නේ නැහැ. ලංකාවේ පුද්ගලික අංශය, නීති පද්ධතිය, පොලිසිය සහ අපි මෙහි වගකීම බාරගත යුතුයි.

:       6       4

cw Saturday, 29 April 2023 10:14 AM

අර එක්කෙනෙක් කෝටි ගාණක් විනාශ කරලා ඩුබායි වල රාජපක්ෂලාගේ දේපල හොයන්ට ගියා. දැන් ඕස්ට්‍රේලියාවේද කොහෙද පවුලත් එක්ක ඉන්නවාලු නේද?

:       1       3

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 29 April 2023 11:58 AM

ගෝල්ෆේස් අරගලයේ මහ මොලකරු ජූලි චෑංග් ලු... කමක් නැහැ අපි මහින්දට හොරා කිව්වනේ... මීට අයියනායකගේ වහල්ලු...

:       0       5

Rata Perata Saturday, 29 April 2023 12:37 PM

මේ අය ගෙදර ඉන්න ඕනේ කාලේ... දැන්වත් කපටිකම් නවත්තලා යන තැනකට වැඩක් කරගන්න...

:       1       7

දියවන්නාවේ කිබුලා Saturday, 29 April 2023 02:34 PM

ඔයා රේන්ජ් රෝවර් එකෙන් බැහැලා ලංගමේ යන්න මහත්තයෝ. ගිනි අව්වේ ලේලන්ඩ් ලොරි බස් එකක බොරැල්ල හරියෙන් ගියා නම් මහජන දුක ඔයාට තේරෙයි...

:       1       3

ගමේ එකාලා Saturday, 29 April 2023 02:35 PM

ආර්තික අර්බූදයට වැඩිපුරම වග කියන්න ඕනේ තමුන් සහ පවුලේ අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කෙරුවා මදිවට රටම ලෝකෙට ණයකාරයෝ කෙරුවා.1948න් පස්සේ ලංකාවේ හිටපු දූෂිතම බලලෝභී නායකයා කවුද කියලා ලෝකෙම දන්නවා.

:       1       4

anuranga Saturday, 29 April 2023 04:17 PM

හොරා කාපුවා ගෙනැල්ලා දාන්න, එතකොට නුඹලා ඕනෑ නැහැ අපිටම හදා ගත්තැහැකියි...

:       1       4

ගනේගොඩ Monday, 01 May 2023 02:56 PM

* පවුල් බලය හෙලා දකිමු *

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 0 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 177 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 188 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 405 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 504 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 68 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26337 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site