(අංජුල මහික වීරරත්න)
අල, එළවළු සහ තේ වගාවට විශේෂ පොහොර වර්ග දෙකක් සතියක් ඇතුලත නිපදවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.
ඒ අනුව අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරනු ලැබීය.
මෙම පොහොර වර්ග දෙක නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. එම පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යූරියා, MOP සහ වෙනත් සංඝටක මේ වනවිටත් එම සමාගම් සතුව පවතින බව සභාපතිවරු දෙදෙනා ප්‍රකාශ කළහ.
රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල වත්තල පිහිටි ගබඩා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල, එළවළු සහ තේ පොහොර දෙසතියක් ඇතුළත
"කසල-තේ" Tuesday, 27 December 2022 04:18 PM
මාස්පතා පොලීසියෙන් අල්ලන "කසල-තේ" බැරිද ඔය අල, එළවළු පොහොර හැටියට යොදා ගන්න ඇමැතිතුමා..!
lalithm Wednesday, 28 December 2022 10:16 AM
පොල්, රබර්, අන්නාසි සඳහා සැපයුමක් නැද්ද?