IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අලි, කැබිනට් පත්‍රිකාවකට එරෙහිව පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු  ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවකින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත .

පරිසර යුක්ති කේන්ද්‍රය, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙකු වන හේමන්ත විතානගේ, නීතිඥ සංජය එදිරිසිංහ, සත්ව වේදිනියක වන පංචාලි පනාපිටිය යන අය මෙම පෙත්සම ගොනු කරනු ලැබ සිටිති.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමටත් ඊට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම යන කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් විසින් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත් කළ බවය.

එම කැබිනට් පත්‍රිකාව තුළින් අධිකරණයේ පවතින අලි ඇතුන් සම්බන්ධ නඩු ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර ඇති අතර එසේ අධිකරණය හමුවේ පවතින නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස තීන්දු ගැනීමට විධායකයට හිමිකමක් නොමැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් කියා සිටිති.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව තුළින් අග්‍රාමාත්‍යවරයා සහ වනජීවී අමාත්‍යවරයා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීරණය කරන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

 



අදහස් (4)

අලි, කැබිනට් පත්‍රිකාවකට එරෙහිව පෙත්සමක්

WCA Friday, 09 April 2021 05:49 PM

කාලයක් හරක් ටික නොමග යැව්වා. දැන් අලි ටික නොමග යවනවද කොහෙද?

:       1       23

siri Friday, 09 April 2021 06:20 PM

අර පූස් පැටව් දාල යනවා වගේ පෙරහරට ගෙනල්ල පන්සලේ දාල ගියා කීව අලිත් පවුලේ අයගේ ඇත් පන්තියේ අලිත් ඔය කැබිනට් පත්‍රිකාවට ඇතුලත්ද?

:       1       1

nandana Friday, 09 April 2021 08:33 PM

අලි ඇතුන් රැක බලාගත හැකි කෙනෙක් සිටීනම්, ඔවුන් එම සතුන් බාර දීමේ වරදක් නැහැ. එවැනි දෙයක් කිරීමෙන් ඈත ගම්මාන වල සිදුවන අලි මිනිස් ගැටුම යම් ප්‍රමාණයකින් අඩු කරගත හැක.

:       1       1

prabha Saturday, 10 April 2021 11:15 AM

මේ අලි අහසින් පාත් වෙලාද? ගත්ත තැනක්, මව් ඇතින්නක් නැතිද? 

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 29 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 322 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 36 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 133 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 252 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 76 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site