IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අලි කලබලයට හේතුව එළියට

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අලි කලබලයට හේතුව කුඩා ලමයකු  පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි.

පැල්මඩුල්ල විහාරයේ රත්නා නැමැති අලියා ඒ අයුරින් පළමුවෙන් කලබලයට පත්ව ඇති අලියා වන අතර එම අලියා බලාගන්නා අශෝක චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ මෙවන් කතාවකි.

මගේ අලියා කතරගම දේවාලයේ කරඬුව වඩම්මන ඇතා ගේ පරිවාර ඇස ලෙස ගමන් කළා . එසේ ගමන් කරණ විට මාලිගාවේ පියගැටපෙළ නැඟ පෙරහර ගමන් මාර්ගයට පැමිණෙනවාත් සමඟම යකඩ වැට අයිනේ සිටි කුඩා දරුවකු අලියාගේ හොඬය ලඟට ලංකොට ශබ්ද නැගෙන නළාවක් පිම්බා එත් සමග අලියා කලබලවී අනෙක් පැත්තට හැරෙන විට කරඬුව වඩම්මන ඇතා ගේ ඇඟේ හැප්පුනා.

එවිට අලියා තවත් බිය වී දුවන්න පටන් ගත්තා . මම වසර 25ක් අලි බලන කෙනෙක් මේ අලියා එහෙම කලබල කරන කෙනෙක් නෙවෙයි .

නලාවට බිය වූ නිසා අලියා නවතින්නේම නැතුව දුවන්න පටන් ගත්තා . පසුව අලියා පාලනය කොට පැත්තකින් බැඳගත්තා. මේ සිද්ධියෙන් අප කිසිවෙකුටත් තුවාල සිදු වුණේ නෑ . නලා ශබ්දය වැනි දේවලට අලි තරමක් කලබල වෙනවා. සමහර පුද්ගලයන් අලින්ගේ ඇස්වලට ලෙසර් වැනි දේ අල්ලන බවද පැවසූ චන්ද්‍රසේකර මහතා එවැනි දේ නොකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය .

දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට හිංසා වන ආකාරයේ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙසයි. දෙවැනි කුඹල් පෙරහරේ දී සිදු වූ සිදුවීම විශාල සිදුවීමක් නොවන බවත් ඉන් කිසිදු පුද්ගලයකුට අලියකු හෝ ඇතකු පහර දී නොමැති බවත් එසේම කිසිදු ඇතකුට හෝ අලියකුට හිංසාකාරී සිදුවීමක් සිදුවී නොමැති බවද පැවසීය .

 



අදහස් (6)

අලි කලබලයට හේතුව එළියට

පිටිගල මිලානෝ Wednesday, 23 August 2023 08:09 PM

මේක හතරබීරි කතාවක්නේ. අපි පොඩිකාලේ නුවර පෙරහැර බලන්න යන්නේ විවිධ නලා ජාති පෙරහැර සල්පිල් වලින් අරගෙන ඒවා පිඹ පිඹයි. මම්මා පප්පා බැලුන් නලා තවමත් මතකයි. පොඩි ළමයින්ගේ සහ නලා වෙළෙන්දන්ගේ නලා සද්දේ මැදිනුයි පෙරහර ගමන් කරන්නේ. හේවිසි වාදනවල ඇති නලා මීටත් වඩා තීව්රයි. ඒත් මේ දක්වා නලා ශබ්දෙට අලි කුලප්පු වෙලා නැහැ. සතුන් උන්ගේ වාසභූමි වලින් ඉවත් කරලා කොට අදින්න දාලා හම්බ කරලා ලස්සනට අන්දවලා බෞද්ධ නාමයෙන් දම්වැල් වලින් ගැට ගහලා අලිමාංචුව දාලා නගර වීදිවල පෙරහැරේ අරිනකොට හේතු රාශියක් නිසා කුලප්පු වීමට ඉඩ තිබේ. මට නම් පෙනුනේ අලියා තරමක් වේගයෙන් විවිධ දිශා වලට ගමන් කලත් කුලප්පු වී තිබුනේ සුදු සරම් කමීස ඇදගෙන සිටි පෙරහර නියාමකවරුන්ට සහ අලියා නිසොල්මන්ව සිටින වි සිටින විට අන්තිමට වේගෙන් පැමිණ අලි මාංචුව දාලාද ඉන්නේ අසපු බඩ තඩි නිලමෙටයි.

:       5       1

Sk Wednesday, 23 August 2023 09:33 PM

ඇයි බං පාඩුවෙ ගෙදෙට්ට වෙලා ඉන්නැතුව අලි දක්කන්න පෙරහැරේ යන්නෙ

:       2       2

කිරිපුතා Thursday, 24 August 2023 12:27 AM

මෙවැනි බූරු වැඩ මේ උතුම් අවස්ථාවේ නොකිරීමට ළමයින් බලා ගැනීම දෙමාපියන් ගේ වග කීමක්. එවැනි අණතුරු දායක දේ කරන ඕනෑම කෙනෙකු අල්වා ආරක්ෂක අංශ වෙත බාර දීමට රටට දැයට සංස්කෘතියට ආදරය ඇති සෑම පුර වැසියෙකුගේම වගකීමකි.

:       3       5

Lalla Thursday, 24 August 2023 06:59 AM

අශීලාචාර ලෙස දරුවන් හැදීමේ විපාකය. හැසිරීම නොදත් දෙමාපියන්ට ඒක තේරුම්ගන්න බෑ. නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ඕන..... ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම පාලනය කල යුතුයි.

:       4       4

Dewa Thursday, 24 August 2023 10:34 AM

මේවගෙ දෙයක් අපි එහුවමයි. කුඩා ලමයෙක්. නලා පිම්බම . අලි කුලප්පු වීම

:       1       6

ගමේ එකාලා Thursday, 24 August 2023 02:20 PM

පෙරහැරේ නලා කාරයෝ ,හේවිසි කාරයෝ,බෙරකාරයෝ කොච්චර කියලා යනවද? මීට කලින් පෙරහැරවල් වල අලි කුලප්පු උනේ කොහොමද දන්නේ නැහැ ?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1383 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2472 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 349 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1065 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9722 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3708 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site