(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලි මිනිස් ගැටුම නිසා 2019 වර්ෂයේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු හෙළිවී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ( කෝපා) පවසයි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් එම වසරේදී මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 122කි.
මේ අතර අලි මිනිස් ගැටුම නිසා වන අලින් වැඩියෙන්ම මියයන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇතැයි තොරතුරු හෙළිවී ඇති බව පවසන කෝපා කමිටුව අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බවද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද 2019 වසරේදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් ඇති බව ගිණුම් කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද එම රැස්වීමේදී හෙළි විය.
එහෙයින් මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.
අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ ඉතාම බරපතල අන්දමින් ක්‍රියාත්මක වන හෙයින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබද කාරක සභාව නිර්දේශ කර ඇත.
කෝපා කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.
විදුලි වැට ඉදිකර අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටු වන්නේ අහිංසක ගැහැණු සතුන් හා අලි පැටවුන් පමණක් බවත් මෙම වාර්තාවේ සදහන්වේ.
මිනිසුන්ට හා ගම්බිම්වලට හානි කිරීමට වග කිව යුතු වන්නේ විශාල පිරිමි සතුන් බවද එහි සඳහන් වේ .
අලි මිනිස් ගැටුම ගලිගමුව ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදමද ඉතා අඩු මට්ටමක පවතින බවත් කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
රජය විශාල වශයෙන් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර අලි මිනිස් ගැටුම වැළැක්වීමට මුදල් වියදම් කර තිබුණද මෙම ගැටුම වැඩිවීමක් මිස අඩුවීමක් සිදුව නැති බවත් රජයට මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වන මෙම පැරණි ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතු බවත් කෝපා කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.
අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම සැකසීම වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරියක් බවත් අලි රක්ෂිත ඉදිකිරීම සදහා එම ඉඩම් ලබා ගැනීමේදී මහවැලි අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතවල එකගතාව නිසි පරිදි ලබා ගැනීමද වැදගත් බවත් වාර්තාවේ සඳහන් ව ඇත.
තවද අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා යොදා ගන්නා අලි වැට, අලි අගල් වැනි උපක්‍රම ඉදි කිරීමේදී හා පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගොවිජන සංවිධානවල සහ ගම්වාසීන්ගේ ඒකාබද්ධ සහය අවශ්‍ය බැවින් මෙම සියලු ආයතන සහ පුද්ගලයන්ගේ මනා සම්බන්ධීකරණයද අතිශය වැදගත් බව මෙම වාර්තාව වැඩ දුරටත් පෙන්වා දී ඇත.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අලි- මිනිස් මරණ ගැන කෝපා කමිටුවෙන් හෙළිදරව්වක්