IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අලි සබ්රි රහීම් ආණ්ඩුව ගැන කලකිරිලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මහතා මේ බව කීය.

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී රේගු අත්අඩංගුවට පත්ව ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මහතා මෙසේද පැවසීය. ජනක රත්නායක මට විරුද්ධව මුකුත් කරලා නෑ.

ඒක මං කරපු වරදක් නෙමෙයි.මගේ ගෝලයෙක් තමයි ඒක ගෙනාවේ.හැබැයි මාධ්‍යයෙන් ගියේ මාව.මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා.කවුරුත් බලන්නං කිව්වා. නමුත් මට අසාධාරණයක් වුණා.වැරැද්දක් නැතුව මම ලක්ෂ 75ක් දඩ ගෙවලා තමයි එළියට ආවේ.එ් නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.

මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ.මගේ බෑග් එකටත් ඒව දාල .එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම.කස්ටම් එකෙන් එයත් අත්අඩංගුවට ගත්තා.ඒත් ඔක්කොම දඩ ගෙව්වේ මම.

මේ වගේ අසාධාරණයක් මට වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදල මොකටද?මෙි වගේ වෙලාවක මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉඳල වැඩක් නෑනේ .ඒකයි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ යනුවෙන් අලි සබ්රි රහීම් මහතා පැවසීය.

 



අදහස් (37)

අලි සබ්රි රහීම් ආණ්ඩුව ගැන කලකිරිලා

Nimal Wednesday, 24 May 2023 10:02 PM

උඹ බබා

:       0       21

Jagath Wickramasekara Wednesday, 24 May 2023 10:21 PM

රජයට ආචාරය.. නීතිය හා සාමය ආරක්ෂා කිරීම ගැන

:       1       22

සමන් - ඕමානය Wednesday, 24 May 2023 11:16 PM

" මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ.මගේ බෑග් එකටත් ඒව දාල .එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම." අනේ අහිංසක තොත්ත බබා. ............මම කිසි දෙයක් දන්නේ නෑ, සූප්පුව උර උරා පැත්තකට වෙලා හිටියා. අම්මා තාත්තා මාව බේරා ගත්තේ නෑ............. පව් දෙයියනේ!!!

:       0       26

Lalla Thursday, 25 May 2023 12:35 AM

මෙයාගේ පවුලත් ගෝලයෙක්ගේ වෙන්න ඇති.....අනික ගෝලයාට කෝටි ගණනක මුදල් තියෙන්න හාම්පුතාට කොතරම් ධනයක් ඇතිද? කෝ දේශීය ආදායම් නිලධාරීන්. ප්‍රශ්න කර බදු අයකර ගන්න බැරිද?

:       0       22

Deyyo Sakki Thursday, 25 May 2023 12:37 AM

මේක මහා පුදුම කතාවක් නේ, හැම හොරෙක්ම කියන කතාවක්නේ ඕක. තමන්ගෙ බෑග් එකේ තියෙන බඩු ගැන තමන් වගකීම බාරගත යුතුයි.

:       0       22

පුත්තලමේ අපි Thursday, 25 May 2023 01:55 AM

හොරැන්ට කඩෙි නොගිය ආන්ඩුවට ජයපතමි

:       1       21

Shashika519 Thursday, 25 May 2023 02:09 AM

ඩේසි ආච්චිට මැණික් මල්ල ලැබුන වගේම කථාවක්.. හ් උ ප් ත් ඕ ඕ

:       2       15

බී අමරසිංහ Thursday, 25 May 2023 03:49 AM

පව්! . බබා?

:       0       18

Muditha Thursday, 25 May 2023 04:27 AM

මම බබා

:       0       15

ලුම්බිණි Thursday, 25 May 2023 04:43 AM

දඩය ගෝලයටම ගෙවන්න කියන්න තිබුන නේ. ඕනෑම ගුවන් තොටුපොළක අහනවා බෑගය පැක් කලේ තමන්ද කියල. මොකද කිව්වේ නැත්තේ ගෝලයා තමයි එක කලේ කියල.

:       0       18

Mahesh Thursday, 25 May 2023 04:49 AM

රනිල් ඇතුලු ආන්ඩුව ගැන පුදුම කැමැත්තක් ඇති උනේ. හොර කමෙ ගිහින් බඩුත් එක්ක මාට්ටු උනාම තව බේර ගන්නත්. මතකනේ සිංදු කියන මයිනෙක් බඩුත් එක්ක කුඩු අහු උනාම ගිහින්ම බේරගත්තා. ඒ කාළකන්නි යුගය අවසන් වෙලා.

:       1       18

Rufus Randeniya Thursday, 25 May 2023 05:41 AM

ඕවා උඹට හොඳ පාඩම

:       0       11

Roshan Thursday, 25 May 2023 05:49 AM

අනේ පව් මෙයා දන්නෙම නෑ තොත්ත බබා

:       0       12

Pubudu Thursday, 25 May 2023 06:18 AM

වැරදි වැඩ කරලා ආණ්ඩුවෙන් උදව් බලාපොරොත්තු වෙන මුන්ට කියන්නේ මොකක්ද? මෙච්චර දවස් ඕකුන් කරලා තියෙන්නේ ඔහොම ඩීල් දාපු එකද?

:       0       18

Lalla Thursday, 25 May 2023 07:05 AM

මිනීමරුවන්,කප්පම්කරුවන්, මාල කඩන්නන්, හොර නීතිඥයින්, කුඩුකාරයන් ගොඩට හොරබඩු ජාවාරම්කරුවෙකුත් එකතු වුනා.... කදිම සංයෝගයක්.....මේ අපේ පාර්ලිමේන්තුව..නීති සම්පාදකයන්.....

:       1       15

පුරවැසියා Thursday, 25 May 2023 07:24 AM

උඹලා ආණ්ඩුව එක්ක ගහන ගැටවලට අපි අහුවෙන්නෙ නෑ බන්. මහ බැංකුව කඩපු හොරාව බේරපු රනිල්. ගාමන්ට් එකට ගහපු එකාව බේරපු රනිල් උඹ්ව බේරන්නෙ නතිව ඉන්නෙ නෑ පොඩි හරි ප්‍රයෝජනයක් තියෙනවනම්.

:       3       9

Sunil Thursday, 25 May 2023 07:50 AM

බේරා ගන්න නෙමෙයි මේ කාලකන්නියාව හිරේ යවන්න තිබුනේ .දැන් එක එක බොරු හේතු ඉදිරිපත් කරනවා,225 ම එක වගේ

:       0       10

Vira Thursday, 25 May 2023 07:59 AM

සහතික ඇත්ත.මූ ඕවා දන්නේ නෑ .අහිංසකයෙක් .පවු

:       0       9

Rawana Thursday, 25 May 2023 08:09 AM

අපි බලමු ඔබතුමාව සජබෙන් හෝ ජේවිපී එකෙන් භාර ගනියිද කියලා, ඔබ වැනි හොරුන්ව ලංකරගත්තොත් ඔවුනුත් දේශපාලන කුණුබක්කියට තමයි

:       0       9

Nimal Perera Thursday, 25 May 2023 08:13 AM

පොර බබා .තන කිරි පොරට දෙමු

:       0       11

sam Thursday, 25 May 2023 08:22 AM

ලොක්කා හොරෙකුට දඩුවම් කිරීම සෑම රජයකම වගකීමයි. පහුගිය කාලෙ ඒව හරියට ක්‍රියාත්මක නොවුණ එකේ ප්‍රතිපල තමයි අද ලංකාව වැටිල තියන තත්වෙට හේතු. පහුගිය කාල ඔබගේ අය විතරක් නෙමෙයි රටේම ලොක්කො මහා පරිමාණයෙන් රට හොරාකෑව, උන්ට ඕනි දේවල් ඔය වගේ රටට ගෙනාව සහ රටෙන් පිටකලා. උන් තවමත් සැපෙන් සතුටෙන් ඉන්නව හැබැයි උන්ට මේ ආත්මෙ නැතිනම් ලබන ආත්මෙදි හරි ඒ වට වන්දි ගෙවන්ඩ වෙනවාමයි. ඉතින් හලෝ තමුසෙ කරල තියෙන්නෙ නීති විරෝධී මහා වැරූද්දක්, රටේ මිනිස්සු මෙච්චර දුක් විදිද්දී තමුසෙ හොරට වටිනා භාණ්ඩ නීතිවිරෝධීව ගෙනල්ල වශාල මුදලකට අහිංසක මිනිස්සුන්ට විකුණන්ඩ හදන එක හරිද. කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන්ගෙන් ප්‍රශ්ණ කරනව එතකොට හොද උත්තරයක් ලැබෙයි. ඒක තමයි ඔය හම්බවෙලා තියෙන්නෙ. නීතිවරෝධී වැඩකරල එක එක්කෙනාට බනින්ඩ එපා ඕයි. දැන් තමුන්ට හොද අවස්ථාවක් ඇවිල්ල තියනව , ඒ තමයි තව ඔය වගේ හොර වැඩ කරන එවුන් ගැන අදාල ආයතන වලට දන්නල අල්ලල දෙනව.ඒක ඔබ රටට කරන උසස් සේවයක්.

:       0       6

ඉදුමල් දෙවොලගේ Thursday, 25 May 2023 08:24 AM

පව්... අක්කුං බබා.. එයාගෙ බෑග් එකට එයා දන්නෙත් නැතුව පටවල...

:       0       9

Chaminda Kumara Thursday, 25 May 2023 09:13 AM

පව් අනේ මේ බබාගේ බෑග් එකට හොර බඩු දාපු එකාට හොදක් වෙන්න එපා

:       0       7

කිරිපුතා Thursday, 25 May 2023 09:39 AM

මේ හාදයා අර රත්තරන් වැඩේට මාට්ටු වුණාට පස්සෙ සෘජුවම බේරගන්න ආණ්ඩුව මැදිහත් වුණේ නෑ කියලනේ මේ සේරම විගඩම්. මොවුන් වැන්නවුන් පාර්ලිමේන්තු යවන අයයි තකතීරුවන්.

:       0       7

Perera Thursday, 25 May 2023 09:46 AM

ආණ්ඩුව ගැන කලකිරිලා තියෙන්නේ රටේ ජනතාව වැටිලා ඉන්න තත්වය ගැන හිතලා නෙමෙයි .මූව බේරාගත්තේ නැහැ කියලා

:       0       12

A Upali De Silva Thursday, 25 May 2023 10:10 AM

ඔබේ ගමේ මෝඩයන්ට ඔබේ කතාව කියනවානම් හොඳයි , ඔබ වාසනාවන්තයි සිරගත නොවී සිටීමට , රජයට ස්තූතියි. නමුත් හොඳම දේ සෞදි අරාබිය වගේ විය යුතුයි, ඔබ එල්ලා මරා දැමිය යුතුයි. ඔබේ ඇඳුමට අගෞරව නොකරන්න

:       0       8

චන්දන Thursday, 25 May 2023 10:46 AM

අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියල හිතුවද? ඔය වගේ කතා අපට හොඳට පුරුදුයි. මෙයා මේව කාලයක් තිස්සේ කරගෙන ආපු ජාවාරමක් කියල සාධාරණ සැකයක් තියෙනව. අර විල්පත්තුව කපපු මිනිහගෙ කපාපු පලුව. එකම ජාතියේ බඩු. කම්බ හොරු. ඒ විතරක් නෙවෙයි. මේ වගේ අනෙක් පාර්ලිමේන්තු අයත් මෙහෙමම කරනව කියල හිතෙනව. අහුවුනේ මෙයා විතරයි.

:       0       10

Indika Amarasinghe Thursday, 25 May 2023 11:36 AM

හා.අපිට තේරුනා .ඔයා බබා

:       0       7

oshan Thursday, 25 May 2023 12:19 PM

ඔබට බිස්නස් කරන්න ඕනෑනම් නීතිමය වශයෙන් කරන්න. නැතිව මෙහෙම බොරු කියන්න එපා. හරිනම් ඔය පෝස්ට් එකත් අහෝසි කරන්න ඕනෑ.

:       0       8

mohamed uvais thahir Thursday, 25 May 2023 12:24 PM

කළේ තුප්පහි වැඩ... ඒ මදිවට ආණ්ඩුවත් උදව් කරන්න ඕනේද?

:       0       7

hesa Thursday, 25 May 2023 12:40 PM

කවුරුත් පවතින ආණ්ඩුවේ එල්ලීගෙන ඉන්නේ තමුන්ට හොර ජාවාරම් කරගන්න මිසක්, රටට හිතැති කෙනෙක් මේ වනතුරු ඉඳලා නැහැ. කිසිදිනක එවන් අවංකයින් පහළ වෙන්නෙත් නැහැ. බොරුවක් නම් රටට ආදරයෙන් උන්න හෝ ඉන්න කෙනෙක්ගේ නමක් තියෙනවාද?

:       0       5

LANKANLOVER Thursday, 25 May 2023 01:18 PM

කරන්න තියෙන ඔක්කොම වැඩ කරලා බබ්බු වෙනවා.

:       0       5

Hafeel Thursday, 25 May 2023 02:17 PM

පුත්තලම ජනතාවගෙන් හොඳම තේරීමක්. ඊළඟ පාරත් මෙයාව පාර්ලිමේන්තුවට යවනවාද? මටත් මෙයා ගිය පාසලට යන්න හිතනවා...

:       0       4

Mahasen Thursday, 25 May 2023 02:37 PM

අනුර, ඩැනියෙල් තියරිය දැම්මා නම් හරි... මෙයාව අයින් කරලා බිරිඳ එක්ක හරි දැම්මා නම් ගොඩ... බත්ගොට්ටෝ උඩ පැන පැන විසිල් ගහයි...

:       0       2

SUNIL MILANO Thursday, 25 May 2023 03:49 PM

මේ වගේ හොරු පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕනෑ. ජනක එළෙව්වා වගේ අපේ විපක්ෂය ඇතුළු නඩය මොකද දන්නේ නැහැ නිහඬ..?

:       1       8

prasanna Thursday, 25 May 2023 06:44 PM

මන්ත්‍රී වරප්‍රසාදවලට මූණවල් හොරකම් කරන එක තමයි.. මොවුන් ජීවිත කාලෙම කරන්නේ... රටට, මිනිස්සුන්ට සේවයක් කරන්නේ නැහැ.

:       0       1

විජේ Thursday, 25 May 2023 10:33 PM

කොහොමද මූ තාමත් මන්ත්‍රීකමේ ඉන්නෙ? ආ, මට අමතක උනා වැඩිම අපරාදකාරයො ප්‍රමානයක් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ කියලා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1016 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 427 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 135 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 400 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 715 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 268 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site