IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අලුත් ඇමැති වැඩ පටන් ගන්න කලින් සෞඛ්‍ය ලොක්කා පිරිසක් සමග රට ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

නව සෞඛ්‍ය අමාත්‍යවරයා දිවුරුම්දී සතියක් යන්නට මත්තෙන් රාජකාරි වැඩ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී කණ්ඩායමක් සමඟ විදේශ සංචාරයකට ගොස් ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට කළ අපහාසයකට සමාන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මක්නිසාද යත් මෙම වසරේ මුල් මාස 6 තුළ විදෙස් සංචාර 7 කට සහභාගී වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ වෘත්තීය සමිති කළ පැමිණිලි මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ විදේශ සංචාර නවතා දමන ලෙස උපදෙස් ලබා දී තිබූ බවත් අමාත්‍ය ධුරය වෙනස් වූ සැණින් නැවතත් ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී පිරිසක් සමඟ රාජකාරි කටයුතු සඳහා විදෙස් සංචාරයකට ගොස් ඇති බවත් ආරංචි මාර්ග පැවසුවේය.

එය නව අමාත්‍යවරයාට සිදු කළ අපහාසයක් බඳු යැයි ආරංචි මාර්ග ප්‍රකශ්ග කළේය.

රාජකාරි කටයුතු සඳහා විදේශ ගත වීම අත්‍යාවශ්‍ය නම් එම නිලධාරියා පමණක් ඒ සඳහා සහභාගී නොවී පිරිසක් රැගෙන යන්නේ මන්දැයි ආරංචි මාර්ග ප්‍රශ්න කළේය.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද රැසක් මතුව තිබෙන මොහොතක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ශ්‍රී ලංකාවේ සිට රාජකාරි කටයුතු කිරීමට නොහැකි මන්දැයි නොතේරෙන බව ආරංචි මාර්ග පැවසුවේය.

නවීන තාක්ෂණයත් සමඟ එසේ කිරීම අපහසු නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.එමනිසා ඖෂධ හිඟය අවසන් කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද විසඳන තෙක් සියලුම නිලධාරීන්ගේ විදේශ සංචාර නවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ආරංචි මාර්ග පැවසුවේය.

 



අදහස් (5)

අලුත් ඇමැති වැඩ පටන් ගන්න කලින් සෞඛ්‍ය ලොක්කා පිරිසක් සමග රට ගිහින්

පුරවැසියෙක්.... Sunday, 29 October 2023 05:47 PM

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙය අනවශ්‍ය සංචාරක නම් වියදම් වූ ජනතාවගේ මුදල්, එම අයගෙන් අයකර ගැනීමට නව අමාත්‍යවරයාගේ වගකීමක් නොවේද?

:       1       25

MONARAGALA Sunday, 29 October 2023 06:25 PM

ඕවා 1900 ගණන් වලත් වුණානේ 2100 ගණන් වලත් වෙනවනේ... ඇයි කතා කරන්නේ ඕවා ගැන..?

:       4       9

කොන්දොස්තර Sunday, 29 October 2023 06:41 PM

ඇමැතිවරයා අනුමත නොකර ගියේ කාගේ බලයක් ලබාගෙනද බලන්න...? පුද්ගලික මුදලින් ගියත් නිවාඩු අනුමත කරන්න ඕනෑ. එහෙම තියෙද්දී රජයේ මුදල්වලින් රට සවාරියේ ගියේ කොහොමද සොයන්න ඕනෑ වරදක් කර ඇත්නම් උපරිම දඬුවම් දියයුතුයි. මෙහිදී රජයේ සම්පත් අයුතු පරිහරණය කළාද බලන්න ඕනෑ...?

:       1       26

CK.Lankaputhra Sunday, 29 October 2023 07:34 PM

අමාත්‍ය වරයාට අවශ්‍ය නම් හෝ පිටරට යෑම අනවශ්‍ය ක්‍රියාවක් නම් සියලුම දෙනා වහාම ආපසු කැඳවීමේ බලය එතුමාට තියනවා... අය ඒ ගැන කෙකර ගාන්න දෙයක් නෑ...

:       1       20

Bamunuarachchi Sunday, 29 October 2023 09:17 PM

යන යකා කොරහා බිඳ ගෙනම යන්නම් කියලා හිතන්න ඇති. ලොකුම ලොක්කන්ට පිට රට යන්න ඇමතිගෙන් අවසර ගන්න ඕනේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 105 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 403 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 981 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 290 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 633 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 172 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39705 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25818 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 19 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1238 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site