IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අලුත් තත්ත්වය ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා

(අංජුල මහික වීරරත්න)

ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ දී අද පැවසීය.

මෙවන විට භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර එම තීන්දු ලංකාවේ අපනයන වලටද යම් අහිතකර තත්ත්වයක් ඇතිවන බව ජනාධිපතිවරයා කීය.

එය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ ගනිමින් සිටින අතර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.

අර්බුදය විසඳා ගැනීමට මෙන්ම ඊට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් සිටින බව කී ජනාධිපතිවරයා ලංකා ආර්ථිකය යළි අර්බුදයට ලක් නොවන අයුරින් හැසිරවීමට සැලසුම් සකස් කරන බව ද කීය.
මෙය  අපේක්ෂා නොකළ තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් ලංකා ආර්ථිකය ඉතා හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා උද්ගතව ඇති ප්‍රශ්නයට  මුහුණ දිය යුතු වන්නේ පක්ෂ හැටියට නොව ජාතියක් හැටියට බවද කීය.

මේ වසරේදී සපුරා ගත යුතු යම් ඉලක්කයන් මූල්‍ය අරමුදල විසින්  ලබා දී තිබෙන්නේ යැයිද ඇතිවී තිබෙන අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ සාකච්ඡා ඇරඹීම වෙනුවෙන් අප උපරිම කැප කිරීම් කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (7)පැවැති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (5)

අලුත් තත්ත්වය ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා

Gavin Monday, 07 April 2025 11:06 PM

සකාච්ඡා කරාට කමක් නෑ. තියෙන ණය ප්‍රමාණය කීයද කියලා කියන්න එපා කියලා, ඉස්සර හිටපු පාර්ලිමේන්තු ඇමති කෙනෙක් අපට කිව්වා. "ඕක නයක්ද කියලත් එයා කිව්වා . ඔයා එයාව අඳුරනවද?

:       3       5

ගුණරත්න Tuesday, 08 April 2025 07:48 AM

බොහොම දුරාතීතයේ මෙතුමන්ලා මහජනයා ගැන සෑහෙන උනන්දුවෙන් කම්පාවෙන් හිටියේ, ඒ කාලේ පඬුකරඳ ගසක් ගැන සෑහෙන කතා වුනා, මුළු රටම විරෝධය පෑවා ආණ්ඩුවට, ඒ කාලෙත් මාලිමාවුන්ගේ ප්‍රධාන කතාවක් වුනේ ඒක දැන් ලංකාවේත් දුර්ලබ ලෝකයේ කොහෙවත්ම නැති ශාකයක මල් කපල තට්ටයෙක්ට පූජා කරා මේ ජනාධිපතියා, එක බල්ලෙක් කටක් ඇරියේ නැහැ, මේ පත්තරේවත් ඒ ප්‍රවෘත්තිය දැම්මේ නැහැ. අන්න කාලය මැවූ වෙනසක තරම, පුනරුදේ කියන්නේ මේවට වෙන්න ඇති.

:       4       3

යෝගා Tuesday, 08 April 2025 09:11 AM

මාස හයක් යන්නත් ඉස්සෙල්ලා සිංහනාද බලු කෙඳිරිලි වෙලානේ.

:       4       8

Susil Tuesday, 08 April 2025 09:36 AM

යෝගා, මහානාම කලින්ම අඳුනා ගත්තා සිහිනයක් නෙමෙයි කියලා

:       2       1

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 10:44 AM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතන ඉස්සර ඇඹරුන දණ ගහන දීන නායකයෙක් නොවී රට වෙනුවෙන් පෙනී ඉන්න හැකි එඩිතර නායකත්වක් රටට ලැබිලා තියෙනවා. ඒක රටේ වාසනාව !

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 35 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 44 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 122 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 350 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 402 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 443 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site