IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත

(රංජන් කස්තුරි)

මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ  අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21)  සිට පියවර ගත්තේය.

 නව විදේශ ගමන්  බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.

තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.  

නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ  N අංකයන්ය.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතය.

ශ්‍රී දළදා  මාලිගාව යාපනය නල්ලූර් කෝවිල කොළඹ නෙළුම් කුළුණ ඓතිහාසික ගාල්ල  ලන්දේසි කොටු පවුර පොළොන්නරුව  ඓතිහාසික ස්ථාන රිටිපන්න ධීවර කර්මාන්තය ආරැක්කු නවයේ  පාලම  සීගිරිය තේ වගාව රබර් කිරි කැපීම හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූපවලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතය.

ආගමන  විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට නව විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොග ලැබී ඇති හෙයින් ඉදිරියේදී   ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය අවම විය හැකි බවය.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 

 



අදහස් (2)

අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත

k.A.shantha kumara Tuesday, 22 October 2024 11:33 AM

බොහොම හොද වැඩක්

:       0       1

fairoos Tuesday, 22 October 2024 12:01 PM

ඇයි පාට වෙනස් කලේ? ඉස්සර තීබූ පාට හරි ලස්සනයි

:       5       4

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ දේපල පාවිච්චි කරන විට ඉස්සර නරක පුරුදු එපා
2024 ඔක්තෝබර් මස 22 651 0

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේ


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 12 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
2024 ඔක්තෝබර් මස 22 1076 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ
2024 ඔක්තෝබර් මස 22 697 0

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය ම


’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ
2024 ඔක්තෝබර් මස 22 1719 1

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘
2024 ඔක්තෝබර් මස 22 171 0

’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site