IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අලුත් පරම්පරාවට අලුත් සංධානයක්

(ඩයනා උදයංගනී) 

රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින දේශපාලන සදාචාරයේ සහ සංස්කෘතියේ වෙනස ඉටුකර දීමට කැපවන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

ඉදිරියේදී නව විපක්ෂක්, පක්ෂයක් හෝ ආණ්ඩුවක් නිර්මාණයවීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

ඔහු මේ බව පැවසුවේ 43 සේනාංකය සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

රටට නව පිබිදීමක් හා නව දේශපාලන බලවේගයක් අවශ්‍ය බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු බව කී මන්ත්‍රීවරයා සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කර ඉදිරියට යාමට සූදානම් වන තරුණ පරපුරට පාවඩය වී එම වේදිකාව තනන්නට උදව් කළ යුතු බව කීවේය.

පාර්ලිමේන්තුවේ සියලු දෙනා හොරු නොවන බව කී රණවක මහතා  ආණ්ඩුවේ ඉදිරියෙන්ම වැදගත් දේශපාලනයක නියැලෙන අත්දැකීම් බහුල පිරිස් සිටින බවත්, ඔවුන්ද රටේ අනාගතය ගොඩනැගීම සඳහා එක් කරගත යුතු බවත් පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මැතිවරණ කොමිසම හමුවීම හොඳ ලකුණක් බව කී මන්ත්‍රීවරයා රාජපක්ෂ තනි පවුලේ ආධිපත්‍යයෙන් මිදී නිදහස්ව සිතන පිරිසක් එම පක්ෂය තුළින් බිහිවීම දේශපාලනයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුබ අඩිතාලමක් බව සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මහතා අත්දැකීම් බහුල අයකු බව කී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේත්, දෙමළ සන්ධානය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂවලත් සිටින හොඳ පිරිස එකතු කරගෙන  පවුල් වාදයට හා පාදඩ වාදෙට එරෙහි නව බලවේගයක් ගොඩනැගිය යුතු බව කීවේය. 

එය ස්වාධීන පක්ෂ දහයටත් ඒක විවෘත බව කී රණවක මහතා ගම්මන්පිල මහතා සමඟද තමන්ට පුද්ගලික ප්‍රශ්න නොමැති බව සඳහන් කළේය. 

 සජිත් ප්‍රේමදාස මහතාත් එම ක්‍රියාදාමයට එක්විය යුතු බව කී පාඨලී චම්පික මහතා  අලුත් තත්වයන්ට ගැලපෙන ආකාරයෙන් තමන් ඔහු ඇතුළු සියල්ලන්ගේත් රටේත්  ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවද පැවසීය.

 වර්තමානයේ ඇතිවී තිබෙන ආණ්ඩුව ගැන සතුටු විය නොහැකි බව කී රණවක මහතා වෘත්තීයවේදී පිරිසකට රටේ ආර්ථිකයේ තීරක මරමස්ථාන හැසිරවීමට ඉඩකඩ ලබාදිය යුතු බවද කීවේය. එසේ නොකර අර්බුදය පිළිබඳ විශ්වාසයක් මහජනයාට ගොඩනැගෙන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

අලුත් පරම්පරාවට අලුත් සංධානයක්

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 876 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1714 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 614 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1810 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 200 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1193 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site