(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයේ(22) නම් කරනු ලැබූහ.
මෙසේ නම් කෙරුණු සාමාජිකයන් අතර වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිසිවකුත් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මැතිවරණ කොමිසමට නම් කෙරුණු සාමාජිකයන් අතර හිටපු නීති කෙටුම්පත් සම්පාදකවරයකු, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු සහ හිටපු නිලධාරියකු ඇතුළත් වන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් සාමාජිකයන් පත් කෙරුණද මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීම කාලයක් තිස්සේ ප්‍රමාදවිය. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක
පවතින මැතිවරණ කොමිෂන් සභාව වෙනස් කිරීම සුදුසු නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ නායකයන් පිරිසක් දිගින් දිගටම විරෝධය දැක්වීම හේතුවෙන් ඊට සාමාජිකයන් පත් කිරීම මෙසේ ප්‍රමාද විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තෝරා ගැනුණු මෙම සාමාජිකයන් පස් දෙනාගේ නම් ජනාධිපතිවරයාට අද හෙටම යැවීමට කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් මැතිවරණ කොමිසම මෙන්න
සුරංගොඩ Friday, 23 June 2023 05:03 AM
සාමාජිකයන්ගෙ නම් සදහන් නැතුව කොමිසම මෙන්න කිව්වම මොකක්ද මොකක්ද වගෙයි නේද කොහොම වුනත් ඡන්ද හිමි නාමලේඛනයේ ගෘහ මූලිකයාගේ නම මුලින්ම සිටින ලෙසට සකස්කිරීමට ඔවුන්ට වත් හැකිවේවා
swene Friday, 23 June 2023 09:02 AM
තිබුණු කොමිසම නම් වැඩක්ම නැහැ. හැබැයි මුදල් ඇමැතියි ජනාධිපතියි හැටියට එකම පුද්ගලයෙක් නිසා ඔහුට ඕන දේවල් සහ සිමා, චක්‍රලේඛ හරහා එවමින්කොමිසමේ ස්වාධිනත්වය කෙළෙසනවා
Kazi Shajahan Friday, 23 June 2023 11:27 AM
ඔය කමිෂන් දාලා වැඩක් නැහැ .චන්දෙ තියන්නේ ජනපති ට ඕන දවසට .ඕකේ ඉන්න වෙන්නේ පඹයෝ වගේ .ජනතාවගේ සල්ලි කාබාසිනියා කරන්න එපා.අපිට දැන් කමිෂන් කිසිම විශ්වාසයක් නැහැ.