IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ

(හෙන්රි ලයනල්)

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාලයේ වෙන්කර ඇති ස්ථාන දෙක වසර පහක් ගතවනතුරුත් එම කටයුතු සඳහා බදු ක්‍රමයට හෝ කුලී පදනම මත ලබාදීමට දුම්රිය බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ගත වූ කාලයේදී රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් වී ඇතැයි වාර්තා වෙයි.

මේ බව වාර්තා වූයේ පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නපපෙරුම මහතා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් එහි නිරීක්ෂණ චාරිකාවේ යෙදුණු අවස්ථාවේදීය.

එහි ඉහළ මාලයේ වෙළෙඳ කටයුතු සඳහා වෙන්කර ඇති කොටසේ වර්ග ප්‍රමාණයවර්ග අඩි 2600 කි.පහත මාලයේ එම ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 4300 කි. ඒ අනුව වෙළෙඳ කටයුතු සඳහා වෙන්කර ඇති මුළු ඉඩ ප්‍රමාණය වර්ග අඩි හත්දහසකටආසන්නය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස සිටි අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් 2019 ජුනි 22 වැනිදා මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කර ඇත.

නිල නිවාස විස්සකින් සමන්විත මෙම ගොඩනැගිලි සමූහයේ රජයට ආදායමක් ලබාගත හැකි ව්‍යාපාරික ස්ථාන දෙක පිළිබඳව වසර පහකටත් වැඩි කාලයක් නිහඩ පිළිවෙතක් අනුගමනය කළ දුම්රිය ප්‍රධානීන් නිල නිවාස නිල උත්සවය අවසන් වී දින කීපයක් ඇතුළත අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි කියති.



අදහස් (2)

අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ

Lalla Thursday, 18 July 2024 10:24 AM

දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ රටේ සල්ලි ගිලින බහිරවයෙක් විතරයි. කොන්ද පන තියෙන ඇමතියෙක් ඉදීරිපත් වෙලා ඕක කලමණාකරනය පෞද්ගලික අංශයට දෙන්න. 50% නිකමුන් ගෙදර යවන්න පුලුවන්. ඔයිට වඩා විශිෂ්ට සේවාවක් එක්ක.

:       0       10

fairoos Thursday, 18 July 2024 03:47 PM

පොහොට්ටුවේ ආණ්ඩුව රටට කරපු එක හොඳ දෙයක් තියනවද ?කාලකන්නි රට කෑවා ?

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2764 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1989 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2858 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2881 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 653 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1296 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36032 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site