IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


අලින්ගේ රජදහනක් වූ කලා වැව් ඉස්මත්ත

(කාංචන කුමාර ආරියදාස)
 

කලා වැව සහ බළලූ වැව ඉස්මත්තේ රංචු හතරක වන අලි මේ දිනවල දිවා කාලයේ මෙන්ම සවස් කාලයේ ද සැරිසරමින් සිටිනු දක්නට ලැබේ.

කලාවැව නැරඹීමට පැමිණෙන පිරිසගේ අඩුවීම හේතුවෙන් කිසිදු බියකින් තොරව නිදැල්ලේ, තණ බුදිමින් සිටින අලි 200කට අධික පිරිසක් එහි රංචු ගැසී සිටිති.

මේ අලි රංචුවේ ඇත්තු ද වෙති. අනෙකුත් අලි, ඒ ඇතුන්ව ආරක්ෂා සහිතව රඳවාගනිමින් හැසිරෙති. බොහෝ අලින්ගේ සිරුරුවල වෙඩි සලකුණුය.

 



අදහස් (18)

අලින්ගේ රජදහනක් වූ කලා වැව් ඉස්මත්ත

Raveendra Thursday, 08 October 2020 07:00 AM

මෙම අලි සම්පත අපගේ අනාගත පරපුරටත් දැක ගැනුමට හැකිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

:       0       33

රාහුල Thursday, 08 October 2020 07:09 AM

ධාතුසේන මහරජතුමන්ට බුදුබවම ලැබේවා!!

:       0       29

පූජා Thursday, 08 October 2020 07:18 AM

කාලෙකට පසුව දුටු සුන්දර දසුනක්.. 3 වෙනි පින්තූරයේ ඉන්න කෙනා තනිවෙලා, දුකින් වාගේ ඉන්නේ ඇයිද දන්නේ නැහැ.. අනෙකුත් අය නිදැල්ලේ තණ බුදිමින්, නිදහසේ ඉන්න කොට මෙයා විතරක් තනිවී මොනවා කල්පනා කරනවා ඇද්ද?

:       0       29

RaveendraThursday, 08 October 2020 08:41 AM

හිටියත් තනියම ඔබමොබ ඇවිදිමින් වටපිට බලබලා... ඇස් දෙක විමසිල්ලෙන් "කෙනරක්" ඉන්නවද බලබලා... දෙපා සතා කුරුමානම ගන්නේ ද විමසිල්ලෙන් බලබලා... විදිනවා සොබාදහම සතුටින් සැකයෙන් බලබලා...

:       2       17

පූජාThursday, 08 October 2020 09:12 AM

Raveendra, ඔයාටත් ලස්සනට සමිත වාගේම කවි ලියන්න පුලුවන්නේ. අනේ කවිසිතුවිලි සිතට නැඟුණත් ඒවා ලියා ගන්නට බැරි හැටි..

:       0       9

RaveendraThursday, 08 October 2020 10:00 AM

අපගේ කවි සිතුවිලි පිළිබඳව ඔබගේ අදහස්වලට ස්තුතිවන්ත වෙන්නෙමු. ඇත්තෙන්ම අප කවි ලිවීම පිළිබඳව "ඉතාමත්ම ළදරු අවදියේ පසුවන්නෝය". අප රටේ සුන්දරත්වය මෙන්ම අප උපන් අපගේ ලක්මව පිළිබඳව අපට ඇත්තේ අසීමිත වූ ආදරයකි.

:       1       12

විජිත් Thursday, 08 October 2020 09:31 AM

පූජා, මිනිස්සුන්ට වගේම තමයි... මේ සද්දන්තයින්ටත් ඕනෑතරම් ප්‍රශ්න තියෙනවා. මේ නිජබිම් අහිමි වේගෙන යන සද්දන්ත කුලේ සතුන් වුණත් ඒ ගොල්ලන්ව අන්ත අසරණ කරලා. ලෝකයේ ඉන්න භයානකම සතා වන "මිනිසා" විසින්. මේ සතාගේත් ඉස්සරහ පාදයක තුවාලයක සලකුණක් තියෙනවා. වලිගය කොටද කියලා සැකයි. ඒ වගේමයි එයාගේ හොඬවැල අග ටිකක් අමුතුයි. සමහරවිට ඡායාරූපය ගන්නකොට එයා හිටපු ඉරියව්ව වෙන්නත් පුළුවනි. බිමට යොමාගෙන ඉන්න ඇස් දෙකෙන් කියලා නිමකරන්න බැරිතරම් දිග කතාන්දරයක් කියනවා. සමහරවිට මෙයාව රැලෙන් එළවලාද දන්නෙත් නැහැ. දැන් ඔහොම හිටියට මහා පෝරිසාදයෙක්ද දන්නෙත් නැහැ. කෙසේවෙතත්, හිතෙන හිතෙන විදිහට කැළෑ එළිකිරීමෙන් මේ අයට නිදහසේ ජීවත්වෙන්න තිබුණු ඉඩ හසර නැතිවීම නිසා අලිමිනිස් ගැටුම පටන් ගත්තෙත් මිනිසාමයි. අලි විතරක් නොවෙයි. දැන් රංචු වශයෙන් ජීවත්වන නරින්ගේ ප්‍රශ්නයත් ඇවිල්ලා. නිකම් නරි නොවෙයි පිස්සු නරි. පොඩ්ඩක් හිතන්න. අලින්ට පිස්සු හැදුණොත්..

:       0       16

පූජාThursday, 08 October 2020 02:02 PM

විජිත්, ඔයා මේ සද්දන්තයාව හොඳින් නිරීක්‍ෂණය කරලා තියෙනවා. එයාගේ නකුට කොට බව මාත් දුටුවා. හොඬවැලේ අග කිසියම් වෙනසක් තිබෙන බවත් දුටුවා. මෙයා ඉන්න දුක්ඛිත ඉරියව්ව දුටුවාම, මට සැනෙකින් මතකයට ආවේ ලෝකයක්ම කතා කළ "කාවන්" නම් තනිවු ඒ අසරණ සතායි. අලි, මිනිස් ගැටුමේ උපරිමයට පැමිණි මේ සතුන්ගේ අනාගතය කොහොම එකක් වෙයිද? මෙයා රැලෙන් තනිවෙලා ඉන්නවා නම් ඒ "තනිකම" දැනෙන්නේ තනිවූ කෙනෙකුට පමණයි. ඔයා කියන විදිහට "අලින්ට" පිස්සු හැදෙයිද?

:       0       8

පූජාThursday, 08 October 2020 02:35 PM

විජිත්, මෙයාගේ "වලිගය" කියලා නිවැරදි වෙන්න ඕනෑ. බලු නකුට කියලා කියනව මිසක් අලි නකුට කියලා කියන්නේ නැහැනේ නේද? නරි නම් ඉතින් මෙහෙත් ඉන්නවා. හැබැයි පිස්සු නරි නම් ඉන්නවා කියලා ආරංචියක් නැහැ. උන් එන්නේ රෑට විතරයි..

:       0       8

RaveendraThursday, 08 October 2020 06:17 PM

වලිගය කෙටි උනත් දිග වූනත් අපි සද්ධන්තයෝනේ.... එනමුත් අපි බයයි මිනිසත් බව ලැබූ මනුසතාට....

:       0       4

ලුම්බිණි Thursday, 08 October 2020 07:33 AM

ලස්සන දර්ශනයක්. ඒත් අද පවතින කැලැ විනාශ කිරීමේ වේගය තව අවුරුදු කීපයක් තිබුණොත් මේ විදියට තියා කොහොමවත් අලි දකින්න නැති වේවි...

:       0       20

ranjith abesekara Thursday, 08 October 2020 08:42 AM

අති උත්කර්ෂවත් දර්ශනයකි. ස්වභාව ධර්මයේ ලස්සන නිර්මාණයක්. නමුත් ඉතින් නපුරු මිනිස්සු කැලෑ කපලා ගෙවල් හදාගෙන මේ සතුන් නැතිකිරීමට කටයුතු කිරීම මේ භවයේදීම පටිසන් දේවි. කොරෝනාවත් ඉන් එකකි.

:       0       15

RaveendraThursday, 08 October 2020 09:06 AM

සහතික ඇත්ත...

:       0       6

sampath Thursday, 08 October 2020 10:57 AM

මම හිතන්නේ ඒ අලියා කල්පනා කරනවා ඇති මිනිස්සු නැතිවුණාම කොයිතරම් නිදහසේ ඉන්න පුළුවන්ද කියලා.

:       0       13

kapilaThursday, 08 October 2020 12:32 PM

ඔය ගම්වල ජීවත්වෙන උදවියට වගේ නොවෙයි, කොළඹ ඉන්න අපිට නම් ඔය අලින්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සති අන්තයට අපි සෆාරි ගිහින් අලි බලලා එනවා.

:       0       2

Sarath lankapriya Thursday, 08 October 2020 11:29 AM

මනුස්සයින් වෙච්ච අපිට වඩා අවුරුදු කෝටි ගාණකට කලින් ඔයාලා මහපොළවේ දරුවො වුනේ. අපි පස්සේ ඇවිත් ඔයාලව වහල්ලු කර ගත්තා විතරක් නෙවෙයි. ඔයාලගෙ නිජ බිම් අපි අයිති කර ගත්තා. අපි මිහිකතගේ දරුවො හැටියට ඔයාලට සමතැන දෙන්න තරම් බුද්ධිමත් වුනේ නැහැ. මේ විදිහට අපි මේ මහ පොළව තනිවම බදාගෙන ගහකොල සතා, සීපාවා විනාශ කරලා පොළවේ කාන්තාර හදාගෙන තනිවෙන දවස බොහෝම ළඟයි. අපිට සමාවෙයල්ලා දරුවනේ...

:       1       6

nandana Thursday, 08 October 2020 12:10 PM

මේ අලින්ට වනයේ අහාර වලින් හිඟයක් ඇති බවක් නොපෙනේ. එමෙන්ම පැටවුන්ගේ වර්ධනයක්ද දකින්නට තිබේ. මොවුන් බොහෝවිට හේන්වලට පැමිණෙන්නේ ඒවායේ වගාකර ඇති බෝග සහ කුඹුරුවල ඇති වී වලට රස වැටුණු විටයි. රටේ අලි පමණක් නොව මිනිසුන්ද ජීවත් විය යුතුයි. රටේ ඇති සියලු ගොවිබිම් වටා අලි වැට ඉදිකිරීම කළහැකි දෙයක් නොවේ. අලි පලවා හැරීමට වනජීවී නිලධාරීන් සෑම ජනාවාසයකම ස්ථානගත කිරීමද කළහැකි දෙයක් නොවේ. එබැවින්, ගම් වැද බෝග විනාශ කරමින්, ගම් වැසියන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.

:       11       4

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි Thursday, 08 October 2020 12:46 PM

සුන්දර පිංතූර ටිකක්..

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2127 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1376 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2195 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3109 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site