IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත්‍  අද (16)  කැඳවනු ලැබීය.

අයදුම්පත් කැඳවීමේ දැන්වීම  සහ  ඊට අදාළ අයදුම්පත්‍රය  පාර්ලිමේන්තු  වෙබ් අඩවිය මගින්ද  ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා තීරණය කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවට නව සාමාජිකයන් පත් කිරීම  දූෂණ විරෝධී පනතේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාදවිය.

පනතේ එම අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද(17) සංශෝධනයක් ගෙන ඒමට නියමිතය.

 

 



අදහස් (3)

අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි

අයි.ජි.එල්.ජයවීර - අම්බලන්ගොඩ Monday, 16 October 2023 03:53 PM

ඉතා දීර්ග කාලයක් තිස්සේ මහජන බදු මුදලින් නඩත්තු කරන මෙම කොමිෂන් සභාවෛන් නම් සමාජියට වැඩක් වෙනේනේ නැති බවයි මගේ හැගීම. අභියාචනාධිකරණය නියෝගයක් මත මා නැවත සේවයේ පිහිටුවූවත් වසර 13 ත් තිස්සේ මා කල පැමිණිලි 25 ක් පමණ තවමත් හමස් පෙටිටියේ.ඒවා සුලුපටු දේවල් නොවෙයි. මහා බරපතළ දූෂණයන්.ඒ නිසා මෛ් කොමිෂන් සභාව තව දුරටත් මහජන බදු මුදලින් නඩත්තු කිරීිම සත පහකට වැඩක් නැති වැඩක් කියලයි මම නම් කියන්නේ. මාව කැදවූව හොත් මම සියලු ලිපිලේඛණ සමග කරැණු ඉදිර්පත් කරන්නම්.ඒනිසා මේව නිකං සමාජය රවටන මෙන්ම දූෂිත යින් තව දුරටත් ආරක්ෂා කරන කොමිෂන් සභාවක් කියල මම නිර්භයම කියනව. ලංකාවේ කොමිෂන් සභාවලින් වැඩක් තියෙන එකම කොමිෂන් සභාව තොරතුරැ කොමිෂන් සභාව පමණයි. දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියල කියන්නෙත් දූෂිතයින්ගේ තෝතැන්නක්.ඒ අය මට විරැද්ධව පොලිස් පතිට පවා පැමිණිලි කරල තියෙනව.ඒ වුනාට මම ලැහැස්තියි ලිපිලේඛන සතිතවම ඒ අය අන්ත දූෂිතයින් බව ඔප්පු කරන්න. ඇයි මේ්ච්චර කියද්දිත් නිහඩව ඉන්නෙ. එන්නකො සංවාදයකට.

:       0       1

C.K.Lankaputhra Monday, 16 October 2023 05:05 PM

මේ කොමිසන් දේශපාලන කොමිසන් මිසක් වෙන අටමගලක් නොවෙයි. ඇති හැකි අය, බලය තියන අය අල්ලන්නේත් නැති දේශපාලුවන්ට අත තියන්නේ වත් නැති, දෝෂ සහිත චෝදනා පත්‍ර මගින් ඇතැම් චූදිතයින්ට උසාවියෙන් නිදහස ලබාදිය හැකි තෝරු, මෝරු හැර හාල්මැස්සන් කූනිස්සන් අල්ලන ආයතනයක් මිසක් තවත් මොකක්ද?

:       0       1

කරැණාතිලක - මීරිගම Monday, 16 October 2023 08:08 PM

ඔය ජයවීර මහත්තයා කරන්නේ ලොකු අභියෝගයක්නේ... මම මීට පෙරත් දැකලා තියෙනවා. එතුමා කොමිෂන් සභා ගැන බොහෝම අකැමැත්තෙන් කථා කරනවා. ඒ වගේම බය නැතිව අභියෝගත් කරනවා. ඇයි ඒ අභියෝග බාර ගන්න බැරි? එතුමා කියනවානේ එතුමා කියන දේවල ලිඛිත කරුණු මගින් ඔප්පු කරන්න ලැහැස්තියි කියලා. ඉතිං මේ කොමිෂන් වල මහත්තුරුන්ට ලැජ්ජා හිතෙන්න එපායැ. මේ තනි මිනිහෙක් කරන අභියෝගයට...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 54 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 208 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 97 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1788 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2972 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1417 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39803 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25858 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 391 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site