IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අල්ලස් කොමිසමෙන් ගත් අල්ලසක් ගැන විජයදාස හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනත අභියෝගයට ලක්කර  ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරිනියකට උසස්වීම් අල්ලසක්දී ඇතැයි  අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20)  පැවසීය.

අධිකරණයට යෑම සම්බන්ධයෙන් කෘතගුණ සැලකීමට මෙම අල්ලස ලබාදී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කොමිසමේ සෙසු නිලධාරීන් කලකිරීමට පත්ව සිටින බවද සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ  සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

කොමිසමේ අයගෙන් ඒ පිළිබඳව පැමිණිලි ලැබී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මම අවතක්සේරු කළේ නැහැ. කිසිදිනක එය කරන්නෙත් නැහැ. අල්ලස් කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පවරලා තියෙන්නේ විසි එක් වැනි සංශෝධනය. දූෂණ මර්දන පනතේ වරදක් සිදුවී ඇති බව පිළිගන්නවා. පරිවර්තනය කිරීමේ දී දෝෂයක් ඇතිවෙලා තිබෙනවා. මම මේක නිවැරදි කරන්න කැබිනට් පත්‍රිකාව පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒක අනුමත කළා. මම ගෙවල් වටලන්න කිව්වේ නැහැ.

අල්ලස් කොමිසම මේ රටේ දූෂණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. දූෂණය වළක්වන්න පාර්ලිමේන්තුවට බැහැ. ඒ කොමිසම හරියට වැඩ කළේ  නැති නිසා මිනිස්සු පළිගත්තේ  අපෙන්.  අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ එක්තරා නිලධාරිනියක් දූෂණ විරෝධී පනත අභියෝගයට ලක් කරලා උසාවියට ගියා. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය  එකට  තරහක් වෛරයක් නැහැ. මොකද  මේ රටේ ඕනෑම  පුරවැසියකුට එහෙම කරන්න අයිතිය තියෙනවා. අපි මේ ගැන කතා කළාම   දේශපාලනඥයෝ ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කරනවා කියලා කියනවා. ඔය කොමිසමේ අය  ව්‍යවස්ථා සභාවේ අයටත්  තර්ජනාත්මක ලිපි එව්වා.කොමිසමේ සාමාජිකයන් තිදෙනා ඔබතුමාලට එවපු ලිපිය තර්ජනාත්මක එකක්. ඒ අයට එහෙම කරන්න පුලුවන්ද. දැන් ඒ අය වැඩ බලන අය. ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාවට මම දොස් කියන්නේ නැහැ. මොකද ඒක හදන්න මුල් වුණු කෙනෙක් මම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන මගේ තිබෙන ගෞරවය වෙනසක් නෑ



අදහස් (1)

අල්ලස් කොමිසමෙන් ගත් අල්ලසක් ගැන විජයදාස හෙළි කරයි

සමන් Friday, 20 October 2023 06:45 PM

මට නම් මේ කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 678 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1374 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 805 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 275 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1291 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 891 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39783 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 81 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site