IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත  පුද්ගලයකුගෙන් (කසිප්පු මුදලාලිගෙන්) රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය සරච්චන්ද්‍ර සහ පොලිස් කොස්තාපල් සාලින්ද රාජගුරු නැමැති සැකකරුවන්ය.

නරම්මල ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරතවන්නේ යැයි කියන ඇල්බට් නමැති අයෙකුගෙන් රුපියල්  දස දහසක අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඇල්බට් යන අයගේ නිවස තුළදීම අත්අඩංගුවට ගත් බව  කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කසිප්පු ජාවාරම දිගටම කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දීමට හා අත්අඩංගුවට පත් කසිප්පු අඩු ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බවද කරුණු ඉදිරිපත් කෙරිණි.

විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ නාරම්වල ප්‍රදේශයේ අලුතින් බිහි වූ වෙනත් කසිප්පු කාරයකු පිළිබඳ තොරතුරු ලබාදීමට ගෙදරට කැඳවා එම තොරතුරු ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී මුදල් සාක්කුවට දමා ඇති බවත්,එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසීය.

සැකකරුවන් නාරම්වල පොලීසියේ මෙහෙයුම් රැසක් දියත් කර වැටලීම් කර පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් බවත්,මෙම කසිප්පු මුදලාලි එහි පලිය ගැනීමට තොරතුරු ලබා දෙන්න එන්න කියමින් මෙම මුදල් සාක්කුවට දමාඇති බවත් පැවසීය.මෙම නිලධාරීන්ගේ නීතියේ රෑනට කොටුවූ පුද්ගලයින්ගේ ඉරිසියාකාර වැඩක් බවද නීතිඥවරයා පැවසීය.

කරුණු ක සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන දෙවැනි දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 



අදහස් (1)

අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක හා කොස්තාපල් රිමාන්ඩ්

Anada Tuesday, 23 January 2024 12:22 PM

යුක්තිය පොලිසියෙන්ම පොලිසියට ?හොඳා නියමයි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 767 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1647 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2340 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6018 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4112 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site