(නිමන්ති රණසිංහ)
අල්ලස් හෝදුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව විමර්ශන අධ්‍යක්ෂවරයා වශයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග විතානගේ මහතා පත් කර ඇත.
එම කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය වශයෙන් මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ සුබ සාධක අංශයට මාරු කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් භාර නිලධාරිවරයා වශයෙන් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 10කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ නිලධාරියෙකු ද වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද කාලයේදී පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යන නිලයන්හි උසස් වීම් ලැබ දේශීය විදේශීය පුහුණු පාඨමාලාවන් හදාරමින් එම දෙපාර්තමේන්තුවේ ආන්දෝලනාත්මක විමර්ශන ගනනාවකටම දායකත්වය ලබාදී පොලිස්පති ප‍්‍රසංශාවට පත්වූ දක්ෂ නිලධාරියෙකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා විශේෂවේදී දෙවන පන්ති සාමාර්ථයක් ලද නුවන් අසංක මහතා ශ්‍රී ලංකා නිතී විද්‍යාලයෙන් දෙවන පංති සාමාර්ථයක් ලැබ ශ්‍රේෂ්ඨාධිකරණ නිතීඥයකු ද වශයෙන් වසර අටක සිට කටයුතු කරන නිලධාරියෙකි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්
අමිල Thursday, 17 June 2021 03:27 PM
අවංක නිලධාරියෙක්. සුබ පැතුම්.
GalaparaThursday, 17 June 2021 05:38 PM
අනේ මේ විහිලු කතා... ප්‍රකෝටි ගණන් මහජන මුදල් අල්ලස් හෝ දූෂණ ලෙස හොරාකාපු අය... ඔය පාර්ලිමේන්තුවේ කොච්චර නම් ඉන්නවද? ඔය අලුතෙන් පත්කරයි කියලා අල්ලයි... ග්‍රාමසේවක කෙනෙක් ප්‍රින්සිපල් කෙනෙක් පොලිස් නිලධාරියෙක් රුපියල් 5000ක් ගත්තයි කියලා... මේවා මහජනතාවට දැන් ඇතිවෙලා තියෙන්නේ...
Sri Lanka Thursday, 17 June 2021 04:17 PM
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ