(කාංචන කුමාර ආරියදාස)
මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව ග්‍රාම සේවා වසමට අයත් ගම්මාන රැසකට අලි කඩාවැදී, පොල් ගස් දහසකට අධික ප්‍රමාණයක් දින තුනක් ඇතුළත විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වසරකට සැරයක් වන අලින් කණ්ඩායමක් මෙම ප්‍රදේශයට කඩා වැදී මෙයාකාරයෙන් පොල්, කෙසෙල්, ඉඟුරු, එළවළු වර්ග විශාල ප්‍රමාණයක් විනාස කරන බව කියන ඔහු මේ වනතුරු කිසිදු බලධාරියෙකුගේ අවධානය ඊට යොමුවී නැතැයිද පෙන්වා දෙති. වෙළෙඳපොළේ වැඩි වටිනාකමක් ඇති කෝලිකුට්ටු ,පුවාලු ,ඇම්බන් ආදී කෙසෙල් වගාව අලි විනාශ කර ගොසිනි.
මෙම වන අලි කණ්ඩායම තම ප්‍රදේශයට කඩා වදින්නේ මොරගහ කන්ද රක්ෂිතයේ සිට බවද ඔවුහු සඳහන් කරති.
ගම්මිරිස්, කෝපි, බුලත්, ඉඟුරු ආදී වගාවන් රැසක් කරන ජනතාවක් මෙහි සිටින බවත් ගම්මිරිස් වලට මිල නොමැති නිසා බොහෝ ගොවීන් ගම්මිරිස් වගාව අතහැර වසර කිහිපයක සිටම පොල් වගාවට හුරු වී ඇති බවත් ඔවුහු කියාසිටිති.
පළමු වරට පල දරමින් ඇති මෙම පොල් වගාවේ ගොබ ඇද දමා විනාශ කර ඇති අයුරු ගොවීන් පෙන්වා දුන් අතර එක් ගොවියකුගේ පමණක් පිදීමට ආසන්නයේ පැවති පොල් අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක් එක රැයකින් විනාශ කර ඇති අයුරු ද ඔහු පෙන්වා දුන්නේය.
වසරකට වතාවක් මාසයක පමණ කාලයක් තම ගම්මානවල රැඳී සිටින මෙම වන අලි කණ්ඩායම විශාල පාඩුවක් සිදු කර ගම හැර යන බවද වෙනත් කාලවලදී වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරිවරයා ප්‍රදේශවාසීන් හා එක්ව එම වන අලින් පලවා හැර එම මාසයක කාලය තුළ ගම ආරක්ෂා කර ගන්නා බව පැරැන්නෝ කියති.
එහෙත් වර්තමානයේ මෙවැනි කිසිදු ක්‍රමවේදයක් ගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා දැඩි දුෂ්කරතා මධ්‍යයේ වගා කරන ලද දීර්ඝ කාලීන බෝග මෙයාකාරයෙන් විනාස කිරීම නිසා තමන්ගේ ආර්ථිකයට ද දැඩි හානි සිදුවන බව පල්ලෙපොල කිරිඔරුව ප්‍රදේශයේ ගොවීහු පෙන්වා දෙති.
රටටම බලපාන මෙම බරපතළ ආර්ථික හානිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට පොල්ගස්වලට යම්කිසි සාධාරණ වන්දි මුදලක් හෝ ලබා දෙන්නැයි ඔවුහු රජයට යෝජනා කරති.
ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැලිගම මානවියා ප්‍රදේශයේ දී අද සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සා
පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිත
ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආස
බෙලිඅත්තේ සිට කොළඔ කොටුව දක්වා පැමිණ යළි මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රිය වලකුඹුර සහ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථාන අතර අද (3) රාත්‍රි කාර්මිකදෝ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අලි කඩා වැදී පොල් ගස් 1000ක් වනසති