(රංජන් කස්තුරි)
මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21) සිට පියවර ගත්තේය.
නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.
තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.
නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන්ය.
තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතය.
ශ්‍රී දළදා මාලිගාව යාපනය නල්ලූර් කෝවිල කොළඹ නෙළුම් කුළුණ ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර පොළොන්නරුව ඓතිහාසික ස්ථාන රිටිපන්න ධීවර කර්මාන්තය ආරැක්කු නවයේ පාලම සීගිරිය තේ වගාව රබර් කිරි කැපීම හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූපවලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට නව විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොග ලැබී ඇති හෙයින් ඉදිරියේදී ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය අවම විය හැකි බවය.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට ’’ටටා බායි’’ කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හි
රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසුවා යැයි කියන කතාව ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදන
පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ස
තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ ත
දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන,
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත
k.A.shantha kumara Tuesday, 22 October 2024 11:33 AM
බොහොම හොද වැඩක්
fairoos Tuesday, 22 October 2024 12:01 PM
ඇයි පාට වෙනස් කලේ? ඉස්සර තීබූ පාට හරි ලස්සනයි
Chandrsiri Tuesday, 22 October 2024 04:13 PM
ඉලුක්පිටිය මහත්තයා අත්අඩංගුවට ගත්තේ ඕක නිසාද කියලා අහන්න වෙනවා?
D.G NISANSALA MADUSHANI Tuesday, 22 October 2024 07:49 PM
ගොඩක් ලස්සනයි අපේ රටේ ඉතිහාසය ලියවෙලා තියෙන, දේශීය අනන්‍යත්වය එකතු කරලා තියෙන නිසා ගොඩක් හොඳ වෙයි.
Theekshana Laknath Wednesday, 23 October 2024 12:53 AM
Passport එක අලුත් වුණාට වැඩක් නෑ. අපේ passport එකට ලෝකෙ තියෙන තැන අලුත් වෙලා... අපේ passport එකට ලෝකෙ තියෙන පිළිගැනීම වැඩිවෙන්න ඕනෑ. අන්න එතකොට passport එක කොල කෑල්ලක් වුණත් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් වේවි. මේ අලුත් වෙනසත් එක්ක ඒකත් එහෙම වේවි කියලා අපි බලන් ඉඳිමු...!