IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අවන්ති දේවිබාලිකා ළමා නිවාසයේ පාලිකාවට ඇප


 (උපාලි ආනන්ද)
 
අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි  එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව  දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස  අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා  අද (26) නියෝග කළේය.
 
ඒ අනුව සැකකාරියට රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් පදිංචි ප්‍රදේශයේ ග්‍රම නිලධාරිවරයාගේ සහතික සමග අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද,  සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාරියට තවදුරටත් නියෝග කළේය. එසේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යලි රිමාන්ඩ් බාරයට පත් කරන බවද විනිසුරු සමරසිංහ මහතා තරයේ දැන්වීය.
 
සතියේ සෑම ඉරිදා දිනයකම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා කරන ලෙසටද සැකකරියට නියේග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන සදහා පොලිසියට සහය දක්වන ලෙසටත්, මාර්තු මස 9 වන  දින යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත්   නියෝග කළේය. සැකකාරිය විසින් කෲරත්වයට පත් කර ඇති බව කියන දැරියන් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිදු කළ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තා සහ මෙම සිද්ධිය පිළිබදව සිකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටද  තවදුරටත් නියෝග කළේය.

මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරියේ  අනුරාධපුර අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව වන අමරා වීරසිංහ නැමැති 52 හැවිරිදි කාන්තාවකි. සැකකාර ළමා නිවාස පාලිකාවට එරෙහිව වෙන් වෙන් වශයෙන් බී වාර්තා 11 ක් පොලිසිය අධිකරණයට ගොනු කර තිබී  අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මුල් බී වාර්තාව මගින් අධිකරණයට සිටියේ අනුරාධපුර  අවන්තිදේවි බාලිකා  ළමා නිවාසයේ දැරියන් පිරිසක්   එහි පාලිකාව විසින් කෲරත්වයට පත් කර ඇති බව පොලිසිය සිදු කල මූලික  විමර්ශනයේදී අනාවරණ වූ බවයි.
 
දැරියන් 50දෙදෙනකුගෙන් ඒ පිළිබදව ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද සදහන් කළ පොලිසිය ඉන් දැරියන් 11 දෙනෙකු ලබාදී ඇති ප්‍රකාශවලට අනුව  සැකකාර පාලිකාව  දැරියන්  කෲරත්වයට පත් කර ඇති බව තහවුරු වන්නේ යැයියද කීය.  පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති යන මහත්මීන්ගේ  උපදෙස් මත උප පොලිස් පරික්ෂක අලහකෝන් සහ සැරයන් (28163) දයානන්ද යන මහත්වරුන්  පෙනී සිටියහ. සැකකාරිය වෙනුවෙන් නීතිඥවරුන් වන කාලිංග රවින්ද්‍ර සහ ඉදුනිල් හෙට්ටිආරච්චි සහ මදාරා විජේසිංහ  යන මහත්ම මහත්මීහු  පෙනී සිටියහ. 



අදහස් (1)

අවන්ති දේවිබාලිකා ළමා නිවාසයේ පාලිකාවට ඇප

athula Tuesday, 26 January 2021 08:53 AM

අැප දිිලා හරියනවද..? නැතිනම් අායුධ පෙන්වන්න එක්කගෙන යන්න..

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 363 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 500 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 2258 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 596 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 715 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 1068 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 447 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1399 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site