IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අවනීතිය පන්නන්න ගෙවියෝ නීතිය අතට ගනිති

(නිමල් ජයරත්න)

පොලොන්නරුව 503 කලාපයට අයත් මාදුරු ඔයෙ ප්‍රදේශයේ අලිවැට සහ වාරිමාර්ග පද්ධතියට හානි වන ආයුරින් වැලි ගොඩ දැමූ බව කියන   පිරිසකට හා ට්‍රැක්ටර් හිමිකරුවන්ට පලවා හැරිමට,කලාපයේ ගොවි සංවිධාන පහක නියෝජිතයෝ සහ ගොවීහු පිරිසක් අද දහවල් කටයුතු කළහ.

අරලගංවිල 503 කලාපයේ ගොවි පවුල් 1100,ක් ප්‍රදේශයේ අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් යළ මහ දෙකන්නයේ වී වගා කරන අතර මෙම වැලි ගොඩ දැමීම නිසා අලි වැටට මෙන්ම,වාරිමාර්ග පද්ධතියට දැඩි හානි සිදුවී ඇතැයි ඔවුහු චෝදනා කරති.   ඉදිරියේදී ඇතිවන වර්ෂවලදී මාදුරුඔය පිටාර ගැලුවහොත් තම කුඹුරු බිම් ද විශාල වශයෙන් විනාශ වන බව ද එම් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

වැලි ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ග දෙකට ලී කොට හිටුවා කම්බා ගැසීමට ගොවියෝ කටයුතු කළහ.  

මාදුරුඔයේ වැලි ගොඩ දැමීම සඳහා භූ විද්‍ය හා පතල් කැනීම් කාර්යාංශයෙන් හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ලබාදී ඇත්තේ පොළොන්නරුවේ ඇතැම් ප්‍රාදේශීය සභා දේශපාලකයන්ටත්,රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවත් මෙම තත්වය යටතේ ප්‍රදේශ ගොවි ජනතාවටත්,පොදු  කටයුත්තකට වැලි ටිකක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

අලි වැට හරහා වැලි ප්‍රවාහනය කිරීමට සකසා ගත් මාර්ග දෙක වසා දැමීමත් සමග ගොවි සංවිධාන නියෝජිතයන් සහ වැලි ගොඩදමන කම්කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.

තමන් වැලිගොඩ දමන්නේ දිස්ත්‍රික්කේ සමහරක් ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ඇතම් රාජ්‍ය නිලධාරීන් යටතේ බවත් එම නිසා තමන්ට වැලි ගොඩ දැමීමට මෙහි අවසර ලබාදෙන බවද එම කම්කරුවෝ කියා සිටියහ.



අදහස් (1)

අවනීතිය පන්නන්න ගෙවියෝ නීතිය අතට ගනිති

fairoos Tuesday, 05 October 2021 05:19 PM

ජනතා පොලිසිය.. එක රටක්.. එක නීතියක්... සර්ගේ කයිය විතරයි.. වැඩ නෑ..

:       1       16

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2702 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 655 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1307 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6614 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 912 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5560 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site